අප්‍රිකානු රාජ්‍යයක් වන සුඩානයේ රජයේ හමුදා හා කැරලිකාර කණ්ඩායමක් අතර පවතින සටන් හේතුවෙන් එල්ල වූ ප්‍රහාරයක් රෝහලකට එල්ල වීම නිසා 40කට අධික පිරිසක් මියගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර ඇති ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා වන විශේෂඥ වෛද්‍ය ටෙඩ්රෝස් ඇඩ්හනම් ගෙබ්‍රේයේසුස් පවසා ඇත්තේ කුමන ස්ථානයක හෝ සෞඛ්‍ය ආයතනවලට පහරදීම නැවැත්විය යුතු බවයි.
ඉකුත් සෙනසුරාදා සුඩානයේ අල් මුජ්ල්ඩ් රෝහලට එල්ල වූ ප්‍රහාරයක් හේතුවෙන් ළමුන් රැසක් ඇතුළු 40කට අධික පිරිසක් මියගොස් ඇති බව වාර්තා විය. කැරලිකාර කණ්ඩායමක් වන ‘රැපිඩ් සපෝට් ෆෝසස්’ කණ්ඩායම අදාළ ප්‍රහාරය සුඩාන හමුදාව විසින් එල්ල කළ බවට චෝදනා කර තිබේ. කෙසේ වුවද මේ සම්බන්ධයෙන් සුඩාන හමුදාව විසින් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැත.