Tuesday, 8 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ශ්‍රී ලංකාවේ යළි ජාතිවාදය මත දේශපාලනයට ඉඩ දෙන්න බැහැ – නීති මදිනම් අලුත් නීති හදා හෝ ඊට පියවර ගන්නවා
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Tuesday, 8 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ශ්‍රී ලංකාවේ යළි ජාතිවාදය මත දේශපාලනයට ඉඩ දෙන්න බැහැ – නීති මදිනම් අලුත් නීති හදා හෝ ඊට පියවර ගන්නවා
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රධාන පුවත්

ශ්‍රී ලංකාවේ යළි ජාතිවාදය මත දේශපාලනයට ඉඩ දෙන්න බැහැ – නීති මදිනම් අලුත් නීති හදා හෝ ඊට පියවර ගන්නවා

June 16, 2025
166 Views

ජනාධිපති අනුර කුමාර දිසානායක ජර්මනියේ ශ්‍රී ලාංකික හමුවකදී කියයි
මම ජර්මනියට ආවේ එල්.ටී.ටී.ඊ. ප්‍රබලයකු හමුවීමට බව කියනවා දැක්කා
දූෂිතයන්ට, අපරාධකරුවන්ට එරෙහිව සිදු කරන පරීක්ෂණ කිසිවක් අඩපණ වීමට ඉඩ දෙන්නේ නෑ.

ශ්‍රී ලංකාව වඩා යහපත් රාජ්‍යයක් බවට පත් කරගැනීමේ පරම චේතනාවෙන් ජාති, ආගම් භේදයකින් තොරව රටේ සියලු‍ ජනතාව එක්ව ජාතික ජන බලවේග ආණ්ඩුව ගොඩනඟා ගත් බවත් එදා මේ රටේ ජනතාව තැබූ අපේක්ෂා කිසිදු අයුරකින් බිඳ වැටීමට තමා ඉඩ නොතබන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කළේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ ජර්මනියේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව සමඟ හමුවකට 13දා පස්වරුවේ එක් වෙමිනි. ජර්මනියේ වෙසෙන ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෝ, ආයෝජකයෝ සහ වෘත්තිකයෝ රැසක් මීට සහභාගී වී සිටි අතර, ඔවුහු ජනාධිපතිවරයාව ඉතා උණුසුම් ලෙස පිළිගත්හ. එහිදී ප්‍රජාව ඇමතූ ජනාධිපතිවරයා වැඩිදුරටත් මෙසේද පැවසීය.

ලංකාවේ පළමු වතාවට උතුරේ, නැගෙනහිර, කඳුකරයේ සහ දකුණේ ජිවත්වන ජනතාව සිංහල, දෙමළ, මුස්ලිම් භේදයකින් තොරව සියලු‍ දෙනාගේ ආශිර්වාදය සහ කැමැත්ත මත ආණ්ඩුවක් හැදුවා. මීට පෙර සිදු වූයේ ඒ ඒ පළාත් අනුව නායකයන් තෝරා පත් කරගැනීමයි. එහෙත්, දැන් ඒ සියල්ල අවසන් වෙලා. එපමණක් නොවෙයි පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵල දෙස බැලූ විට ලංකා ඉතිහාසයේ පාර්ලිමේන්තුවක් නියෝජනය කරන වැඩිම මන්ත්‍රීවරු සංඛ්‍යාව සහිත ආණ්ඩුවක් හැදුවා. ජනතාවගේ වැඩ කොටසෙන් යම්

ප්‍රමාණයක් දැන් අවසන් කර තිබෙනවා. බලය ලබාදීමේ කොටස සම්පූර්ණ කර අවසන්. දැන්, අපිට පාලකයන් ලෙස

වගකීමක් තිබෙනවා වගේම, ජනතාව ලෙසත් අපට වගකීමක් තිබෙනවා අපි ඉදිරියට යන්නේ කොහොමද කියලා. ඔබ දන්නවා අපි ආණ්ඩුව බාර ගන්නා විට අපේ රට නිල වශයෙන් බංකොලොත්භාවය ප්‍රකාශයට පත්කොට තිබුණා. ඒ නිසා ණය පැහැර හැරීමේ රාජ්‍යයක් ලෙස, ණය ලබාදුන් රාජ්‍යයන් සමග සම්මුතියක් ඇති කරගැනීමේ අභියෝගය අපට තිබුණා. බංකොලොත් වූ රටකට අලු‍ත් ආර්ථික ගමනක් ගැන සිතන්නවත් බැහැ.‍ ඒ අනුව, පසුගිය වසරේ දෙසැම්බර් 15 වැනිදා ණය ප්‍රතිව්‍යුහගත කරණ වැඩසටහන අපි සාර්ථකව අවසන් කළා. එය ඉතා වැදගත් ආර්ථික හැරවුමක් වෙනවා. එය නොවන්න අද අපේ රටේ ආර්ථිකයේ අනාගතය ගැන සිතන්නවත් පුළුවන්කමක් නැහැ.

ඉන් පසුව අපිට තිබූ අභියෝගය වූයේ අතරමඟ නැවතී තිබූ ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමයි. ඒ වන විට කඩවත – මීරිගම අධිවේගි මාර්ගයේ වැඩ නතර වී තිබුණා. ඒ වගේම කටුනායක ගුවන් තොටුපොළ ඉදිකිරීම ඇණහිට තිබුණා. ඒ අයුරින් චීන රජයෙන් ආරම්භ කළ ව්‍යාපෘති 11ක් නතර වී තිබුණා. චීනයේ සිදු කළ සංචාරයේදී චීන ජනාධිපතිවරයා ඇතුළු ප්‍රධානීන් සමඟ මේපිළිබඳව අප සාකච්ඡා කළා. ඒ අනුව නතර වුණු ව්‍යාපෘති විශාල ප්‍රමාණයක් නැවත ආරම්භ කිරීමට අපිට හැකි වුණා වගේම නව ව්‍යාපෘති විශාල ප්‍රමාණයක් ආරම්භ කිරීමටත් එකඟතාව පළකර තිබෙනවා. එක තැනක නතර වුණු රටක් නැවත දුවන්න පටන් අරන් තිබෙනවා. එදා ආයෝජකයින් අපේ රට දිහා හැරිලාවත් බැලු‍වේ නැහැ. එහෙත්, අද එම ව්‍යාපෘති නැවත පටන් අරන් තිබෙනවා. එය වැදගත් හැරවුමක් වෙනවා.

අපිට තිබූ තවත් අභියෝගයක් වූයේ ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා ගොඩනඟා ගැනීමයි. අපි කවුරුත් දන්නවා මේ සියවසේ ලෝකයේ කිසිදු රටකට තවදුරටත් හුදකලාව විතැන්වී ජීවත් වෙන්න බැහැ. ලෝකය වෙළෙඳපොළ තාක්ෂණික, ආර්ථික වශයෙන් එකට ගැට ගැසී තිබෙනවා. ඒ නිසා ලෝකයේ රාජ්‍යයන් සමඟ ශක්තිමත් හා ස්ථාවර විදෙස් සබඳතා ගොඩනඟා ගත යුතුයි. අපි එහිදී විශාල ජයග්‍රහණ අත්පත් කරගෙන තිබෙනවා. අපේ ආණ්ඩුව හදලා ඉතා කෙටි කලක් තුළ අපේ අසල්වැසි ඉන්දියාවේ අගමැතිතුමා ලංකාවට පැමිණියා. ඒ වගේම, චීනය සමග අපි සබඳතා ශක්තිමත් කර ගත්තා. ඒ වගේම, අනෙකුත් රාජ්‍ය සමඟද අපි සබඳතා ශක්තිමත් කරගනිමින් සිටිනවා. අපි මුහුණ දී තිබෙන අර්බුදයෙන් ගොඩ ඒමට නම්, රටට සහ ජනතාවට හිතකර යහපත් විදෙස් සබඳතා අවශ්‍යයි. ඒ වගේම, රාජ්‍ය ආදායම් උපයා ගැනීම අවශ්‍යයි. මුළු ලෝකයේම අඩුම රාජ්‍ය ආදායම ලැබූ රට බවට 2022 අපේ රට පත් වුණා. අපේ ආදායම ජාතික නිෂ්පාදනයෙන් 7%කට ආසන්න ප්‍රමාණයකට අඩු වුණා. මේ වසරේ අපේ ආදායම ජාතික නිෂ්පාදනයෙන් ප්‍රතිශතයක් ලෙස 15.1%ක් දක්වා වර්ධනය කරගැනීමේ අභියෝගය අපි භාරගෙන තිබෙනවා. එය 2022 වසරට වඩා දෙගුණයක ආදායමක්. භාණ්ඩාගාරයට ධනය උපයා ගන්නේ නැතිව ආයෝජනය කිරීමට, කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් සහ ජනතාවට අවශ්‍ය සේවාවන් සැපයීමට හැකියාව ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපි ඉතා වැදගත් ආදායම් ඉලක්ක සැලසුම් කළා. රාජ්‍ය ආදායමේ ප්‍රධාන ප්‍රභවයන් 03ක් පවතිනවා. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව සහ රේගු දෙපාර්තමේන්තුව. අපි මාසිකව එම සෑම ආයතනයකටම ඉලක්ක ලබාදී තිබෙනවා. එහි ප්‍රගතිය සමාලෝචනය කිරීමේදී අපිට සතුටු විය හැකි තත්වයක් තිබෙනවා. ඒ වගේම, අපේ රටේ බදු පිළිබඳ ගැටලු‍වක් මතුව තිබුණා. උපයන විට බද්ද විශාල ලෙස ඉහළ ගොස් තිබුණා. ආසන්න වශයෙන් ගත්විට ලක්ෂයක් ආදයම් ගන්න අයගේ බද්ද 100% නිදහස් වූ අතර ලක්ෂ එක හමාරක ආදායම් ගන්න අයගේ බද්ද 72%කින් නිදහස් වුණා. මේ ආදී වශයෙන් අපි විශාල බදු නිදහසක් සාමාන්‍ය පුරවැසියන්ට ලබාදුන්නා. එහෙත් එකතු කළ අගය මත බද්ද තවමත් ඉහළ අගයක පවතිනවා. අපේ ඉලක්කයක් තිබෙනවා අපේ කාලය ඇතුළත, මේ 18%ක් වන වැට් බද්ද අඩු කිරීමට. ඒ නිසා අපි බදු ජාලය වර්ධනය කරනවා. ඒ සඳහා අපි උපරිම ලෙස ඩිජිටල්කරණය ඇතුළත් කරනවා. ඒ අනුව මෙම බදු නිසි ලෙස එකතු කිරීම සඳහා අවශ්‍ය යාන්ත්‍රණය අපි සකස් කරනවා. ඒ වගේම ක්‍රමානුකූලව නෝට්ටු ගනුදෙනුව ඉවත් කර මෘදුකාංග පද්ධති හරහා ගනුදෙනු කිරීමට අපි සැලසුම් කර තිබෙනවා. එවිට විනිවිදභාවයෙන් එම ගනුදෙනු සිදු කළ හැකියි. ඒ වගේම බදු පැහැර හරින අයගෙන් බදු අය කරගැනීමේ යාන්ත්‍රණය අපි විධිමත් කර තිබෙනවා.

අපේ රාජ්‍ය යාන්ත්‍රණය ඉතාමත් දුබල අකාර්යක්ෂම රාජ්‍ය යාන්ත්‍රණයක්. ඒ නිසා, මේ රාජ්‍ය යාන්ත්‍රණය කාර්යක්ෂම කළ යුතුයි. ඒ සඳහා රාජ්‍ය සේවයට දැනුම සහ දක්ෂතා තිබෙන අය එක් කර ගත යුතුයි. ඒ නිසා රාජ්‍ය සේවයට දක්ෂ, හැකියාව තිබෙන අය උකහා ගැනීම වෙනුවෙන් රාජ්‍ය සේවය ආකර්ෂණීය ස්ථානයක් බවට පත් කිරීම වෙනුවෙන් අපි වැටුප් වැඩි කිරීම් සිදු කළා. ඕනෑම රටක් සංවර්ධනය කිරිමේදී රාජ්‍ය සේවයට විශාල කාර්යයක් තිබෙනවා. මෙරට බිඳ වැටී තිබෙන රාජ්‍ය සේවය යළි ප්‍රතිෂ්ඨාපනය කර ගොඩනැඟීමට අපි කටයුතු කර තිබෙනවා.

ඒ වගේම, රාජ්‍ය සේවයට 30,000ක් අලු‍තින් බඳවා ගැනීමට අපි අනුමැතිය ලබා දී තිබෙනවා. ඉතා විධිමත් අයුරින් අවශ්‍යතාව අනුව එම බඳවා ගැනීම් සිදු කරනවා. අද හිතුමතේ කිසිදු රාජ්‍ය ආයතනයකට සේවකයන් බඳවා ගන්න බැහැ. ඒ සඳහා අපි කමිටුවක් පත් කර තිබෙනවා. දේශපාලන අවශ්‍යතාව මත අද එම බඳවා ගැනීම් සිදු කරන්නේ නැහැ. මේ රාජ්‍යය, මේ විදියටම ඉදිරියට අරගෙන ගිහින් අපේ කාලය අවසන් වූ විට අපිට බැහැලා යන්න පුළුවන්. එසේ නොමැතිව අපි තිර අදිටනින් යුතුව රාජ්‍ය සේවය ශුද්ධ කිරීම කළ යුතුයි. අපි එම අභියෝගය භාරගෙන තිබෙනවා.

පොලිස් දෙපාර්තමේන්තුව අපේ රටේ නීතිය හා සාමය ස්ථාපිත කිරීමේ වැදගත් ආයතනයක්. එහෙත් පොලිස් දෙපාර්තමේන්තුව සංවිධානාත්මක අපරාධ කල්ලිවල ස්වභාවයක් ගෙන තිබුණා. එහි ප්‍රතිඵලයක් ලෙස ලංකාවේ පළමු වතාවට පොලිස්පතිවරයා පොලිසියට බයේ සැඟවී සිටියා. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් බිහි නොවන්න තවමත් පොලිස්පති ඔහුයි. අපි අලු‍ත් පොලිස් නිලධාරීන් බඳවා ගන්නවා. ඔවුන්ට සුදුසු වැටුප් තල ලබාදෙනවා. ඒ වගේම නීතිවිරෝධී ක්‍රියාවන්හි නිරතවන්නන්ට දඬුවම් ලබාදෙන්නත් අපි ලෑස්තියි. මොකද අපේ රටේ මහජනතාවගේ විශ්වාසය දිනා ගත් පොලිස් දෙපාර්තමේන්තුවක් ස්ථාපිත කළ යුතුයි.

ඊළඟ වැදගත් ආයතනය ආගමන හා විගමන දෙපාර්තමේන්තුවයි. රටේ සීමා මායිම් ආරක්ෂා කිරීමේ තර්ජනයේදී අපට එය ඉතා වැදගත් ආයතනයක්. කවුද අපේ රටට ඇතුළු වෙන්නේ වගේම කාටද ඉඩදෙන්නේ කියන එක රටකට වැදගත්. හැබැයි, පසුගියදා වුණේ මොකක්ද? ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පාතාල නායකයන්ට පාස්පෝර්ට් හදලා දීලා තියෙනවා. පාතාල නායකයා ඉන්නේ විදෙස් ගත වෙලා. පාස්පෝර්ට් එකක් ගන්න විට, ඡායාරූපයක් අප්ලෝඩ් කරන්න ඕනේ. හිමිකරු ඇවිත් ඇඟිලි සලකුණු ලබා දිය යුතුයි. එක් පාතාල නායකයෙකු වෙනුවෙන් පාස්පෝට් 3ක් හදලා දීලා තියෙනවා. හැබැයි, ඇඟිලි සලකුණු දීලා තියෙන්නේ පිටකොටුවේ බස් ස්ටෑන්ඩ් එකේ පොත් විකුණන වෙළෙන්දෙක්. ඔහු අපි අත්අඩංගුවට අරන් තියෙන්නේ. ඒ තරමට මේ දෙපාර්ත්මේන්තුව කඩා වැටී තිබෙනවා. ඊළඟට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව. පාන්දර ආව තොරතුරකට අනුව උදේ ගිහින් බලන විට අදාළ නිලධාරියාගේ කබඩ් එකේ තියෙනවා ලක්ෂ හතළිහකට වඩා මුදලක්. එකතු කර ගත් ටික බෙදාගන්න. තුන් දෙනෙක් අත්අඩංගුවට ගත්තා. මාතර බන්ධනාගාරයේ ප්‍රතිසංස්කරණ නිසා එහි සිරකරුවන් අඟු‍ණකොළපැලැස්ස බන්ධනාගාරයට අපි මාරු කළා. එවිට අපට මාතර

බන්ධනාගාරයෙන් හසු වුණා මාංචු හතක්. ඒ කියන්නේ මාංචු සිරකරුවන් ළඟ. මාංචුවල යතුරු 27ක් අහු වුණා. ෆෝන්, චාර්ජර්ස්, අයි පෑඩ්. මේ රට තිබෙන්නේ මෙතැනයි. ඒ විතරක් නෙවෙයි, බන්ධනාගාර නිලධාරීන් සිරකරුවන්ට සමාව දෙන්නත් පටන් අරන්. මම මේ කියන්න හදන්නේ මේක තමයි අපේ රට තිබුණු තැන. මේවා වැදගත් ආයතන. රේගුව, බන්ධනාගාර දෙපාර්තමේන්තුව, පොලිස් දෙපාර්තමේන්තුව, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව යන මේවා රටක කොඳු නාරටිය. රටක පැවැත්ම පිළිබඳ ප්‍රධාන සාධක. ඒ සියල්ල බිඳ වැටිලා තිබෙන්නේ. මේ සියල්ල පිරිසිදු කරන ව්‍යායාමයට අපි අත දෙනවා. අපේ දරුවන්ට හොඳ වගකීම් සහිත නිලධාරීන්, ආයතන අවශ්‍යයි. එසේ නොමැතිව රට පුරා පොඩි පොඩි අධිරාජ්‍ය හදන්න දෙන්න බැහැ. මේ අධිරාජ්‍ය සියල්ල බිඳිනවා. එක රාජ්‍යයි තියෙන්නේ ශ්‍රී ලංකාවේ. ජනතාව විසින් තෝරා පත් කර ගන්නා ලද ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයයි. එතැනට ගෙන යාම අපේ ඉලක්කයක්. ඒක අපි කරමින් ඉන්නේ.

දේශපාලන අධිකාරිය ලෙස අපිට අපේ අවංකභාවය ගැන සතුටු විය හැකියි. මහජන මුදල් ශතයක්වත් සොරකම් කරන්නේ නෑ. නාස්ති කරන්නේ නෑ. අපි ඒ ආදර්ශය ලබාදී තිබෙනවා. එය ප්‍රමාණවත් නෑ. රාජ්‍ය සේවයත් එතැනට පැමිණිය යුතුයි. අපි ඔවුන්ට නිරන්තරයෙන් ආරාධනා කර තිබෙනවා එතැනට එන්න කියලා. ඒ වගේම මේ රටේ ජනතාව යුක්තිය පිළිබඳ පිපාසයකින් ඉන්නවා. අපරාධවලට දඬුවම් දීමේ බලයක් දේශපාලන අධිකාරියට නෑ. අණපනත් විසින් ඒ බලය ලබාදී තිබෙනවා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට, පොලිස් දෙපාර්තමේන්තුවට. අපරාධයක්, වංචාවක් පිළිබඳව පරීක්ෂණ කිරීමට.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත පනත්වලින් බලය ලබා දී තිබෙනවා. තව නීති මදි නම් තව හදනවා. පාර්ලිමේන්තුවට ඒ බලය තිබෙනවා. අප්‍රේල් මාසයේ 08 වැනිදා නීති විරෝධීව උපයාගෙන තිබෙන දේපළ අත්පත් කරගැනීම සඳහා අපි පනතක් සම්මත කළා. ඒ නීතිවලට අනුව ආයතන අපි පිහිටුවා දෙන්නම්. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව තිබුණේ කුඩා කාර්යාලයක. අපේ ඇමැතිවරුන්ට ගෙවල් දෙන්නේ නැහැ. එයින් ගෙයක් ලබාදුන්නා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට. ඉස්සර ගෙවල්වල ඇමැති හිටියේ. දැන් ඇමැති ගැන හොයන අය ඉන්නේ. ඔවුන්ට ඉතාමත් ආකර්ෂණීය වැටුපක් ලබා දෙන්න අපි තීරණය කළා. ඔවුන්ට අවශ්‍ය වාහන, පහසුකම් අපි ලබා දෙනවා. ආණ්ඩුවට තිබෙන වැඩේ එයයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අපේ සහාය ලබා දී තිබෙනවා. පොලීසියට, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තමන්ගේ නීතියේ සහාය සඳහා විමර්ශන නිලධාරීන් ඉන්නවා වගේම නීතිඥවරු බඳවා ගැනීම පිළිබඳව අප සොයමින් ඉන්නවා.

ඊළඟට මේ ආයතන විමර්ශනය කළ යුතුයි. අනතුරුව, මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළ යුතුයි. දැනට විශාල ප්‍රමාණයක් එය සිදු කර තිබෙනවා. හැබැයි, එය ප්‍රමාණවත් නැහැ. ඉන්පසු විය යුත්තේ එම කරුණු මත මහාධිකරණය අධිචෝදනා ගොනු කර නඩුවක් දාන එකයි. එය තමයි අවසන් පියවර. ඉන්පසු නඩු විභාග කර දඬුවම් දීමේ බලය තියෙන්නේ අධිකරණයට.

පසුගිය කාලයේ සිදු වූ ඝාතන පිළිබඳ විමර්ශන අවසන් කළ ඒවා තිබෙනවා. ඒවාට ඉතා ඉක්මනින්ම නීතිපති දෙපාර්තමේන්තුවෙන් අධිචෝදනාපත්‍ර ලබා දෙනවා. ඊට පසු කාර්යය තිබෙන්නේ අධිකරණයේ. නීතිපති දෙපාර්තමේන්තුවේ සහ අල්ලස් කොමිසමේ නීතිඥයින් අධිකරණයේදී කරුණු කියයි. ඔවුන්ගේ ආරක්ෂාව සඳහා නීතිඥවරු කරුණු කියයි. අධිකරණය තීරණයක් ගනියි. එක නඩුවකදී විනිසුරුතුමා කියනවා, පසුගිය කාලේ අපේ රටේ ආර්ථිකය බිඳ වැටීම නිසා ජනතාව සහ රට විශාල දුෂ්කරතාවකට පත් වුණා. ඊට හේතුව තමයි මේ වංචා, දූෂණ හා නාස්තිය. ඒ නිසා ළිහිල් දඬුවමක් නොවෙයි උපරිම දඬුවම ලබාදිය යුතුයි කියලා. තවත් නඩුවකදී විනිසුරුතුමා අහනවා, මේ නඩුව දාන්න අවුරුදු 10ක් ප්‍රමාද වුණේ ඇයි කියලා. අල්ලස් කොමිසමේ නීතිඥවරු පිළිතුරු දෙනවා අවුරුදු 10ම ඔවුන් බලයේ හිටපු නිසා කියලා. මේවායින් පෙන්නුම් කරන්නේ මේ සෑම ආයතනයක්ම සැලකිය යුතු ප්‍රමාණයක් තමන්ගේ වගකීමට වගවෙන්න පටන් අරන් තිබෙන බවයි. ඒ නිසා, මම හිතනවා මේ රටේ පුරවැසියන් අපේක්ෂා කරන ලද කාර්යය අපි ඉටු කරමින් සිටිනවා.

ජාතික සමගිය පිළිබඳව අවධානය යොමු කරනවා නම් ලංකාවේ පළමු වතාවට උතුරේ ජනතාව අප කෙරෙහි විශ්වාසය තැබීම වැදගත්සන්ධිස්ථානයක්. පරාජිතයන්ගේ අභිප්‍රාය වී තිබෙන්නේ පැරණි ජාතිවාදී දේශපාලනය ලංකාවේ යළි මතු කිරීමයි. මම ජර්මනියට එන්නේ එල්.ටී.ටී.ඊ ප්‍රබලයෙක් හමුවීමට බව කියනවා දැක්කා. ඒ දේශපාලනයට නැවත ඉඩ දෙන්න බැහැ. ලංකාවේ යළි ජාතිවාදය මත දේශපාලනය කරන්න කිසිවෙක් උත්සාහ කරනවා නම් තිබෙන නීති ප්‍රමාණවත් නැතිනම් අලු‍ත් නීති හදලා හරි, ජාතිවාදයට හිස එසවීමට ඉඩ දෙන්නේ නැහැ. මොකද? අපි ජාතිවාදය නිසා විශාල ව්‍යසනයකට මුහුණ දුන් රටක්. අවුරුදු 30කට ආසන්න යුද්ධයෙන් උතුරේ සහ දකුණේ මිනිස්සු මියගියා. පොළොව තෙත් වෙන තරමට ලේ හැළුණා. අපේ රට ආපස්සට හැරුණා. ඒ අන් කවරක් නිසාවත් නොවෙයි. බලය ලබා ගන්නත්, බලය ආරක්ෂා කරගන්නත් ජාතිවාදය උපයෝගී කර ගත් නිසා. ඒ නිසා, ජාතිවාදී දේශපාලනයට නැවත ඉඩක් දෙන්නේ නෑ. ජාතික සමගිය ආරක්ෂා කරන්නත්, ශක්තිමත් කිරීමටත් කටයුතු කරනවා.

අපට අවශ්‍ය එක රටක්. එක ශ්‍රී ලාංකික ජාතියක්. භාෂාව, ආගම සහ සංස්කෘතීන්ට අනුව වෙනස්කම්වලට භාජනය නොවන රටක්. යළි බෙදීමේ දේශපාලනය අවසන් කර, ශ්‍රී ලාංකික ජාතිය අප ගොඩනැඟිය යුතුයි. එය විශාල මෙන්ම අභියෝගාත්මක ව්‍යායාමයක්. මෙය පහසුවෙන් කළ හැකි දෙයක් නොවෙයි. මීට එරෙහිව සතුරු කඳවුරුවල සිටි ප්‍රතිගාමීන් එකතු වෙනවා.

ප්‍රාදේශීය සභා මැතිවරණයේදී ප්‍රාදේශීය සභා ආයතන 267ක් අපි ජයග්‍රහණය කළා. ඉන් 152ක අනෙක් සියල්ල එකතු කළත් අපේ සංඛ්‍යාව වැඩියි. හැබැයි 115ක් අපි දිනලා තිබුණට සුන්බුන් එකතු කළාම අපිට වඩා වැඩියි. ඒවාට තිබෙන්නේ වෙනම දේශපාලන ධාරාවන්. දේශපාලන ධාරාවන් ලෙස ගත්තොත් ඒ පළාතේ ජනතාව අපව තෝරා තිබෙනවා. හැබැයි, අපිට ඇතැම් ආයතනවල බහුතරය නැහැ. දැන් බලන්න ගොඩනැඟෙන විදිය. කුලියාපිටිය ප්‍රාදේශීය සභාව ගත්තොත් ආසන්න වශයෙන් අපේ මන්ත්‍රීවරු 21ක් හිටියා. පොහොට්ටුවේ මන්ත්‍රීවරු 06යි. දැන් සභාපති කවුද? පොහොට්ටුවෙන්. ඔවුන්ට සභාපති ධුරය ලබාගැනීම සඳහා සහාය දෙන්නේ කවුද? ස.ජ.බ, යූ. එන්.පී, පුටුව, මේ ඔක්කොම සහාය දීලා මොකද කරන්නේ? අපට එරෙහිව කඳවුරුක් හදනවා.

මා හිතනවා ලංකාවේ පළමු වතාවට මේ තීව්‍ර දේශපාලන බෙදීම අද ගොඩනැගෙමින් තිබෙනවා. ඉතිහාසයේ බොහෝ රාජ්‍යයන් මේ අභියෝගයන්ට මුහුණ දුන්නා. ප්‍රගතිශීලී යහපත් දේශපාලන කාර්යයක් ඉදිරියට ගෙන යන විට, අනෙක් සතුරු කණ්ඩායම් තමන් අතර තිබෙන පසමිතුරුකම් පසෙකලා එකට එකතු වෙනවා. මාධ්‍ය සාකච්ඡාවක් දකින්න ඇති ස.ජ.බෙන් තිස්ස අත්තනායක, පොහොට්ටුවෙන් එහි ලේකම්වරයා, යූ.එන්.පියෙන් තලතා ආදී සියලු‍දෙනා එක

කඳවුරකට එනවා. හැබැයි, ඔවුන් මෙතෙක් කාලයක් අපට පෙන්නුවේ මොකක්ද? ඔවුන් කඳවුරු දෙකක් කියලා. එහෙත්, ඇයි අද මේ එකතු වී තිබෙන්නේ? අන් කිසිවක් නිසා නොවෙයි. තමන්ගේ පැරණි දූෂණ, වංචා සහ අපරාධ යටපත් කරගැනීම සඳහා තමයි, මේ එකතු වී තිබෙන්නේ. ඔවුන් පොහොට්ටුවේද ස.ජ.බෙද අපට අදාළ නෑ. ඔවුන් අපරාධයක්, වංචාවක් කර තිබෙනවා නම් ඒවාට එරෙහි පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. ඔවුන් ඒ බව දන්නවා. එහෙනම්, මොකක්ද කරන්න ඕනේ? මේ යන ගමන පරාජයට පත් කිරීම සඳහා පසමිතුරුකම් පසෙකලා එකතු විය යුතුයි. එසේ නොමැති නම් දේශපාලනිකව ගත්තොත් සජිත් ප්‍රේමදාස, නාමල් රාජපක්ෂත් එක්ක එකතු වීම නාමල්ටත් අවාසියි. සජිත්ටත් අවාසියි. දෙන්නටම අවාසියි. හැබැයි, ඔවුන් හිතනවා දෙන්නා බෙදිලා හිටියොත් කොහොමත් අවාසියි කියලා. ඒ නිසා මොකද කරන්න ඕනේ? අපිට එරෙහිව එකතු විය යුතුයි. තමන්ට දිගුකාලීන ලෙස සිදු වන දේශපාලන හානිය එහිදී සලකන්නේ නැහැ. ඊළඟ ඡන්දේදි කොහොමද ජනාධිපති අපේක්ෂකවරු දෙන්නෙක් එන්නේ? මොකද දැන් එය එක දේශපාලන කඳවුරක්. ඔවුන් ඒක දන්නවා. එය එසේ වුවත් කෙටි කාලීනව, මේ නිශ්චිත මොහොතේදී ඔවුන්ගේ පැවැත්ම හදාගැනීමට නම් ජාතික ජනබලවේගයට එරෙහිව එකතු විය යුතුයි. එය ඔවුන්ගේ පුද්ගලික පැවැත්ම සඳහා සිදු කරන්නක්.

හැබැයි, මතක තබා ගන්න. මේ කුමක් කළත් ජාතික ජනබලවේගයට ලබා දී තිබෙන ජනවරම අනුව දූෂිතයන්ට, අපරාධකරුවන්ට එරෙහිව සිදු කරන පරීක්ෂණ කිසිවක් අඩපණ වීමට ඉඩ දෙන්නේ නෑ. ඒ වගේම අප කෙරෙහි විශ්වාසය තබා ජනතාව අපට ලබාදුන් ජනවරම වගේම, අප කෙරෙහි තබා ඇති බලාපොරොත්තු අපි අනිවාර්යයෙන් ඉටු කරනවා. ඒ නිසා ශ්‍රී ලංකාවේ පළමුවරට අලු‍ත් දේශපාලනයක් ඇති වී තිබෙනවා. මෙතැන් සිටින ඔබට අපේ රට පිළිබඳ අපේක්ෂාවක් තිබෙනවා. මොන වගේ රටක්ද අපට අවශ්‍ය? ඉස්සර ජනතාවට තිබූ අපේක්ෂාවයි, පාලකයාට තිබූ අපේක්ෂාවයි දෙකක්. ජනතාවට එක් වුවමනාවක් තිබුණා. පාලකයාට තව වුවමනාවක් තිබුණා. මම ඔබට සහතිකයක් දෙනවා පළමු වතාවට ඔබේ වුවමනාව සහ අපේ වුවමනාව එකක් බවට පත් වුණ ආණ්ඩුවක් පත් වී තිබෙනවා. ඔබට දූෂණය නතර කිරීමට අවශ්‍යයි. අපටත් එය අවශ්‍යයි. ඔබට දූෂිතයන්ට දඬුවම් ලබා දිය යුතුයි. ඒ වගේම අපටත් එය අවශ්‍යයි. ඔබට නීතියේ විධානයේ ආධිපත්‍යය තහවුරු කරන්න ඕනේ. අපටත් එය අවශ්‍යයි. ඔබට අපේ රටේ මීට වඩා හොඳ ආර්ථිකයක් ස්ථාපිත කරන්න අවශ්‍යයි. අපටත් එය අවශ්‍යයි. ඒ කියන්නේ මොකක්ද? ජනතාව සහ පාලකයා දෙපාර්ශ්වයක් නෙවෙයි. ජනතාව සහ පාලකයා එකට ඉන්න පාලනයක් ලංකාවේ ගොඩනැඟී තිබෙනවා.

අපේ රට ගොඩනැඟීම සඳහා තිබෙන අවස්ථාව මෙයයි. ඒ අවස්ථාව උදා කරගැනීම සඳහා ඔබ විශාල වෙහෙසක් දැරූ බව මා දන්නවා. ඔබේ හඬ සහ කාර්යභාරය නොවන්නට සමහර විට අපට ශක්තිමත් ආණ්ඩුවක් ගොඩනැඟීමට හැකි නොවනු ඇති. ඔබ ඒ වෙනුවෙන් විශාල කාර්යභාරයක් සිදු කළා. ඉදිරියේදී අපි ඉලක්ක කිහිපයක් හදලා තිබෙනවා. මේ 2025 වසර ලංකාවට ඉතිහාසයේ වැඩිම සංචාරකයින් පැමිණෙන වසර බවට පත් කරනවා. ඒ වගේම, 2025 වසර ඉතිහාසයේ වැඩිම අපනයන ආදායම ලබන වසර බවට පත් කරනවා. ඉතිහාසයේ ආණ්ඩුවක් ලබා ගත් වැඩිම ආදායමක් ලබපු වසර බවට 2025 වසර පත් කරනවා. ඒ විතරක් නොවෙයි. ඉතිහාසයේ දූෂිතයන් වැඩිම සංඛ්‍යාවකට දඬුවම් ලබා දුන් වසර බවට මේ වසර පත් කරනවා. ඒ සඳහා යහපත් චේතනාවන් සහ බලාපොරොත්තු සහිතව අපි කටයුතු කරනවා. ඒ වෙනුවෙන් අප හැමදෙනාම එක්ව වැඩ කරමු! පෙනී සිටිමු! කියා ඔබට ආරාධනා කරනවා.

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

හිටපු ඇමැතිට වලානෙන් දැල එළයි

July 3, 2025

අයවැයෙන් වැඩි කළ විශ්‍රාම වැටුප් මෙම මස සිට

July 3, 2025

හිගයකට බියෙන් ඉන්ධන ගබඩා කළ නිවස ගිනිගනී

July 1, 2025

අවුරුදු 11කට පස්සේ

July 6, 2025

ඊශ්‍රායල් යුද හමුදාවට දිරියක් වූ ශ්‍රී ලාංකික දූ පුතුන්

July 6, 2025
Related News
ප්‍රධාන පුවත්

වෛද්‍ය මහේෂිගේ දියණියත් රිමාන්ඩ්

ප්‍රධාන පුවත්

රාජ්‍ය සේවයේ ගෞරවය රැකදුන් බ්‍රැඩ්මන් වීරකෝන් අභාවප්‍රාප්ත වෙයි

ප්‍රධාන පුවත්

කාදිනල්තුමාගේ පූජාත්වරයේ 50 වැනි සැමරුමට ජනපතිත් එක්වෙයි

ප්‍රධාන පුවත්

2025 අයවැයෙන් – 2020 – 2024 විශ්‍රාම ගිය අයට අසාධාරණයක්:

ප්‍රධාන පුවත්

බාල බෙහෙත් නඩුවට කෙහෙළිය ඇතුළු 12ක් ලබන 11 දා උසාවි කැඳවයි

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok