රට තුළ මාස දෙකහමාරකට ප්‍රමාණවත් තෙල් තොග ගබඩා කරගෙන පවතින බව කැබිනට් ප්‍රකාශක හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය.
දැනට ගබඩා කර ඇති තෙල් තොගවලට අමතරව නව තෙල් තොග ඇණවුම් ලැබෙමින් පවතින බවත් මේ නිසා රටේ කිසිදු ඉන්ධන හිඟයක් නැති බවත් ඇමැතිවරයා අවධාරණය කළේය.
මැදපෙරදිග යුද වාතාවරණය නිසා රටේ තෙල් හිඟයක් ඇතිවන බවට පැතිර යන සමාජ මාධ්‍ය පුවත් ගැන අදහස් දක්වමින් ඇමැතිවරයා මේ බව කීවේය.
මේ නිසා තෙල් හිඟයක් ගැන කලබලයට පත්වී පෝලීම් ගැසෙමින් තෙල් රැස්කර ගැනීමේ කිසිදු අවශ්‍යතාවක් නැති බව ද තව සති දෙකකින් බොරතෙල් මෙටි්‍රක් ටොන් 90,000ක් ලැබීමට නියමිත බව ද ඇමැතිවරයා තවදුරටත් කීවේය.
ශ්‍යාම් නුවන් ගනේවත්ත