මේ වර්ෂයේ (2025) පළමු මාස හතරේදී ශ්‍රී ලංකාවේ මුළු ආදායම රු. කෝටි 23,660කින් කැපීපෙනෙන වර්ධනයක් වාර්තා කර ඇත.
මේ අනුව ගිය වසරේ (2024) රු. බිලියන 1218.07 ක් වූ රජයේ ආදායම සහ ප්‍රදාන වටිනාකම, මේ වසරේ (2025) මුල් මාස හතරේ දී රු. බිලියන 1454.67 දක්වා සියයට 19.42 කින් වර්ධනය වී තිබේ.
මේ කාලයේදී බදු ආදායම රු. බිලියන 1349.07 දක්වා සහ බදු නොවන ආදායම රු. බිලියන 104.23 දක්වා ද වර්ධනය වී ඇත.
එසේම මෙම ආදායම සහ වියදම ගැළපූ විට මේ වසරේ (2025) රු. බිලියන 261.61 ක එනම් රු. කෝටි 26,161 ක සමස්ත අය-වැය හිඟයක් ද වාර්තා කර ඇත.
ශ්‍යාම් නුවන් ගනේවත්ත