මේ වසරේ (2025) පළමු මාස පහේදී මෙරට සංචාරක ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 1543.1ක් දක්වා සියයට 9.8කින් වර්ධනය වී ඇත.
ගිය වසරේ (2024) පළමු මාස පහේදී වාර්තා වූ සංචාරක ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 1405.6කි.
ඉකුත් මැයි මාසයේදී මෙරටට ඇමෙරිකානු ඩොලර් මිලියන 164.1ක සංචාරක ආදායමක් ලැබී ඇත.
එසේම මේ කාලය තුළ සංචාරක පැමිණීම් 1,029,803ක් දක්වා සියයට 14.8කින් වර්ධනය වී ඇත. ගිය වසරේ (2024) පළමු මාසයේදී මෙරටට පැමිණ ඇත්තේ 896,779ක විදෙස් සංචාරකයන් පිරිසකි.
ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක මේ බව සඳහන්ව තිබුණි.
ශ්‍යාම් නුවන් ගනේවත්ත