මේෂ
නව නිපැයුම් අත්හදා බැලීම් හෝ එවැනි දේවල්හි ක්‍රියාකාරි වෙයි. තම හිත මිතුරන් ගෙන් ද උදව් උපකාර ද ලබයි. අරමුණු ජය ගනී. යාන වාහන ලාභ ද ලබයි. හදිසි ධන ලාභ දෙයි. සෙම් රෝග, උෂ්ණ රෝග මතු කරයි.
ශුභ වර්ණය – රතු, ජය අංකය – 07
වෘෂභ
තම ව්‍යාපාරික කටයුතුවල තරමක් වෙහෙසව ක්‍රියා කිරීමට සිදුවෙයි. තම ඥාතීන්ගේ අවශ්‍යතා මත තරමක් වැයපස ඉහළ යයි. සුළු වශයෙන් උත්සව, සාද වැනි දේවල යෙදේ. අභ්‍යන්තර ඉන්ද්‍රියන්හි රෝග මතු වේ.
ශුභ වර්ණය – සුදු, ජය අංකය – 03
මිථුන
ක්‍රියාකාරකම් බහුල වෙයි. අවිවේකියි. අතපසුවීම්වලට හේතුයි. ඉවසීමෙන් ක්‍රියා කළ යුතු අතර ඇසුරු කරන්නන් සමග වාද විවාද සුදුසු නොවේ. අමතර ලාභ ලැබීම් මතුවෙයි. ශ්වසන රෝග, උෂ්ණ රෝග මතු කරයි.
ශුභ වර්ණය – කොළ, ජය අංකය – 06
කටක
ක්‍රියාශීලි දිනකි. ගමන් බිමන් ද යෙදෙන අතර අලංකාර ක්‍රියා සඳහා වැයපස ද ඉහළ යයි. තම ඥාති මිත්‍රාදීන් සඳහා තරමක් වැයපස ඉහළ යයි. හදිසි ධන සම්පත් ලාභ දෙයි. සිරසාබාධ, උෂ්ණාධික රෝග මතු වේ.
ශුභ වර්ණය – කහ, ජය අංකය – 04
සිංහ
වෙහෙසව ක්‍රියා කිරීමට සිදුවන දිනකි. තරමක් ආවේගශීලී ගති මතු කරයි. කෙටි ගමන් බිමන් ද යෙදේ. වැයපස ද නොහිතන තරමට වැය වෙයි. හදිසි ලාභ ද ලබයි. සන්ධිගත රෝග ද මතු කරයි. ශුභ වර්ණය – ළා දම්, ජය අංකය – 01
කන්‍යා
ශුභවාදී පල මතුකරන අතර තම අරමුණු තරමක් දුරට ජයගනී. තම ඥාති මිත්‍රාදීන් ගෙන් උදව් උපකාර ද ලබයි. තම සුපුරුදු ක්‍රියාවන්හි ප්‍රබෝධයෙන් ක්‍රියාවේ යෙදේ. සෙම් කෝප රෝග ද මතු වේ.
ශුභ වර්ණය – රන්වන්, ජය අංකය – 02
තුලා
ශුභා ශුභ ඵල මතු කරයි. ගමන් බිමන් යෙදෙන නමුත් ප්‍රවේශම මැනවි. තම ඥාතීන්ගේ අවශ්‍යතා මත ක්‍රියා කිරීමට සිදුවෙයි. සුහදතා වර්ධන ක්‍රියාවන්වලට යොමුවෙයි. උදරාබාධ, මූලවාත රෝග මතු වේ.
ශුභ වර්ණය – ක්‍රීම්, ජය අංකය – 07
වෘශ්චික
ශුභා ශුභ පලදෙයි. තරමක් ක්‍රියාශීලිව කටයුතුවල යෙදේ. ව්‍යාපාරවල දියුණුවක් පෙනේ. සතුරු බලපෑම් දමනය වෙයි. සමාජ සත්කාරවල යෙදේ. වැයපස ඉහළයි. සිරසගත රෝග මතු වේ.
ශුභ වර්ණය – දුඹුරු, ජය අංකය – 08
ධනු
කලබලකාරි ගති මතු කරයි. සුළුවෙන් හෝ ප්‍රීති සාද වැනි දේකට ද හේතුයි. දුරස්ථව සිටි ඥාතීන් සමීප කරවන ක්‍රියා යෙදේ. අමතර ලාභ දෙයි. සිරසගත රෝග මතු කරවන දිනකි. බලාපොරොත්තු රහිතව වැයපස ඉහළ යයි.
ශුභ වර්ණය – රෝස, ජය අංකය – 01
මකර
අවිවේකය මත තරමක් ආවේගශීලිව ක්‍රියා කරයි. සතුරු බලවේග ද මතුවීමට ඉඩ තිබේ. ඉවසීමෙන් ක්‍රියා කළ යුතු දිනකි. වැයපස ද ඉහළ යයි. සෙම්කෝප රෝග මතු කරවයි. තනතුරු ලාභ, වරප්‍රසාද ලබන දිනකි.
ශුභ වර්ණය – තද දුඹුරු, ජය අංකය – 08
කුම්භ
ක්‍රියාශීලි දිනකි. අතපසු වැඩ කරගෙන යෑමේ ශක්තිය ඇතිවෙයි. ඥාති මිත්‍රතා සම්බන්ධතා වර්ධනය වෙයි. අසල්වැසියන් සමග සුහදතාව වර්ධනය වෙයි. වාතාධික රෝග, කොන්දේ වේදනා මතු වේ. නව නිපැයුම් ඇරඹීමට නොදෙයි.
ශුභ වර්ණය – නිල්, ජය අංකය – 05
මීන
සාමාන්‍ය ලෙසින් දවස ගෙවයි. තම ඥාති මිත්‍රාදීන් එක්රැස්ව ක්‍රියාකරයි. සුළුවෙන් ප්‍රීති සුවය විඳින දිනකි. වැයපස ද ඉහළ යයි. ප්‍රසාදයට පත්වෙයි. ඉදිමුම් රෝග, සන්ධි වාත මතු වේ. දහමට ද ලැදිව ක්‍රියා කරයි.
ශුභ වර්ණය – දම්, ජය අංකය – 09