මේෂ
තරමක් අවිවේකී බවක් මතුකරයි. බාහිර ක්‍රියාකාරකම් යෙදේ. කාලය කළමනාකරණය කළ යුතු අතර අතපසුවීම්වලට හේතුයි. බලාපොරොත්තු රහිත ලෙස වැය ඉහළයි. සිරස ගත රෝග ද මතු කරයි. ශුභ වර්ණය – තද රෝස, ජය අංකය – 03
වෘෂභ
රාජකාරිවලදී ප්‍රවේශම මැනවි. තම ක්‍රියාකාරකම් විවේචනයට හේතුයි. තරමක් සිත් චංචල කරවයි. ඉවසීමෙන් ක්‍රියා කළ යුතු භූමිලාභ සම්පත්ගෙනදීමට ද හේතුයි. ස්නායුගත රෝග, නහර වේදනා මතුවේ. ශුභ වර්ණය – ක්‍රීම්, ජය අංකය – 02
මිථුන
තම ව්‍යාපාරයන්හි පැහැදිලි දියුණුවක් මතු කරයි. රාජකාරි ස්ථානවල පැහැදිලි වෙනසක් ගෙන දෙයි. ඇසුරින් දුරස්ථ ඥාතීන් සමීප කරවයි. විනෝදජනක ක්‍රියාවන්හි ද යෙදේ. මුත්‍රා ආසාදන මේහ රෝග මතුවේ. ශුභ වර්ණය – ලා නිල්, ජය අංකය – 06
කටක
තරමක් රාජකාරි බහුල දිනකි. අතපසුවීම්වලටද හේතුයි. ආවේගශීලී ගති මතු කරයි. නව නිර්මාණකරණයට ද හේතුයි. යාන වාහන මිලට ගැනීමට, විකිණීමට ශුභයි. සෙම් රෝග උෂ්ණ රෝග මතු කරයි. ශුභ වර්ණය – රන්වන්, ජය අංකය – 04
සිංහ
බාහිර ක්‍රියාකාරකම්වල යෙදෙන තම ඥාති මිත්‍රාදීන් සමග ඒකරාශීව ක්‍රියා කරන දිනකි. ආගමික වතාවත් ගරු කරයි. සමාජ සත්කාරක ක්‍රියාවන්හි යෙදේ. වැය ඉහළයි. බඩවැල් ආශ්‍රිත රෝග, මූල රෝග මතුවේ. ශුභ වර්ණය – ලා දම්, ජය අංකය – 01
කන්‍යා
ගමන් බිමන් බහුලයි. තම අරමුණු ජයගනී. උත්සව සැණකෙළි වැනි දේවල යෙදේ. නව මිතුදම් ඇති වෙයි. තම වටිනාකමද ප්‍රදර්ශනය වෙයි. ඇසුරු කරන්නන් අතර ප්‍රධාන වෙයි. වැය පස ඉහළයි. නේත්‍ර රෝග, මුඛ රෝග මතු කරයි. ශුභ වර්ණය – රන්වන්, ජය අංකය – 05
තුලා
ක්‍රියාශීලී දිනකි. විනෝද ගමන් ක්‍රියා කාරකම් ආදියෙහි යෙදේ. ප්‍රීති සාද යෙදේ. දහමට අවතීර්ණව ක්‍රියා කරයි. තම ඥාතීන් දහමට යොමු කරවයි. පොදු සේවා ක්‍රියාවන්හි ද යෙදේ. සන්ධි රෝග, ඉදිමුම් රෝග මතුවේ. ශුභ වර්ණය – සුදු, ජය අංකය – 03
වෘශ්චික
ප්‍රීති උත්සව සාද යෙදේ. විනෝද ක්‍රියාවන්හි යෙදෙන වැයපස ඉහළ යන දිනකි. තම නිවස උත්සව ශ්‍රියාවක් ද ගෙන දෙයි. ඥාති සබඳතා වර්ධනය වෙයි. වැය පස ඉහළ යයි. මුත්‍රා රෝග අශ්මරි වැනි දේට හේතුයි. ශුභ වර්ණය – දුඹුරු, ජය අංකය – 02
ධනු
ශුභවාදී ඵලදෙයි. තරමක් සුහදතා වර්ධන ක්‍රියාවන්හි යෙදේ. රැකියාවන්හි ප්‍රබෝධයෙන් යෙදේ. තම ව්‍යාපාරවලද පැහැදිලි දියුණුවකට හේතුයි. යටපත්ව තිබූ රෝග නැවත මතු කරයි. ශුභ වර්ණය – රෝස, ජය අංකය – 01
මකර
ශුභා ශුභ ඵලදෙයි. තරමක් අලසව ක්‍රියා කරයි. තමන් ගැන කලකිරීම් මතු කරයි. අතමිට තරමක් හිඟවෙයි. ඇසුරු කරන්නන්ගෙන් උදව් උපකාර වැනිදේ ලබයි. වාතාධික රෝග පැන නැඟේ. ශුභ වර්ණය – නිල්, ජය අංකය – 09
කුම්භ
ශුභා ශුභ මිශ්‍ර ඵලදෙයි. රාජකාරිවල ප්‍රබෝධමත්ව යෙදේ. සමාජ සත්කාරක ක්‍රියාවන්හි යෙදේ. තම ඥාතීන්ගේද අවශ්‍යතා මත දවස ක්‍රියා කරයි. අමතර ලාභ ලැබීම් සෙම් ආසාදන රෝග මතුවේ. ශුභ වර්ණය – තද දුඹුරු, ජය අංකය – 05
මීන
ශුභවාදී ඵල මතුවෙයි. තම අරමුණු තරමක් ජයගනී. කලක් මනසට වධ දුන් ප්‍රශ්න නිරාකරණය වෙයි. ඥාති සබඳතා මර්දනය වෙයි. අමතර ලාභ ද ලබයි. උදරාබාධ බඩවැල් රෝග මතුවෙයි. ශුභ වර්ණය – තද කහ, ජය අංකය – 07