මේෂ
ප්‍රීති උත්සව සාද වැනි දේවල් යෙදෙන අතර අවිවේකී දිනකි. දුරගමන් ද යෙදේ. නවක මිතුදම් ප්‍රේම සබඳතා වර්ධනය වෙයි. තරමක් නොසිතූ ලෙස වැයපස ද ඉහළ යන දිනකි. හදිසි ලාභ ලබයි. සිරසගත රෝග මතුකරයි. ශුභ වර්ණය – රතු, ජය අංකය – 05
වෘෂභ
ශුභවාදී ඵලදෙන අතර ක්‍රියාශීලී දිනකි. රාජකාරි ස්ථානවල මූලිකව ක්‍රියාකරයි. ඇසුරු කරන්නන් අතර ප්‍රධාන වෙයි. උත්සව සාදවලට ද සහභාගිවීමේ අවස්ථා යෙදේ. අමතර ලාභ ලබයි. සෙම් කෝප රෝග මතු කරයි. ශුභ වර්ණය – සුදු, ජය අංකය – 07
මිථුන
රාජකාරි බහුල වෙයි. අවිවේකී බව ඇතිවෙයි. තරමක් වගකීම් බහුල දිනකි. අලංකාරය සඳහා වැයපස ඉහළ යයි. ප්‍රීති සාද මංගල සාද යෙදේ. විවිධ ක්‍රම තුළින් ආර්ථිකය වර්ධනය වේ. මුඛ රෝග, උෂ්ණ රෝග දේ. ශුභ වර්ණය – කොළ, ජය අංකය – 03
කටක
තරමක් උනන්දුවෙන් රාජකාරිවල යෙදේ. පොදු සේවා සමාජ සද්කාරක ක්‍රියා ආදියෙහි යෙදේ. උත්සව සාද වැනි දේවල්හි මූලිකව ක්‍රියාකරයි. වැයපස ද නොසිතූ ලෙස ඉහළ යයි. සෙම් රෝග, උෂ්ණ රෝග මතුකරයි. ශුභ වර්ණය – රෝස, ජය අංකය – 04
සිංහ
නව ව්‍යාපාර නව මුහුණුවරකින් ඇරඹීමට හේතුයි. උගතුන්ගෙන් වියතුන්ගෙන් උදව් උපකාර ලබයි. හදිසි තීරණ මත ක්‍රියාකරයි. අවාසි ද සැලසේ. තම ව්‍යාපාරවල පැහැදිලි දියුණුවක් පෙනේ. හිසේ අමාරු උගුරේ අමාරු ඇතිවේ. ශුභ වර්ණය – තැඹිලි, ජය අංකය – 01
කන්‍යා
ගමන් බිමන් බහුලයි. ප්‍රීති උත්සව සාද, මංගල සාද වැනි දේට හේතුයි. නවක මිතුදම් ඇතිවෙයි. සතුරු බලපෑම් මත තරමක් මනසට පීඩාදෙයි. ඉවසීමෙන් ක්‍රියාකළ යුතු දිනකි. හදිසි ධන ලාභ ද ගෙනදෙයි. බගන්දරා, අර්ශස් රෝග මතුවෙයි. ශුභ වර්ණය – රන්වන්, ජය අංකය – 02
තුලා
රාජකාරි බහුල දිනකි. විදෙස් ගමන් සඳහා අවශ්‍ය මූලික ක්‍රියාකාරකම් ඉටුකර ගත හැක. තම ව්‍යාපාරවල පැහැදිලි දියුණුවක් පෙනේ. මහජන සබඳතා වර්ධන ක්‍රියාකාරකම් වල යෙදේ. සෙම් කෝප රෝග, උෂ්ණ රෝග දේ. ශුභ වර්ණය – ක්‍රීම්, ජය අංකය – 06
වෘශ්චික
රාජකාරි බහුලයි. අවිවේකී දිනකි. උත්සව සාද වැනි දේවල් යෙදේ. තරමක් ඉවසීමෙන් ක්‍රියාකළ යුතු දිනකි. නව මිතුදම් ඇතිවෙයි. විදෙස් ගමන් බිමන් යෙදේ. අමතර ලාභ ද ලබයි. කොන්දේ අමාරුවක පීඩා මතුවේ. ශුභ වර්ණය – දුඹුරු, ජය අංකය – 08
ධනු
තරමක් කාර්යබහුල දිනකි. අන් අයගේ අවශ්‍යතාවයන් මතද ක්‍රියා කිරීමට සිදුවේ. ප්‍රීති උත්සව සාදවල ද මූලිකව ක්‍රියාකරයි. ප්‍රසාදයට පත්වන කරුණු කාරණා යෙදේ. අම්ලපිත්ත රෝග මතු කරයි. ශුභ වර්ණය – ළා කොළ, ජය අංකය – 01
මකර
ගමන් බිමන් යෙදෙන අතර නිශ්ඵල ගමන් ද යෙදේ. රාජකාරි ස්ථානවල කැපී පෙනේ. ප්‍රීති උත්සව සාද වැනි දේවල ද යෙදේ. තෘප්තිමත්ව දවස ගෙවයි. හදිසි ධන ලාභ ද ලබයි. සිරස ගත රෝග මතු කරයි. ශුභ වර්ණය – නිල්, ජය අංකය – 06
කුම්භ
අවිවේකී බව ගෙනදෙන දිනකි. රාජකාරි මෙන්ම අමතර ක්‍රියාකාරකම් ද බහුලවෙයි. ප්‍රීති උත්සව සාද වැනි දේවල් ද යෙදෙන අතර තම ඥාතීන්ගේ අවශ්‍යතා මත ක්‍රියා කිරීමට ද සිදුවේ. සන්ධි ප්‍රදාහ රෝග මතු කරයි. ශුභ වර්ණය – දම්, ජය අංකය – 05
මීන
ශුභා ශුභ මිශ්‍රඵල උදාකරයි. තම ඥාති මිත්‍රාදීන් ඒකරාශීව ක්‍රියාකරයි. පැවැති සබඳතා වර්ධනය කරයි. මහජන ප්‍රසාදයට පත්වන ක්‍රියා යෙදේ. හදිසි ධන ලාභ ද ලබයි. මුත්‍රා ආසාදන රෝග මතු කරයි. ශුභ වර්ණය – කහ, ජය අංකය – 09