කොටස් වෙළෙඳපළ අගයත් වැඩි වේ
සති දෙකකට ආසන්න කාලයක් මුළුල්ලේ ඊශ්‍රායලය හා ඉරානය අතර ඇවිළෙමින් තිබූ යුද්ධය අත්හිටුවීමේ සටන් විරාමයකට ඊශ්‍රායලය විසින් එකඟ වීමත් සමගම ලෝක වෙළඳපළේ ඉන්ධන මිල ඊයේ (24) දිනයේ සියයට 5කින් පමණ අඩු වූ බව විදෙස් මාධ්‍ය පවසයි. මේ අනුව බ්‍රෙන්ට් කෘඩ් ඉන්ධන බැරලයක මිල ඊයේ දිනයේ ඇමරිකානු ඩොලර් 68ක් දක්වා පහළ වැටී තිබූ බව වාර්තා වේ. මෙම ඉන්ධන බැරලයක මිල ඊශ්‍රායලය හා ඉරානය අතර යුද්ධය හටගැනීමට පෙර පැවතියේ දැනට පවතින මිලටත් වඩා ඉහළ අගයකය.
ඊශ්‍රායල – ඉරාන යුද්ධය මධ්‍යයේ ඉරානය විසින් ඉන්ධන හා ගෑස් ප්‍රවාහනය කරන ප්‍රධාන ජාත්‍යන්තර නෞකා මාර්ගයක් වන හෝමුස් සමුද්‍ර සන්ධිය අවහිර කරනු ඇති බවට පැතිර ගිය ප්‍රචාරයන් හේතුවෙන් පසුගිය දිනවල ලෝක වෙළඳපළේ ඉන්ධන මිල ගණන් ඉහළ ගොස් තිබිණි. මේ අතර ඊශ්‍රායලය හා ඉරානය අතර හටහෙන තිබූ යුද්ධය අත්හිටුවමින් සටන් විරාමයක් ක්‍රියාත්මක වන බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ප්‍රකාශයට පත් කිරීමත් සමගම එංගලන්තයේ මෙන්ම යුරෝපා හා ආසියාතික රටවල කොටස් වෙළඳපළවල කොටස් අගයන් ඉහළ ගිය බව වාර්තා වේ.