බෞද්ධ – හින්දු ප්‍රශ්නය ඇති කළේ අනගාරික ධර්මපාලතුමා බව කියයි
ඉන්දියාවේ බුද්ධගයා පුදබිමේ අයිතිය සම්බන්ධව බෞද්ධ – හින්දු ප්‍රශ්නය ඇති කළේ අනගාරික ධර්මපාලතුමා බව දැඩි හින්දු ජාතිකවාදී ඉන්දීය පුවත් අඩවියක් කියා සිටියි.
මේ සම්බන්ධව විනාඩි හයක වාර්තාවක් ද ධචෂබාස් යූටියුබ් නාලිකාවේ විකාශය කර තිබේ. රිතිකා චන්දොලා නම් මාධ්‍යවේදිනිය විසින් එය ඉදිරිපත් කර ඇත. මෙහි අනගාරික ධර්මපාලතුමාගේ පියා එච්. දොන් කරෝලිස් හේවාවිතාරණ මහතා ක්‍රිස්තියානි පුද්ගලයකු ලෙසට වැරදි තොරතුරු ද අඩංගුව තිබේ. මෙම වාර්තාව කෙලින්ම අනගාරික ධර්මපාලතුමාට නිග්‍රහ කිරීමට සැකසී තිබේ. හින්දි භාෂාවෙන් මෙම යූටියුබ් වාර්තාව ඉදිරිපත් කර තිබේ.
මෙම වාර්තාව කෙටියෙන් මෙවැනි අදහසක් කියයි.
බුද්ධගයා හි මහාබෝධි විහාරය පිහිටා ඇත්තේ හින්දු භක්තිකයන් සියවස් ගණනාවක් තිස්සේ ශිව ලිංගයක් වන්දනාමාන කළ පූජනීය භූමියක වන අතර, සිද්ධාර්ථ ගෞතම බුද්ධත්වයට පත් වී බුදුන් බවට පත් වූයේ එම භූමියම වේ. 1949 බුද්ධගයා විහාර පනත බලාත්මක කිරීමෙන් පසුව, පාලනය සහ අනන්‍යතාවය පිළිබඳ විවාද නැවත මතු වී තිබේ. නැවතත් බෞද්ධ කණ්ඩායම් හින්දුන් මෙහි පාලක මණ්ඩලයෙන් ඉවත් කරන ලෙස ඉල්ලා සිටිති. මේ බෙදීම ආරම්භ කළේ අනගාරික ධර්මපාල විසිනි.
චතුර පමුණුව