පසුගියදා ඇමරිකානු හමුදා විසින් ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනක් වෙත එල්ල කරන ලද ප්‍රහාරයන් හේතුවෙන් ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ දශක කිහිපයක් පසුපසට හැරවූ බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ. නෙදර්ලන්තයේ හේග් නගරයේ පැවැත්වෙන නේටෝ සමුළුවට සහභාගී වෙමින් මේ බව පවසා ඇති ඇමරිකානු ජනාධිපතිවරයා ඇමරිකානු හමුදා ප්‍රහාරයන් හේතුවෙන් ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන සම්පූර්ණයෙන් මකා දැමීමක් සිදුව ඇති බව අවධාරණය කර තිබේ.
මේ අතර නේටෝ සමුළුවට යමින් සිටියදී නේටෝ සංවිධානයේ මහා ලේකම් මාක් රුට්ටේ විසින් ඊශ්‍රායල – ඉරාන යුද්ධයේදී තමා සිදු කළ කාර්ය භාරය පසසමින් එවන ලද කෙටි පණිවිඩයක් ඇමරිකානු ජනාධිපතිවරයා විසින් සමාජ මාධ්‍ය ජාලයට මුදා හැර තිබේ. එම කෙටි පණිවිඩයෙහි ඩොනල්ඩ් ඔබ ඇමරිකාවට යුරෝපයට හා මුළු ලෝකයටම වැදගත් අවස්ථාවක් අප වෙත උදා කර දී තිබේ. ඔබ මෙතෙක් කිසිදු ඇමරිකානු ජනාධිපතිවරයකුට දශක ගණනාවකට ළඟා විය නොහැකි වූ යම් දෙයක් කරා ළඟා වනු ඇත යනුවෙන් සඳහන්ව තිබේ.