
මේෂ –
තරමක් අවිවේකී බැවින් කාලය කළමනාකරණය කළ යුතුයි. අතපසුවීම් ද බහුල වෙයි. බලාපොරොත්තු රහිත ලෙස වැයපස ද ඉහළ යයි. ඇසුරු කරන්නන් අතර ප්‍රධාන වෙයි. සෙම් කෝප රෝග, උෂ්ණ රෝග මතු කරයි. ශුභ වර්ණය – තද රෝස, ජය අංකය – 05
වෘෂභ –
දුර ගමන් යෙදේ. උත්සව සාද වැනි දේවල් යෙදේ. අලංකාර කටයුතුවල, විනෝදජනක ක්‍රියාවන්හි යෙදේ. සුහදතා වර්ධන ක්‍රියාවන්හි යෙදේ. සතුරන් ද දමනය වේ. හදිසි ලාභ ලබයි. මුත්‍රා ආසාදන, මේහ රෝග මතුකරයි. ශුභ වර්ණය – ක්‍රීම්, ජය අංකය – 02
මිථුන –
ගමන් බිමන් යෙදේ. එවැනි දේ සංවිධාන කිරීම්වලට හේතුයි. පොදු උත්සව, සමිති සමාගම් ආදියෙහි යෙදේ. තම ඥාතීන්ගේ අවශ්‍යතා මත ක්‍රියාකිරීමට සිදුවෙයි. වැයපස ද තරමක් ඉහළ යයි. සිරසගත රෝග පීඩා මතුකරයි. ශුභ වර්ණය – ළා නිල්, ජය අංකය – 07
කටක –
ආගමික වතාවත්වලට ගරුකරයි. උත්සව සාද ආදියට සහභාගි වේ. නවක මිතුදම් ඇතිවෙයි. තනතුරු ලාභ ද ගෙනදෙයි. විනෝදජනක ක්‍රියාවන්හි ද යෙදේ. ජනප්‍රසාදය දිනයි. හදිසි ධන ලාභ ද ලබයි. මූල රෝග, බගන්දර වැනි බඩවැල් රෝග මතු කරයි. ශුභ වර්ණය – රන්වන්, ජය අංකය – 01
සිංහ –
දහමට ළැදිව ක්‍රියාකරයි. දානමානාදී කුසලකර්මවල යෙදේ. වැයපස ඉහළ යයි. සුහද සිතින් ක්‍රියාකරයි. නවක මිතුදම් ඇති වෙයි. පැරණි මිතුදම් වර්ධනය වෙයි. ස්නායුගත රෝග මතු කරයි. ශුභ වර්ණය – තැඹිලි, ජය අංකය – 01
කන්‍යා –
ගමන් බිමන් බහුල වේ. වන්දනා ගමන් ආගමික වැඩසටහන්වලට අවතීර්ණව ක්‍රියාකරයි. තරමක් වැයපස ඉහළ යයි. සහන සිතුවිලි මත ක්‍රියාකරයි. ඥාති මිත්‍රාදීන් සමීපව ක්‍රියාකරයි. මුත්‍රා ආසාදන ඇතිකරයි. ශුභ වර්ණය – කොළ, ජය අංකය – 06
තුලා –
ආගමානුකූල ක්‍රියාවනට මුල්තැන දෙයි. ගමන් බිමන් ද යෙදේ. ඥාති මිත්‍රාදීන් ඒකරාශීව ක්‍රියාකරයි. දුරස්ථ වූ ඥාතීන් සමීප කරවන ක්‍රියා යෙදේ. නවක මිතුදම් ඇතිවෙයි. ඍජු ගුණ මතු කරයි. සෙම් රෝග, උෂ්ණ රෝග මතුවේ. ශුභ වර්ණය – සුදු, ජය අංකය – 03
වෘශ්චික –
දාන ශීලාදී ගුණධර්මවල යෙදෙන අතර තම ඥාති මිත්‍රාදීන් ඒකරාශීව ක්‍රියාකරයි. ආගමික උත්සවවලට ද සහභාගි වෙයි. තරමක් මිල මුදල් වැයකරත් සහන සිතුවිලි මත ක්‍රියාකරයි. සන්ධි ප්‍රදාහ රෝග මතුවේ. ශුභ වර්ණය – රතු, ජය අංකය 08
ධනු –
ශුභා ශුභඵල දෙයි. ක්‍රියාශීලී දිනකි. රාජකාරිවලදී කැපී පෙනෙයි. ගමන් බිමන් ද තරමක් යෙදේ. සුහදතා වර්ධන ක්‍රියාවන්හි ද යෙදේ. සතුරු බලපෑම් දමනය වෙයි. ලේ දූෂිත රෝග, මුත්‍රා ආසාදන මතුවේ. ශුභ වර්ණය – කහ, ජය අංකය – 09
මකර –
ශුභා ශුභඵල මතුකරයි. ගමන් බිමන් යෙදෙන අතර ප්‍රවේශමෙන්. හුදකලා බවින් අත මිදේ. තම ඥාතියකු වෙනුවෙන් වැයපස ඉහළ යයි. නව වැඩ ඇරඹීමට ශුභයි. මූල රෝග, බඩවැල් රෝග මතුවේ. ශුභ වර්ණය – දුඹුරු, ජය අංකය – 08
කුම්භ –
තරමක් අවිවේකී දිනකි. තම ඥාතීන්ගේ අවශ්‍යතා මත දවස ගෙවේ. තම නිවස තරමක උත්සව ස්වභාවයක් මතුකරයි. රාජකාරි ද බහුල දිනකි. හදිසි ධන ලාභ ලැබීම්වලට හේතුයි. සන්ධි රෝග, වාත රෝග මතුවේ. ශුභ වර්ණය – නිල්, ජය අංකය – 04
මීන –
ක්‍රියාශීලී දිනකි. අතපසු වැඩ ඉදිරියට කරගෙන යෑමේ ශක්තිය මතු කරයි. නව වැඩ ඇරඹීමට ද හේතුයි. හුදකලා බවින් අතමිදේ. නව මිතුදම් ඇතිවෙයි. වැයපස ඉහළ යයි. ඉදිමුම් රෝගවලට හේතුයි. ශුභ වර්ණය – දම්, ජය අංකය – 07