කළුබෝවිල, පන්සල පාරේ පිහිටි ව්‍යාපාරිකයකුගේ නිවසකට ඊයේ (15දා) අලුයම 3 ට පමණ යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකු විසින් වෙඩි තබා පලායෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් 2 ක් විමර්ශන අරඹා ඇතැයි කොහුවල පොලිසියේ උසස් නිලධාරියෙක් “දිවයින” ට පැවැසීය.
එම වෙඩි ප්‍රහාරය නිවසේ ගේට්ටුවට සහ නිවසට එල්ල වී ඇති බවත් වෙඩි තැබීමෙන් ජීවිත හානි හෝ තුවාල සිදුවී නැති බවත් පොලිසිය පවසයි.
මුදල් ආරවුලක් මත මෙම වෙඩි තැබීම සිදුකර ඇතැයි දැනට සිදුකර ඇති විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සහ කොහුවල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජනක කුමාර මහතාගේ උපදෙස් මත වැඩිදුර පරීක්ෂණ සිදු කෙරේ.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ රත්මලාන – පින්සිරි ආරියරත්න