එක්සත් ජාතීන්ගේ ප්‍රජනන අයිතිවාසිකම් පිළිබඳ ආයතනය වන එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ නව වාර්තාවකට අනුව සරුභාවය අඩුවීම ලෝකයේ බරපතළ ප්‍රශ්නයක් වී තිබේ.” ලෝකයේ සාඵල්‍යතා අනුපාතවල පෙර නොවූ විරූ පහත වැටීමක් පටන් අරන් තියෙනවා,” ජනගහන අරමුදලේ ප්‍රධානී ආචාර්ය නටාලියා කනේම් පවසයි. එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල විසින් රටවල් 14 ක පුද්ගලයන් 14,000ක් සමග ඔවුන්ගේ සරු භාවය පිළිබඳ අභිප්‍රායන් පිළිබඳව සමීක්ෂණයක් පවත්වන ලදී. සමීක්ෂණයට සම්බන්ධ වූ සෑම පස් දෙනකුගෙන් එක් අයකු ම පැවසුවේ තමන්ට අපේක්ෂිත දරුවන් සංඛ්‍යාව ලැබී නොමැති බව හෝ නොලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව ය. සමීක්ෂණයට ලක් කළ රටවල් වන්නේ ගෝලීය ජනගහනයෙන් තුනෙන් එකක් නියෝජනය කරන දකුණු කොරියාව, තායිලන්තය, ඉතාලිය, හංගේරියාව, ජර්මනිය, ස්වීඩනය, බ්‍රසීලය, මෙක්සිකෝව, ඇමෙරිකා එක්සත් ජනපදය, ඉන්දියාව, ඉන්දුනීසියාව, මොරොක්කෝව, දකුණු අප්‍රිකාව සහ නයිජීරියාවයි.
Reading: ලෝක සාඵල්‍යතා අනුපාතය බසී