උතුරු ඉන්දියාවේ සිදුවූ හෙලිකොප්ටර් අනතුරකින් පුද්ගලයන් හත්දෙනකු මියගොස් තිබේ.
උතුරු ඉන්දියාවේ කේදර්නාත් සිට හින්දු බැතිමතුන් රැගත් හෙලිකොප්ටරයක් ඉරිදා අලුයම රුද්‍රප්‍රයාග් හි ගෞරිකුන්ඩ් අසලදී කඩා වැටීමෙන් පුද්ගලයන් හත් දෙනකු මියගිය බව ඉන්දීය නිලධාරීහු පවසා තිබේ. මියගිය අය අතර නියමුවා සහ දරුවකු ද වෙති. සිද්ධිය පිළිබඳව පැහැදිලි කරමින් නීතිය හා සාමය පිළිබඳ පොලිස්පති නිලේෂ් භාර්නේ පැවසුවේ, “ඉරිදා අලුයම 5.20 ට පමණ, කේදර්නාත් සිට ගුප්ත්කාෂි දක්වා මගීන් රැගෙන යමින් සිටියදී හෙලිකොප්ටරය අතුරුදන් විය. එය ගෞරිකුන්ඩ් හි කඩා වැටීමෙන් මරණ 7 ක් සිදුවිය. අනතුරට හේතුව අපි සොයමින් සිටිමු.”