ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඇමරිකාවේ සිටින නීතිවිරෝධී සංක්‍රමණිකයන් සිය මවුරටට හැර වෙනත් රටකට පිටුවහල් කිරීම අවහිර කරමින් පහළ අධිකරණයක් විසින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත නිකුත් කර තිබූ අධිකරණ නියෝගය ඉවත් කරමින් නියෝගයක් නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් විසින් නීති විරෝධී සංක්‍රමණිකයන් සිය මවුරටවලට හැර වෙනත් රටකට පිටුවහල් කිරීමට පෙර සංක්‍රමණිකයන්ගේ අදහස් විමසීමක් කළ යුතු බවට පහළ අධිකරණයක් විසින් නියෝගයක් ලබා දී තිබූ අතර එම නියෝගය අත්හිටුවමින් ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ට්‍රම්ප් ජනාධිපතිවරයාට නීති විරෝධී සංක්‍රමණිකයන් වෙනත් රටකට පිටුවහල් කිරීම සඳහා අවසරය ලබා දී තිබේ.