මෙරට රැඳී සිටින ඊශ්‍රායල් ජාතිකයන් විසින් තම ආගමික කටයුතු, විවේක කටයුතු සහ ආහාරපාන ලබාගැනීම සඳහා ස්ථාපිත කර තිබෙන චබාද් මධ්‍යස්ථානවලට පැය විසිහතර පුරාවට ආරක්ෂාව ලබාදීමට පොලිසිය පියවර ගෙන ඇත.
ඒ අනුව පොලිස් වසම් කිහිපයක ස්ථාපිත කර ඇති චබාද් මධ්‍යස්ථානවලට අදාළ ප්‍රදේශයේ පොලිස් ස්ථාන මගින් මේ වන විටත් පැය විසිහතර පුරා ආරක්ෂාව ලබාදී ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
එසේම දිවයිනේ රැඳී සිටින කවර හෝ විදේශිකයකුගේ ආරක්ෂාවට තර්ජනයක් පවතී නම් ඒ පිළිබඳව තක්සේරු කර ආරක්ෂාව සැපයීමට පියවර ගන්නා බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
සුජීව තත්සර