Thursday, 17 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: විස්තීරණ ණය පහසුකම් වැඩසටහන අයිඑම්එෆ් අවසාන වැඩසටහන කරගැනීම අපේ අදිටනයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Thursday, 17 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: විස්තීරණ ණය පහසුකම් වැඩසටහන අයිඑම්එෆ් අවසාන වැඩසටහන කරගැනීම අපේ අදිටනයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
Ad imageAd image
ප්‍රධාන පුවත්

විස්තීරණ ණය පහසුකම් වැඩසටහන අයිඑම්එෆ් අවසාන වැඩසටහන කරගැනීම අපේ අදිටනයි

June 17, 2025
264 Views

ජනපති අනුර කුමාර දිසානායක අයි.එම්.එෆ්. විස්තීර්ණ ණය පහසුකම් ප්‍රගති සමාලෝචන රැස්වීමේදී කියයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය ගීතා ගෝපිනාත් මහත්මිය ජනපති අනුර කුමාර දිසානායක මහතා හමුවී….

ශ්‍රී ලංකාව මේ වන විට අනුගතව ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් අවසාන වැඩසටහන බවට පත් කරගැනීමේ අපේක්ෂාව ඇති බවත් එය අපේ අදිටන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

වසර 2028 වන විට රට විසින් ගෙවිය යුතු විදේශ ණය ස්වශක්තියෙන් ගෙවීමට හැකි වන ආර්ථික වර්ධනයක් සහ ස්ථාවරත්වයක් රට තුළ නිර්මාණය කරන බවද ජනාධිපතිවරයා කීවේය.

ආර්ථික බිඳ වැටීමක් තුළ රාජ්‍යයක ස්වාධිපත්‍ය හා ස්වෛරීත්වය රඳා නොපවතින බව පෙන්වා දුන් ජනාධිපතිවරයා අවසන් ප්‍රතිඵලය විය යුත්තේ ජාතියක් ලෙස ස්වාධිපත්‍යය සහ ස්වෛරීභාවය අත්පත් කරගැනීම බවද අවධාරණය කළේය. ඒ වෙනුවෙන් ඉතා වෙහෙසකර සහ අත්නොහරින ව්‍යායාමයක තමා ප්‍රමුඛ රජය නිරතව සිටින අතර රාජ්‍ය නිලධාරීන් සහ පුරවැසියන් ලෙස සියලු දෙනාගේ සහායද ඊට අපේක්ෂා කරන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ “ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසාධනය:ණය සහ පාලනය” (Srμ Lankazs Road to Reco¶ery( Debt and Go¶ernance) මැයෙන් ඊයේ (16) දින පෙරවරුවේ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ පැවති සම්මන්ත්‍රණයේ ප්‍රධාන දේශනය සිදු කරමිනි. මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිදු කළ සම්පූර්ණ කතාව මෙසේය.

අද අප රටක් ලෙස ආර්ථික වශයෙන් ස්ථාවරත්වයක් අත්පත් කර ගෙන සිටිනවා. අපිට ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන් කිරීමට හැකියාව ලැබී තිබෙන අතර සැලකිය යුතු කාලයක් ඩොලරය ස්ථාවරව පවත්වාගෙන යාමට හැකි වී තිබෙනවා. ඒ වගේම අපි අපේක්ෂා කරන රාජ්‍ය ආදායම උපයා

ගැනීමටත්, අපේක්ෂා කරන විදෙස් සංචිත ගොඩනගා ගැනීමටත් හැකියාව ලැබී තිබෙනවා. මේ අයුරින් මතුපිට තලයේ ආර්ථික සාධකවල අපි ඉතා ශක්තිමත් ස්ථාවරත්වයක් පෙන්නුම් කරනවා. එහෙත් අර්බුදයේ ගැඹුරු තුවාල තවමත් සුව වී නැහැ. අර්බුදය තවමත් අභ්‍යන්තරව අවසන් වී නොමැති බව අපි තේරුම්ගත යුතුයි.

අපේ රටේ ආර්ථික ස්ථාවරත්වය නිර්මාණය කිරීම සහ මෙම අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ශක්තිමත් රාජ්‍ය සේවයක් අවශ්‍යයි. එහෙත් එම රාජ්‍ය සේවය වෙනුවෙන් අපි දරන පිරිවැය විශාලයි. අපි නොදැරිය යුතු පිරිවැයක් අද අපි දරමින් සිටිනවා. ඒ නිසා ශක්තිමත් රාජ්‍ය සේවයක් ගොඩනගන අතරම පුරවැසියන්ට අවම පිරිවැයකින් එම සේවාව ලබාදීම අපේ අපේක්ෂාවයි. එහිදී අපි දැනටමත් තීරණය කර තිබෙනවා ඇතැම් රාජ්‍ය ආයතන වසා දැමිය යුතුයි කියලා. එම රාජ්‍ය ආයතන ගොඩනැගුනේ එදා තිබූ සමාජ ආර්ථික තත්ත්වයට අවශ්‍ය වන පරිදියි. අද එම ආර්ථික සහ සමාජ තත්ත්වය වෙනස් වී තිබෙනවා. ඇතැම් ආයතනවල පැවැත්ම පවා අවලංගු වී තිබෙනවා. ඒ නිසා අපි එය කළ යුතුයි. ඒ වගේම එකම කාර්යය වෙනුවෙන් රාජ්‍ය ආයතන කිහිපයක් තිබෙනවා. අපි එම ආයතන ඒකාබද්ධ කළ යුතුයි.

අපේ රාජ්‍ය ආයතනවල විශේෂයෙන්ම ආර්ථිකයත් සමඟ සංවේදී ක්ෂේත්‍ර යම් ප්‍රමාණයක් රජය සතුව තබාගත යුතුයි කියා අපි විශ්වාස කරනවා. අපේ බලශක්ති වෙළෙඳ පොළ හා මූල්‍ය වෙළෙද පොළ ඉතා කුඩා වෙළඳ පොළක්. එනිසා අපේ රට වැනි රටක ඒකාධිකාරය නිර්මාණය වීමේ අනතුර තිබෙනවා. ඒකාධිකාරය නිර්මාණය වීමේ අනතුරට මුහුණ දීමට නම් ඇතැම් කේෂ්ත්‍රවල රජයේ පංගුවක් නියෝජනය කළ යුතුයි කියන ස්ථාවරයේ අප සිටිනවා. නමුත්, ඒ නියෝජනය කරන ආයතන කිසිසේත්ම මහජනතාවට බරක් නොවිය යුතුයි. විශේෂයෙන්ම විදුලිබල මණ්ඩලය, තෙල් සංස්ථාව වැනි ආයතන ආර්ථිකයත්, ජනතාවගේ දෛනික ජනජීවිතය සමඟත් ඉතා සමීපව ගැටගැසී තිබෙනවා. ඒ ආයතනවල යම් පාලනයක් රජය සතුව තිබිය යුතුයි කියන ස්ථාවරයේ අප සිටිනවා. එම ආයතන පවත්වාගෙන යෑම වෙනුවෙන් මහජනතාව වැය බරක් නොදැරිය යුතුයි. එනිසා නිෂ්පාදන පිරිවැයට අනුරූප වන පරිදි මිල ගැළපිය යුතුයි. විදුලි ඒකකයක් නිෂ්පාදනය කිරීමට යන පරිවැයට අනුව විදුලි ඒකකයක මිල තීරණය කළ යුතුයි. අප ඒ පදනම ආරක්ෂා කිරීමට බැඳී සිටිනවා. ඒ වගේම නිෂ්පාදන පිරිවැය අඩු කිරීම සඳහා අවශ්‍ය යාන්ත්‍රණ ශක්තිමත් කිරීමට අපි සූදානමින් සිටිනවා. පුරවැසියන් එම සේවාවන් ලැබිය යුතු වන්නේ ඒ සේවාව සඳහා පිරිවැය දැරීමෙනුයි. එහෙත්, සමහර අඩු ආදායම්ලාභී කණ්ඩායම් ඉන්න බව අපි දන්නවා. ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කර, එහි ප්‍රතිඵල ජනතාවට ගලා එන තෙක් එම ජනතාවට ඉවසාගෙන සිටින ලෙස කීමට අපට අයිතියක් නැහැ. එහි ප්‍රතිඵල ජනතාවට ගලා එන තෙක් එම ජනතාව අපි බලාගත යුතුයි. එය යුක්තිගරුක රාජ්‍යයක වගකීමක්. ඕනෑම අවස්ථාවක සමාජයේ ආර්ථික ක්‍රියාදාමයත් සමඟ සම්බන්ධ නොවන ප්‍රජාවක් සිටිනවා. වැඩිහිටි ප්‍රජාවන් වෙන්න පුළුවන්, ආබාධිත ප්‍රජාවන් වෙන්න පුළුවන්, තමන් හැදී වැඩෙන පරිසරය අනුව තමන්ට ආර්ථිකයට සම්බන්ධ වීමට නොහැකි වෙන්න පුළුවන්. මේ ආදී සාධක විසින් ආර්ථිකයට සක්‍රීයව සම්බන්ධ නොවෙන, සම්බන්ධ කරගත නොහැකි ප්‍රජාවක් නිරතුරුව සිටිනවා.

එහෙත් අපට ආයෝජනයන් කැඳවා ගැනීම වෙනුවෙන් එය ප්‍රමාණවත්ද? ආයෝජනයන් සඳහා යම් දිරිගැන්වීම් ලබාදිය යුතු බව මා විශ්වාස කරනවා. මේ ඇති වී තිබෙන තත්ත්වය හමුවේ ආයෝජනයන්ට ආකර්ෂණීය පරිසරයක් නිර්මාණය කිරීම ඉලක්ක කර ගනිමින් සහ දිරි ගැන්වීමක් ලෙස යම් සහනයක් ලබාදීම කෙරෙහි අවධානය යොමු කළ යුතුයි යන ස්ථාවරයක අපි සිටිනවා. ඒ පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ අපි සාකච්ඡා කරමින් සිටිනවා. ඒ වගේම අපි අපේ රටේ ජාතික ආර්ථිකයට සහ ජාතික නිෂ්පාදනයට යළි පණ දෙන්නේ කොහොමද? කියන ප්‍රශ්නය තිබෙනවා. පසුගිය ආර්ථික බිඳවැටීම හේතුවෙන් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් විශාල ප්‍රමාණයක් බිඳ වැටීමකට ලක් වුණා. ඉන් වැඩි ප්‍රමාණයක් ඔවුන්ගේ කළමනාකරණ දෝෂ හෝ ඔවුන්ගේ ව්‍යාපාරික දෝෂ නිසා නොව, පොදු ආර්ථිකය බිඳ වැටීමේ ප්‍රතිවිපාක භුක්ති වින්ඳා. එසේ නම් යළි ඔවුන් නඟා සිටුවීම සඳහා යම් සහනයන් අප ලබාදිය යුතුයි. මේ තිබෙන තත්ත්වයෙන් තවත් ඉදිරි පියවරක් ගැනීමට නම් මේ ක්ෂේත්‍ර කෙරෙහි අප අවධානය යොමු කළ යුතුයි.

තෙවනුව අපේ රටේ ආර්ථික වර්ධනය මෙන්ම ආර්ථිකයේ ප්‍රසාරණය වැදගත් වෙනවා. ග්‍රාමීය ජනතාව ආර්ථිකයෙන් විතැන් කරන ලද ආර්ථිකයෙන් පිටමං කරන ලද මිනිස් දූවිලි බවට පත් වී තිබෙනවා. අපට අගනගරයේ ආර්ථික වර්ධනයන් පිළිබඳ දත්ත ගැන ගොඩක් කතා කළ හැකියි. නමුත් දත්තවලින් පිළිඹිබු නොවන කරුණක් තිබෙනවා. ආර්ථික වර්ධනයේ සාධක ජනතාවට යහපත් ප්‍රතිඵල ගෙන දෙන්න නම් ආර්ථිකයේ ප්‍රසාරණය අත්‍යවශ්‍යයි. ඒ නිසා අපි ආර්ථිකය ප්‍රසාරණය කිරීම සඳහා ඈත ගම්වල පුරවැසියන් ආර්ථිකයේ කොටස්කරුවන් බවට පත් කිරීම සඳහා අවශ්‍ය වන සැලසුම් හා ක්‍රියාමාර්ග දියත් කළ යුතු බව මම විශ්වාස කරනවා. ඒ නිසා අද ආර්ථිකයේ ඇති වී තිබෙන සමනය ස්ථාවරභාවයට පත් කරගැනීමටත් මෙම තත්ත්වය තවත් ශක්තිමත් තත්ත්වයකට පත් කරගැනීමටත් විශාල කාර්යයක් අප වෙත පැවරී ඇති බව අපි විශ්වාස කරනවා.

මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබා දුන් සහායත් එමෙන්ම එහිදී යම් අගතියකට පත් වූවා නම් අපේ පුරවැසියන්ගේ දරාගැනීමත් පිළිබඳව බෙහෙවින් ස්තුතිවන්ත විය යුතුයි. මා මීට පෙරද ප්‍රකාශ කර ඇති පරිදි අපේ අදිටන මෙය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමඟ විස්තීරණ ණය වැඩසටහනට පැමිණි අවසන් වැඩසටහන බවට පත් කරගැනීමයි. ඒ පිළිබඳ අපේක්ෂාවක් අපට තිබෙනවා. වසර 2028 වන විට අප ගෙවිය යුතු ණය ස්වශක්තියෙන් ගෙවීමට අවශ්‍ය වන ආර්ථික වර්ධනයක් සහ ආර්ථික ස්ථාවරභාවයක් නිර්මාණය කිරීමේ අපේක්ෂාවක් අපට තිබෙනවා.

ආර්ථිකය බිඳ වැටුණ තැනක රාජ්‍යයක ස්වාධිපත්‍ය රඳා පවතින්නේ නැහැ. ආර්ථිකය බිඳ වැටුණ තැනක රාජ්‍යයක ස්වෛරීත්වය රඳා පවතින්නේ නැහැ. අපි කැමති වුවත් අකමැති වුවත් අපට ස්වාධිපත්‍යය සහ ස්වෛරීභාවය අහිමි වී තිබෙනවා. ඒ නිසා මෙහි අවසන් ප්‍රතිඵලය බවට පත් විය යුතු වන්නේ ජාතියක් ලෙස අපි ස්වාධිපත්‍ය සහ ස්වෛරීභාවය අත්පත් කරගැනීමයි. ඒ වෙනුවෙන් වෙහෙසකර ව්‍යායාමයක් තිබෙනවා. අත් නොහරින ව්‍යායාමයක් තිබෙනවා. ඒ වෙනුවෙන් අවසන් කළ යුතු කාර්යයක් තිබෙනවා. ඒ කාර්යය ඉටු කිරීමට දේශපාලන අධිකාරිය ලෙස අපේ බැඳීමත් රාජ්‍ය නිලධාරීන් ලෙස ඔබට ඇති වගකීමත් මහජනතාව ලෙස ඔබේ සහයෝගයත් මම අපේක්ෂා කරනවා.

ණය ප්‍රතිව්‍යුහගත ක්‍රියාවලිය තුළ ශ්‍රී ලංකාවේ අත්දැකීම්, උගත් පාඩම් සහ ප්‍රගතිය සමාලෝචනය කිරීම මෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනට අදාළ ප්‍රගතිය සහ ඉදිරි අභියෝග සාකච්ඡා කිරීම වෙනුවෙන් මෙම සම්මන්ත්‍රණය පැවැත්විණි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය ගීතා ගෝපිනාත් මහත්මිය සහ ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාද මෙහිදී අදහස් දැක්වූහ.
ශ්‍යාම් නුවන් ගනේවත්ත

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ලන්ඩනයේදී ගුවන් යානයක් කඩා වැටේ

July 14, 2025

අහමදාබාද් ගුවන් අනතුර ඉන්ධන වසා දැමුවේ කපිතාන් සුමිත්ද?

July 14, 2025

හිටපු ඇමැතිගේ මිනීමැරුම යළි එළියට

July 16, 2025

රවි කටකයට

July 13, 2025

සාපෙළ විෂයන් 07කට සීමා කෙරේ

July 15, 2025
Related News
ප්‍රධාන පුවත්

කහවත්තේ ඝාතනය: හෝමාගම හඳයාගේ ඕඩරයක්

ප්‍රධාන පුවත්

ගොඩකවෙල පුද්ගලයකු පැහැරගෙන ඝාතනය කළ වැලිගෙපොළ ප්‍රා.සභා හිටපු මන්ත්‍රීට මරණ දඬුවම

ප්‍රධාන පුවත්

අවශ්‍යතාව සලකා හෙද හෙදියන් වැඩි ප්‍රමාණයක් උතුරු නැගෙනහිරට ලබාදීමට කටයුතු කරනවා – ඇමැති නලින්ද ජයතිස්ස උතුරු පළාතේ සෞඛ්‍ය ආයතන නිරීක්ෂණයට ලක් කරමින් කියයි

ප්‍රධාන පුවත්

ඊ හැඳුනුම්පත් ව්‍යාපෘතියට විදුලි ඒකක 700ක් සැපයීමේ ප්‍රසම්පාදනය අවලංගු කරයි

ප්‍රධාන පුවත්

ශ්‍රී ලංකාවේ උපත් අනුපාතිකය පහළට

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok