මෙරටට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිකා ආචාර්ය ගීතා ගෝපිනාත් මහත්මිය “ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත්කිරීම ණය සහ පාලනය” මැයෙන් අද (16 වැනිදා) පැවැත්වෙන සමුළුවේ විශේෂ ආරාධිතයකු ලෙස සහභාගි වීමට නියමිතය.
මෙය මුදල් අමාත්‍යාංශය, ශ්‍රී ලංකා මහ බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ව සංවිධානය කරයි. දෙදින නිල සංචාරයක් සඳහා ඇය කටාර් ගුවන් යානයෙන් දූත පිරිසක් සමග ඊයේ පැමිණියාය.