මේෂ
රාජකාරි බහුල දිනකි. අමතර ක්‍රියාකාරකම්ද යෙදේ. උත්සව සාද වැනි දේවලට සහභාගි වීමේ අවස්ථාද යෙදේ. බලාපොරොත්තු රහිත ලෙස වැයපසද ඉහළ යයි. අන් අයගේ අවශ්‍යතා මත ක්‍රියා කරයි. සන්ධි ප්‍රදාහ රෝග මතු වේ. ශුභ වර්ණය – රතු, ජය අංකය – 05
වෘෂභ
අවිවේකි දිනකි. රාජකාරී මෙන්ම තම ක්‍රියාකාරකම්ද බහුල දිනකි. පොදු සේවා කටයුතු සමාජ සත්කාරක ක්‍රියා ආදියෙහි යෙදේ. තම ඥාතීන් සමග ක්‍රියා කරයි. වැයපස තරමක් ඉහළ යයි. ස්නායු ගත රෝග මතු කරයි. ශුභ වර්ණය – සුදු, ජය අංකය – 04
මිථුන
නව නිර්මාණ ඇරඹීමට හේතුයි. උත්සව සාද වැනි දේවල් යෙදේ. නවක මිතුදම් ඇති වෙයි. තම ඥාති සබදතාද වර්ධන කටයුතු යෙදේ. තම ව්‍යාපාරවලද පැහැදිලි වර්ධනයක් මතු වෙයි. හදිසි ලාභ ලබයි. සෙම් බහුල රෝග උෂ්ණ රෝග මතු වේ. ශුභ වර්ණය – කොළ, ජය අංකය – 03
කටක
ක්‍රියාකාරි දිනකි. රාජකාරිවලදී මූලිකව ක්‍රියා කරයි. තරමක් ගමන් බිමන් යෙදේ. මංගල සාද උත්සව වැනි දේවල් යෙදේ. අලංකාර කටයුතු යෙදේ. අමතර ලාභ ගෙන දෙයි. හදිසි ලාභ ලබයි. සිරස ගත රෝග පීඩා මතු කරයි. ශුභ වර්ණය – රෝස, ජය අංකය – 07
සිංහ
ආගමික වතාවත් මුල්කර දවස ක්‍රියා කරයි. මිල මුදල් වැය කරයි. තම ඥාති මිත්‍රාදින් ඒකරාශිව ක්‍රියා කරයි. ගමන් බිමන්ද යෙදෙන අතර උත්සව සාද වැනි දේ යෙදේ. වාතාධික රෝග මුත්‍රා රෝග මතු වේ. ශුභ වර්ණය – ලා රතු, ජය අංකය – 01
කන්‍යා
අධ්‍යාත්මික ගුණ වගාවන් වර්ධන ක්‍රියාවන්හි යෙදේ. තම ඇසුරු කරන්නෝද දහමට යොමු කරවයි. ප්‍රීති උත්සවද යෙදෙන බලාපොරොත්තු රහිත ලෙස වැය ඉහළ යන දිනකි. ස්නායු රෝග ඉදිමුම් රෝග මතු වේ. ශුභ වර්ණය – රන්වන්, ජය අංකය – 06
තුලා
පොදු සේවා කටයුතු සමාජ සත්කාරක ක්‍රියා ආදියෙහි යෙදේ. ආගමික පුද පූජා ගරු කරයි. උත්සව සාද වැනි දේවල්වලටද හේතුයි. තරමක් මිල මුදල් වැයවෙයි. මෞත්‍ර ලිංගික පද්ධතියේ රෝගද මතු වේ. ශුභ වර්ණය – ක්‍රීම්, ජය අංකය – 09
වෘශ්චික
දාන මානාදි ක්‍රියාවන් ශිලාදි ගුණධර්මවල යෙදෙන අතර තම ඥාතී මිත්‍රාදීන්ද දහමට යොමු කරවන දිනකි. පැරණි මිතුදම් වර්ධනය වන ක්‍රියා යෙදේ. වැයපස ඉහළයි. සෙම් රෝග උෂ්ණ රෝග මතු වේ. ශුභ වර්ණය – දුඹුරු, ජය අංකය – 08
ධනු
ක්‍රියාකාරි දිනකි. තරමක් බාහිර ක්‍රියාවන්ද යෙදේ. ප්‍රීති උත්සව සාද වැනි දේවලටද හේතුයි. නව මිතුදම් ඇති වෙයි. විනෝදකාමි ක්‍රියාවන්හිද යෙදෙන වැය පස ඉහළ යන දිනකි. සෙම් රෝග මතු වේ. ශුභ වර්ණය – පච්ච වර්ණය, ජය අංකය – 09
මකර
ක්‍රියාශීලි දිනකි. ප්‍රීති උත්සව මංගලසාද වැනි දේවලට හේතුයි. නවක මිතුදම් පේම සබඳතා වර්ධනය වෙයි. නව නිර්මාණ ඇරඹීමට හේතුයි. තම මිතුරන්ගෙන් උදව් උපකාරද ලබයි. මුත්‍රා රෝග මතු වෙයි. ශුභ වර්ණය – නිල්, ජය අංකය – 02
කුම්භ
දුර ගමන් යෙදේ. ප්‍රීති උත්සව විනෝදජනක ක්‍රියා ආදියෙහි යෙදේ. තම ඥාතී මිත්‍රාදීන් ඒකරාශීව ක්‍රියා කරයි. අනෝයන්‍ය සබඳතා වර්ධනය වෙයි. හදිසි ධන ලාභ ලබයි. වාත රෝග හදිසි රෝග මතු කරයි. ශුභ වර්ණය – දම්, ජය අංකය – 05
මීන
ප්‍රීති උත්සව මංගල සාද යෙදෙන අතර රාජකාරි වලදී කැපී පෙනෙයි. මහජන ප්‍රසාදයට පත්වන කරුණු කාරණා යෙදේ. තරමක අවිවේකි බවක් දෙන දිනකි. නව මිත්‍ර සබඳතා වර්ධනය වෙයි. සන්ධි රෝග ඉදිමුම් රෝග යෙදේ. ශුභ වර්ණය – කහ, ජය අංකය – 01