මෙම දිනවල ඇදහැලෙන අධික වැසි සමග ජලාශ ආශ්‍රිතව ඇති ජලවිදුලි බාලාගාර උපරිම ධාරිතාවයෙන් ක්‍රියාත්මක වන බව ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු ධම්මික විමලරත්න මහතා “දිවයින”ට ඊයේ (17 දා) පැවැසීය.
මෙතුළින් ජලවිදුලි නිෂ්පාදනය ද වැඩි වී ඇති බවත්, ජනතාවගේ විදුලි බිලට වාසියක් අත්වන බවත් ඒ මහතා කියා සිටියේය.
මෙගා වොට් 1400ක උපරිම ධාරිතාවයෙන් ජලවිදුලි බලාගාර ක්‍රියාත්මක වන බව ද ඒ මහතා කියා සිටියේය.
එම රැස්වී ඇති ජලය ද අරපිරිමැස්මෙන් ජලවිදුලිය නිෂ්පාදනය සඳහා භාවිතා කරන බවත් ඒවායේ සේවය කරන නිලධාරීන් ද උපරිමයෙන් කැපවීමෙන් සිය සේවය ඉටුකරන බවත් හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා