මේෂ
ශුභාශුභ මිශ්‍රඵල ගෙන දෙයි. තරමක් රාජකාරිවලට බාධා ඇති වෙයි. බුද්ධිමත්ව ක්‍රියා කළ යුතුය. වැයපස ද ඉහළ යන කරුණු කාරණා යෙදේ. නව නිර්මාණකරණයට හේතුයි. හදිසි ලාභ ලබයි. සෙම් බහුල රෝග මතුවෙයි. ශුභ වර්ණය – තද රෝස, ජය අංකය – 07
වෘෂභ
උනන්දුවෙන් රාජකාරිවල යෙදේ. පොදු සේවා කටයුතු, විනෝදජනක ක්‍රියා ආදියෙහි යෙදේ. තම ඥාතීන්ගේ අවශ්‍යතා මත වියපැහැදම් කිරීමට සිදුවෙයි. සිත් තැවුල් ද ඇති වීමට හේතුයි. මෞත්‍ර ලිංගික පද්ධතියේ රෝග ද මතු කරයි. ශුභ වර්ණය – ක්‍රීම්, ජය අංකය – 04
මිථුන
රාජකාරි බහුල වන අතර තරමක් අතපසුවීම් ඇති කරයි. දුර ගමන් ද යෙදේ. පොදු වැඩ සඳහා කාලය වැය කිරීමට සිදුවෙයි. ඉඩකඩම් පිළිබඳ ගැටලුවක් සාධාරණව විසඳේ. හදිසි ධන ලබයි. අභ්‍යන්තර ඉන්ද්‍රියන්හි රෝග මතුවෙයි. ශුභ වර්ණය – නිල්, ජය අංකය – 03
කටක
රාජකාරිවලදී ප්‍රවේශම මැනවි. විවේචනාත්මක ක්‍රියාවන් සඳහා යොමු වෙයි. ඉවසීමෙන් ක්‍රියාකාරකම්වල යෙදීම මැනවි. අවශ්‍යතා මත තරමක් වැයපස ඉහළ යයි. සිරසගත රෝග, උෂ්ණ රෝග මතුවේ. ශුභ වර්ණය – රන්වන්, ජය අංකය – 05
සිංහ
තරමක් ශුභ ඵල දෙයි. රැකියාවන්හි ප්‍රබෝධයෙන් නියැළේ. නව වැඩ ද සැලසුම් කරයි. තමන් පසුපස ඇති බාධා හා බලවේග ඉවත්වෙයි. මිල මුදල් නොසිතූ ලෙස වැයවෙයි. සිරසගත රෝග මතු කරයි. ශුභ වර්ණය – තැඹිලි, ජය අංකය – 01
කන්‍යා
කලබලකාරී ගති මතු කරයි. දුරදිග බලා ක්‍රියා කළ යුතුය. දුරස්ථව සිටි මිතුරන් සමීපතාවයට පත් වෙයි. තම ව්‍යාපාරවල දියුණුවක් පෙනේ. හදිසි ධන වාසනා එල්ල වේ. වාතාධික රෝග මතු කරයි. ශුභ වර්ණය – කොළ, ජය අංකය – 06
තුලා
ගමන් බිමන් යෙදෙන අතර ප්‍රවේශමෙන්. රාජකාරි ස්ථානවල බාධා මතුවෙයි. බුද්ධිමත්ව ක්‍රියා කළ යුතුය. සුහදතා වර්ධන ක්‍රියාවන්වල යෙදේ. වැයපස ද ඉහළ යයි. පෙණහලු ආසාදන රෝග මතු වෙයි. ශුභ වර්ණය – සුදු, ජය අංකය – 07
වෘශ්චික
ශුභාශුභ ඵල මතු කරයි. විනෝදජනක ක්‍රියාවන්හි යෙදේ. නවක මිතුදම් ඇතිවෙයි. තම ආර්ථිකයේ වර්ධනයට හේතු කරුණු යෙදේ. අමතර ලාභ මතු කරන දිනකි. ඇලදිව, අක්මාව වැනි අභ්‍යන්තර ඉන්ද්‍රිය ඉදිමුම් රෝග සාදයි. ශුභ වර්ණය – රතු, ජය අංකය – 02
ධනු
ශුභඵල මතු කරයි. සම්මුඛ පරීක්ෂණවලින් ජය ලබයි. රැකියා ලාභ ලැබීම්වලට හේතුයි. තම ඥාති මිත්‍රාදීන් ඒකරාශීව ක්‍රියාකරයි. අන්‍යොන්‍ය සබඳතා වර්ධනය වෙයි. සතුරු බලපෑම් ඉවත් වෙයි. පාදවල ආබාධ, සන්ධි රෝග සාදයි. ශුභ වර්ණය – ළා කහ, ජය අංකය – 09
මකර
ශුභ ඵල මතුකරයි. ප්‍රීති උත්සව යෙදේ. ගමන් බිමන්වලදී ප්‍රවේශම මැනවි. රැකීරක්ෂා ස්ථානවල තරමක් සිත් චංචල කරවන ක්‍රියා මතු කරයි. ව්‍යාපාරවල දියුණුව පෙනේ. වාතාධික රෝග, ස්නායු රෝගාදියට හේතුයි. ශුභ වර්ණය – තද දුඹුරු, ජය අංකය – 08
කුම්භ
ශුභ ඵල සහිතයි. ක්‍රියාශීලියි. ප්‍රබෝධවත්ව රැකියාවල යෙදේ. හදිසි තීරණ මත ක්‍රියාකිරීම ශුභදායි නොවේ. නවක මිතුදම් ඇතිවෙයි. ප්‍රීති උත්සව යෙදේ. ප්‍රේම සබඳතා වර්ධනය වෙයි. ආමාශගත රෝග වර්ධනය වේ. ශුභ වර්ණය – දම්, ජය අංකය – 03
මීන
ශුභාශුභ මිශ්‍ර ඵල මතුකරයි. රැකියාවල උනන්දුවෙන් යෙදේ. උසස්වීම් වැනි දේවලට හේතුයි. පොදු සේවා කටයුතුවල ද යෙදේ. විනෝදජනක කටයුතුවල යෙදේ. හදිසි ලාභ ලැබීම්වලට හේතුයි. සිරසගත රෝග සාදයි. ශුභ වර්ණය – තද කහ, ජය අංකය – 01