ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ජර්මන් සංචාරය පිළිබඳව පිවිතුරු හෙළ උරුමය පක්‍ෂයේ නායක උදය ගම්මන්පිල මහතා සිදු කළ බව කියන අසත්‍ය ප්‍රකාශ සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.
ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කර තිබේ.
ජනාධිපතිවරයා ජර්මන් සංචාරයේදී එරට සිටින එල්. ටී. ටී. ඊ. නායකයන් හමුවී ඇති බවට උදය ගම්මන්පිල මහතා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර තිබිණි.
මේ සම්බන්ධයෙන් උදය ගම්මන්පිල මහතාගෙන් ළඟදීම ප්‍රශ්න කිරීමට නියමිත බවද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පැවසීය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජර්මනියේ සංචාරය කරනු ලැබුවේ එරට රජය විසින් කර තිබූ ආරාධනයක් මතය.
හේමන්ත රන්දුණු