පාකිස්තානයේ ලාහෝර් නුවර නිවසක සුරතලයට ඇති කරන සිංහයකු පැන ගොස් කාර්ය බහුල වීදියක කාන්තාවකට සහ දරුවන් දෙදෙනකුට පහර දී සපා කා තිබේ.
සීසීටීවී දර්ශනවලින් දැක්වෙන්නේ සිංහයා බිත්තියක් උඩින් පැන ජනයා මතට දිව යන ආකාරයයි.
සිංහයා අල්ලා වනජීවී උද්‍යානයට යවා තිබෙන අතර අදාළ හිමිකරු පොලිසිය මගින් අත්අඩංගුවටගෙන තිබේ. පාකිස්තානයේ දැඩි කොන්දේසි සහ ඉහළ ගාස්තු සහිත බලපත්‍රයක් ලබා ගැනීමෙන් පසු මිනිසුන්ට සිංහයින් වැනි සතුන් නීත්‍යානුකූලව තබා ගත හැකිය.
චතුර පමුණුව