Thursday, 17 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ඊශ්‍රායල-ඉරාන යුද්ධයේ හය වැනි දිනයේ දෙපාර්ශ්වයෙන්ම ගුවන් හා මිසයිල ප්‍රහාර
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Thursday, 17 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ඊශ්‍රායල-ඉරාන යුද්ධයේ හය වැනි දිනයේ දෙපාර්ශ්වයෙන්ම ගුවන් හා මිසයිල ප්‍රහාර
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
Ad imageAd image
විදෙස්

ඊශ්‍රායල-ඉරාන යුද්ධයේ හය වැනි දිනයේ දෙපාර්ශ්වයෙන්ම ගුවන් හා මිසයිල ප්‍රහාර

June 19, 2025
427 Views

ඊශ්‍රායලයෙන් ඉරානයේ
න්‍යෂ්ටික පහසුකම්වලට ප්‍රහාර

ඊශ්‍රායල-ඉරාන යුද්ධය ඊයේ (18) හයවැනි දිනට එළඹෙද්දී ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයන් හේතුවෙන් ඉරානයේ ටෙහෙරාන් අගනුවර හා ඒ අවට ප්‍රදේශවලින් පිපිරුම් ශබ්ද නිකුත් වූ බව විදෙස් මාධ්‍ය විසින් වාර්තා කර තිබේ. ඊයේ උදෑසන ඊශ්‍රායල ගුවන් හමුදා ප්‍රහාරයන් ඉරානයේ පිහිටි ප්‍රධාන පෙළේ මිසයිල නිෂ්පාදන කම්හලක් හා අධ්‍යාපන ඇකඩමියක් වෙත එල්ල කර තිබූ අතර ඊශ්‍රායල ප්‍රහාරක ජෙට් යානා 50කට අධික සංඛ්‍යාවක් පෙරේදා (17) ඉරානයේ හමුදා යටිතල පහසුකමකට ප්‍රහාර එල්ල කර තිබේ. එම ප්‍රහාරයෙන් ඉරාන හමුදාවන් සතු බලාගාරවලට ඉන්ධන සැපයීම හා න්‍යෂ්ටික ආයුධ නිපදවීම සඳහා යොදා ගන්නා යුරේනියම් හෙක්සෆ්ලොරයිඩ් වායුව සපයන යන්ත්‍රවලට ද හානි සිදුව ඇති බව වාර්තා වේ.

ඊශ්‍රයාලය විසින් මෙම ප්‍රහාරයන් එල්ල කිරීමට පැය කිහිපයකට පෙර ටෙහෙරාන් නගරයේ හමුදා ගොඩනැගිලි හා නිවාස ගොඩනැගිලි තිබෙන එයිටින් නමැති දිස්ත්‍රික්කයේ වැසියන්ට සිය නිවෙස්වලින් ඉවත්ව යන ලෙස දැනුම් දීමක් කර තිබිණි. ඊශ්‍රායල ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාර වශයෙන් ඉරානය ද ඊශ්‍රායලයේ ටෙල් අවිව්, ජෙරුසෙලම හා හයිපා යන නගර වෙත නවීන මෙන්ම මාරාන්තික හයිපර් සොනික් ෆාටා – 1 මිසයිල මෙන්ම බැලස්ටික් මිසයිල හා ඩ්‍රෝන යානා ප්‍රහාරයන් එල්ල කළ බව වාර්තා වේ. කෙසේ වුවද ඉරාන හමුදා ප්‍රහාරවලින් කිසිවකුටත් හානි සිදු වූ බවට වාර්තා වී නොමැත. ඉරාන මිසයිල ප්‍රහාරයන් හේතුවෙන් ටෙල් අවිව් නගරයේ වෙසෙන ඊශ්‍රායල වැසියන් පසුගිය දිනවල් පුරා පොළව යට පිහිටි බංකරවල කාලය ගත කර තිබිණි. ඉරාන විප්ලවීය හමුදාව පවසනුයේ ඊශ්‍රායලය වෙත එල්ල කරන ප්‍රහාරයන් අවශ්‍යතාවය පවතින තෙක් දිගටම සිදු කරන බවයි. මේ අතර එම හමුදාව විසින් නිවේදනය කර ඇත්තේ සිය හමුදාව ඊශ්‍රායලය වෙත හයිපර් සොනික් මිසයිලවලින් පහර දීමෙන් ඊශ්‍රායලයේ අනුග්‍රාහකයා වන ඇමරිකාවට පණිවිඩයක් යවා ඇති බවයි.

සංස්කරණය – ඒමන්ති මාරඹේ

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ලන්ඩනයේදී ගුවන් යානයක් කඩා වැටේ

July 14, 2025

අහමදාබාද් ගුවන් අනතුර ඉන්ධන වසා දැමුවේ කපිතාන් සුමිත්ද?

July 14, 2025

හිටපු ඇමැතිගේ මිනීමැරුම යළි එළියට

July 16, 2025

සාපෙළ විෂයන් 07කට සීමා කෙරේ

July 15, 2025

රවි කටකයට

July 13, 2025
Related News
විදෙස්

බංග්ලාදේශ රජය සත්‍යජිත් රායිගේ ඩකා මහගෙදර කඩයි

විදෙස්

ලොව වයස්ගතම මැරතන් ධාවකයා ඉන්දියාවේදී රිය අනතුරකින් මරුට

විදෙස්

කියුබාවේ යාචකයන් නැතැයි කී කම්කරු ඇමැතිනිය ඉල්ලා අස්වෙයි

විදෙස්

ප්‍රංශය රජයේ නිවාඩු දෙකක් ඉවත් කිරීමට යයි

විදෙස්

ලිංගික අපරාධකරු එප්ස්ටයින් ගැන විශ්වසනීය තොරතුරු නිකුත් කරන ලෙස ට්‍රම්ප්ගෙන් ඉල්ලීමක්

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok