ඉකුත් ජුනි 12 දා ඉන්දියාවේ අහමදාබාද් නගරයෙන් ගුවන්ගත කිරීමෙන් පසු කඩා වැටුණු ‘එයාර් ඉන්ඩියා’ ගුවන් යානයේ ගමන් ගත් මගීන්ගෙන් දිවි බේරාගත් එකම පුද්ගලයා වූ එංගලන්ත පුරවැසියකු වන විශ්වාස්කුමාර් රමේෂ් වෙළුම්පටි යෙදූ තුවාල සහිතව තමා සමග ගුවන් යානයේ ගමන් කරමින් සිටියදී මියගිය සිය සොහොයුරාගේ අවමඟුල් උත්සවයට සහභාගි වී තිබේ.
එහිදී විශ්වාස්කුමාර් අමාරුවෙන් වුවද සිය බාල සොහොයුරාගේ මෘත දේහය සහිත දෙන ඔසවාගෙන යෑමට සහාය වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ. බටහිර ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේදී ගුවන් අනතුරෙන් මියගිය විශ්වාස් කුමාර්ගේ සොහොයුරා වන අජිත් රමේෂ්ගේ අවමංගල කටයුතු පෙරේදා (18) සිදු කර තිබේ.
මගීන් 241 දෙනකුට මරු කැඳවමින් සිදු වූ එයාර් ඉන්ඩියා ඩී්‍රම්ලයිනර් ගුවන් යානා අනතුරෙන් දිවි බේරාගත් 40 හැවිරිදි විශ්වාස් කුමාර්ගේ බාල සොහොයුරා වන 35 හැවිරිදි අජිත් රමේෂ් අනතුරින් මියගියේය. ඔවුන් දෙදෙනාම අසුන් ගෙන සිට ඇත්තේ එකට බව වාර්තා වී තිබේ.
දිවි බේරාගත් විශ්වාස් කුමාර් ගුවන් යානා අනතුරෙන් පසු දින පහක් ඔහුට සිදු වූ තුවාල සඳහා රෝහල්ගතව ප්‍රතිකාර ලබා තිබුණි. ඔහු සිය සොහොයුරාගේ අවමඟුල සඳහා සහභාගි වී ඇත්තේ ද කොර
ගසමිනි. මේ අතර එයාර් ඉන්ඩියා ගුවන් යානා අනතුරෙන් විශ්වාස් කුමාර් රමේෂ් දිවි ගලවාගත්තේ කෙසේද යන්න බොහෝ දෙනාට තවමත් ගැටලු සහගත වී ඇති අතර ඇසින් දුටු අයකු ඉන්දීය මාධ්‍යයට පවසා ඇත්තේ දිවි ගලවා ගැනීමෙන් පසු විශ්වාස්කුමාර් පළමුව කර ඇත්තේ තමන් සමග ගුවන් යානයේ ගමන් ගත් සොහොයුරා සොයා පිළිස්සෙමින් ඇති ගුවන් යානය වෙත යෑමට උත්සාහ ගැනීම බවයි.
ඒමන්ති මාරඹේ