Friday, 11 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: මෙහෙම කන්න බොන්න දුන්නොත් අම්මලාට කලින් දරුවන් අවසන් ගමන් යාවි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Friday, 11 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: මෙහෙම කන්න බොන්න දුන්නොත් අම්මලාට කලින් දරුවන් අවසන් ගමන් යාවි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
විශේෂාංග

මෙහෙම කන්න බොන්න දුන්නොත් අම්මලාට කලින් දරුවන් අවසන් ගමන් යාවි

July 6, 2025
103 Views

ලංකාවේ චීනයටත් වඩා චීන අවන්හල් ඇත. කෑම කඩ ඇත. මේවාට ගොඩ වදින බාල තරුණ මහලු කාගේත් නෙත් පැණි බීම, පැකට් කළ කෙටි ආහාර, පැණි රස කෑම සහ චොකලට්, අයිස් ක්‍රීම්, කේක්, පේස්ට්‍රි, සොසේජර්ස්, බර්ගර්ස්, පිට්සා වැනි ආහාර පාන වෙත යොමු වෙති. ඇස, නාසය, දිව උත්තේජනය කරන මේ ආහාර පාන විස ආහාර බව දැන දැනත් සමහරු ඒවාට ඇබ්බැහිවී සිටින්නේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවකු ආකාරයෙනි. දුම් වැටියක් පානය කරන විට මත් වතුර පානය කරන විට දැනෙන සතුට මෙවැනි ආහාර ගත් විට ද ඇති වන අතර නැවත නැවත ගැනීමේ අවශ්‍යතාවක් ද දැනෙයි. අලුත්ම වෛද්‍ය පර්යේෂණවලින් පෙන්වා දෙන්නේ මෙවැනි ආහාර පාන මත්ද්‍රව්‍ය පරදන බව ය. “ ඔබට දුම්පානයෙන් මත් වතුරෙන් මත් ද්‍රව්‍යවලින් සම්පූර්ණයෙන් ඈත් වීමට පුළුවන්. ඒත් කෘත්‍රිමව සකස් කළ ආහාරවලින් නම් ගැලවීමක් නැහැ.” ස්වාභාවික ආහාර ස්වල්පයක් ගෙන ඒවාට විවිධ කෘත්‍රිම දේ එක්කර වෙනස්කම් රැසකට භාජනය කර සාදන පිරිපහදු කළ ආහාර (Ultra-Processed Foods, UPF) වරක් ගතහොත් නැවත ගැනීමට සිතෙන ආකාරයෙන් ඇබ්බැහිවන ආකාරයෙන් සාදා ඇත. ඇතැම් ආහාර සම්පූර්ණයෙන් ම කෘත්‍රිම ය. පෝෂ්‍ය ගුණයෙන් හීන වුවත් පහසු මිලකට ගත හැකි වැඩි කාලයක් තබාගැනීමට පුළුවන් ක්ෂණිකව කෑමට ගත හැකි පිරිපහදු කළ ආහාරවලට ගෝලීය වශයෙන් විශාල ඉල්ලුමක් පවතියි. බි්‍රතාන්‍ය වෛද්‍ය ජර්නලයේ මෑතකදී පළකර තිබුණේ රටවල් 36ක කළ අධ්‍යයන 281කින් ඒ ඒ රටවල වැඩිහිටි පාරිභෝගිකයන්ගෙන් 14% ක් පිරිපහදු කළ ආහාරවලට ඇබ්බැහිවී ඇති බව ය. ඇබ්බැහිවූ දරුවන් ගේ ගණන 12 % කි.

බ්‍රිතාන්‍ය වැනි දියුණු රටවල ජනතාවගේ ආහාර වේලෙන් 57%කම සපුරන්නේ මෙවැනි ආහාරය. දරුවන් සහ දිළිඳු ජනතාවගේ පරිභෝජනය 80%ක් වැනි ඉහළ ගණනකි.

බ්‍රසීලියානු විද්‍යාඥ ෆර්නැන්ඩා රෝබර් පවසන අන්දමට බොහෝ පිරිපහදු කළ ආහාර, ආහාර නො වෙයි. ඒවා කෑමට ගත හැකි ලෙස කෘත්‍රිමව සැකසූ ද්‍රව්‍යයන් ය. ලන්ඩනයේ ආසාදනය වන රෝග පිළිබඳ විශේෂඥ වැන් තුලෙකන් කළ අධ්‍යයනයන් පිරිපහදු ආහාර පරිභෝජනය කරන්නන්ට ගෙන එන්නේ තරු පිටවන පුවතකි. ඔහුට අනුව මෙවැනි ආහාර අධික රුධිර පීඩනය, හදවත් රෝග සහ ආඝාතය (ස්ට්‍රෝක්) ඇතිවීමේ අවදානම ඉහළ නංවයි. එපමණක් නොව ස්ථුලභාවයට, පිළිකාවලට වැඩිහිටියන්ට වැලඳෙන දියවැඩියාවට මානසික ගැටලු වන විෂාදයට, ඩිමෙන්ෂියාවට වාගේම දත් දිරා යෑමට ද මේවා බලපායි.

රතු මස් සකසා සාදන ලද සොසේජර්ස්, හැම්, බේකන්, හොට් ඩෝග්ස්, සලාමි වැනි ආහාර අන්ත්‍ර ආශ්‍රිත පිළිකාවලට ප්‍රධාන හේතුවකි. 80%ක් පිරිපහදු කළ ආහාර දින 30 ක් කෑමට ගතහොත් බර වැඩිවීම, පපුවේ දැවිල්ල, මලබද්ධය, කාංසාව, නින්ද නොයෑම වැනි සංකූලතා ඇති වන අතර වැඩි වැඩියෙන් පිරිපහදු කළ ආහාර කෑමට රුචියක් ඇතිවෙයි.

අමෙරිකානු හෘද සංගමය පිරිමියකුට දිනකට සීනි හැඳි නවයකට (ග්‍රෑම් 36) වඩාත්, කාන්තාවකට සීනි හැඳි 6කට වඩාත් (ග්‍රෑම් 25) කට වඩා පරිභෝජනය කිරීම නුසුදුසු බව පෙන්වා දී ඇත. වැඩිහිටියකු දිනකට ලුණු මිලිග්‍රෑම් 1500කට වඩා (ලුණු කපාපු තේ හැන්දකට වඩා / ග්‍රෑම් 6 කට වඩා) පරිභෝජනය නො කළ යුතු බවට නිර්දේශ කර තිබෙයි. අමෙරිකානුවන්ට සියයට හැත්තෑවකට වඩා ලුණු පිරිපහදු කළ ආහාරවලින් ලැබෙන අතර දිනකට එක් අමෙරිකානුවකු ලුණු මිලිග්‍රෑම් 3400ක් පරිභෝජනය කරයි. ශ්‍රී ලංකාව සංවර්ධිත රටක් නො වුණ ද මීට වඩා වැඩි වෙනසක් දැකිය නො හැකි ය. අප පිරිපහදු ආහාරවලින් ලබා ගන්නා අධික සීනි, ලුණු, තෙල් ප්‍රමාණය පිළිබඳ කළ අධ්‍යයනයන් පිළිබඳව ද වාර්තා වී නැත.

මවුපියන් දරුවන් උස් මහත් කරන්න ජීවිතයම වැය කරයි. කවරදා හෝ දරුවන් තමන්ව රැක බලා ගනීවියි යන අහිංසක බලාපොරොත්තුව ඔවුන් තුළ පවතී. එපමණක් නොව ‘මිනියට කරගහන්න’ දරුවකු සිටීමත් මාපියන්ට ශක්තියකි. එහෙත් නූතන ජීවන රටාව, ඇවතුම් පැවතුම්, ආහාර රටාව සියල්ල වෙනස් කර තිබේ. මේ නවතම වෛද්‍ය සමීක්ෂණ ප්‍රතිඵලයකි.

“ශ්‍රී ලංකාවේ දරුවන් වැඩි දෙනකුට සමබල ආහාර වේලක් ලැබෙන්නේ නැහැ. ඒ ළමයින්ගෙන් 12% ක් විතර අධි බරෙන් පීඩා විඳිනවා. ඔවුන් අතරින් 41 %ක් අධික සීනි සහිත ආහාර කෑමට බීමට ගන්නවා. පහුගිය වසරේ (2024) ජාතික පෝෂණ මාසයේදී සෞඛ්‍ය අමාත්‍යාංශය එකතු කර ඇති දත්තවලට අනුව 2, 4, 7 සහ 10 යන ශ්‍රේණිවල ඉගෙනුම ලබන ළමයින්ගෙන් 7%ක් අධිබර සහිත බව හඳුනාගෙන තිබෙනවා.” මෙය සැබැවින්ම දරුවන්ගේ සෞඛ්‍යයට දැල්වුණු රතු එළියකි.

දරුවකු මෙලොවට බිහි වූ දා සිට ඒ දරුවා සෞඛ්‍ය සම්පන්නව හදාවඩා ගන්න අවශ්‍ය සියලු උපදෙස් අපේ සෞඛ්‍යසේවා මඟින් ලබාදෙයි.

“අවුරුද්දක් යන තුරු දරුවගෙ කෑම වේලට ලුණු, සීනි එකතු කරන්න එපා.” එසේ ලබා දෙන එක උපදෙසකි. මෙවැනි උපදෙසක් ලබා දෙන්නේ දරුවන්ගේ දිව මේ රසවලට හුරු වීම වළක්වා ගැනීමටය. ඒ රසට ලොල් වෙලා අධිකව ගැනීමෙන් බෝ නොවන රෝග ඇතිවීමේ අවදානම ඉහළ යයි. එහෙත් අපේ ඇතැම් මවුපියන් කරන්නේ රස නැතිව දරුවන් කන්නේ කෙසේද කියා සිතා ආහාර පානවලට වැඩිහිටියන් තරමටම ඒවා එක් කර කෑමට ලබාදීමය.

යහපත් ආහාර පුරුදු ඇති කරන්න ඕන ඝන ආහාර දීමට පටන් ගත් දිනයේ සිටය. වැරැදි ආහාර පුරුදු වැඩිහිටි වියේදී නිවැරැදි කර ගැනීමට ඉතා අසීරුය. මීට හොඳම උදාහරණය දියවැඩියාව වැලඳුණු වැඩිහිටියාය. දියවැඩියාව වැනි බෝ නොවන රෝගයකට ගොදුරු වූ පසු වැඩිහිටියකුට නරක ආහාර පුරුදු අතහැර දැමීමට කෙතරම් අපහසුද? එහෙත් දරුවකුට එසේ නොවේ. තොටිල්ලේ සිට, පෙර පාසල් වයසේ සිට යහපත් සෞඛ්‍ය පුරුදුවලට දරුවා හුරු කළ විට දරුවා උස් මහත් වන්නේ ඒ යහපත් සෞඛ්‍ය පුරුදු සමගිනි. වයස අවුරු 3 – 5ත් අතර කාලයේදී දරුවාගේ මොළය ශීඝ්‍ර ලෙස වර්ධනය වේ. ඒ කාලයේදී පවතින නරක පුරුදු වෙනස් කිරීමත් අලුත් පුරුදු හඳුන්වා දීමත් ඉතා පහසුවෙන් කළ හැකි බව වෛද්‍ය විශේෂඥයෝ පෙන්වා දෙති.

පාසල් දරුවන්ගේ පමණක් නොව පෙර පාසල් දරුවන්ගේ ආහාර පුරුදු, ඇවතුම් පැවතුම් ගැන සිදු කර තිබෙන අධ්‍යයනයන් මඟින් සීනි ආහාර පාන භාවිතය අති භයානක ලෙස ඉහළ ගොස් ඇති බව හෙළිවී ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් නිර්දේශිත ප්‍රමාණය වාගේ සිව් ගුණයක් පැණි රස කෑම බීම ගැනීමට පෙර පාසල් දරුවෝ පෙළඹී සිටිති. කේක්, බිස්කට්, ටොෆි, චොකලට්, සිසිල් බීම, පැණිබීම, අයිස්ක්‍රීම්… ආදී වශයෙන් දරුවන් අතර ජනප්‍රිය ආහාර රැසක් මේ වට්ටෝරුවේ තිබේ. පෙර පාසල් දරුවන්ගෙන් සියයට හැටක් පැණි බීම ජලයට ද වඩා පානය කරයි. පෙර පාසලේ සිට නිවෙසට යන අතරේ දරුවන්ට පැණි බීම බෝතලයක් අරන් දීමට මවුපියන් පෙළඹෙන බව සමීක්ෂණයකින් හෙළිවී ඇත. මවුපියන්ගෙන් පැණි බීම බෝතලයක් ඉල්ලා සිටීමට දරුවෝ පෙලඹී සිටිති.

පැණි බීමවල භයානක සත්‍ය වරින් වර පර්යේෂකයෝ ලෝකයට අනාවරණය කරති. 2020 වසරේ පමණක් ජනතාවගෙන් මිලියන 2.2 ක් සෝඩා පාන, පැණි බීම, ක්‍රීඩා පාන පානය නිසා දියවැඩියාවට ගොදුරු වී සිටිති.

මිලියනයක් හදවත් රෝගවලට ගොදුරු වී ඇත්තේත් මේ නරක පුරුද්ද හේතුවෙනි. පැණි බීම දරුවන් අතර සේම වැඩිහිටියන් අතරත් ජනප්‍රියම පානයකි. එය එසේ වීම ද දරුවන් මේ වැරැදි පුරුද්දට යොමු වීමට බලපා ඇත.

අපේ මවුපියවරුන්ට පවුලටම සීනි වාරණයක් පනවා ගැනීමට කාලය ඇවිදින්ය. දරුවන්ගේ කිරි දත්වලටත් පැණි බීමවලින්, සිසිල් බීමවලින්, කෝලා පානවලින් බරපතළ හානියක් සිදු වේ. කෝලා පානවල ද අධික ලෙසින් සීනි අඩංගුය. සීනි මුවේ බැක්ටීරියාවන්ට කදිම ආහාරයක් වන අතර බැක්ටීරියාවන්ගෙන් නිපදවෙන අම්ල මඟින් දත්වල එනැමලය තුනීවී යයි. එපමණක් නොව දන්ත පථ හැදීමටත් බැක්ටීරියා ක්‍රියාකාරිත්වයන් හේතුවේ. විදුරුමස් රෝග ඇති වීමට දන්ත පථ ප්‍රධාන හේතුවකි. සමේ ගැටලු ඇති වීමටත් සම වියළීමටත් සීනි බලපායි. කෝලා පානවල අඩංගු පොස්ෆොරික් අම්ලය අස්ථිවල කැල්සියම් ඉවත් කරයි. අස්ථි සවිමත් වීමට නම් කැල්සියම් අත්‍යවශ්‍ය ය. ඉතා ඉක්මනින් සුළු වැටීමකදීත් අස්ථි පුපුරා යන ඔස්ටියෝපොරෝසිස් රෝගය වැලඳෙන්න එය හේතුවේ. ආතරයිටිස් වැලඳීමටත් අධික සීනි පරිභෝජනය හේතුවකි. විටමින් ඌනතා ඇති කිරීමටත් ස්නායු අක්‍රමිකතා ඇති කිරීමටත් සීනි බලපායි. අද කාලයේ මවුපියන් හා වැඩිහිටියන් වැරැදි සෞඛ්‍ය පුරුදු අනු ස්ථුලතාවෙන් පීඩා විඳින දරුවන්ගෙන් වැඩි දෙනෙක් පූර්ව දියවැඩියා (ප්‍රීඩයබිටික්) ලකුණු පෙන්නුම් කරති. ළමා වයසේ සිට දරුවන්ගේ අක්මාවේ තෙල් (මේද) තැන්පත් වීමට පටන් ගෙනය. දිගු කාලයක් අක්මාවේ තෙල් තැන්පත් වීම අක්මාවේ අසාත්මිකතා, සිරෝසිස් අවදානම ඉහළ නැංවෙයි. වැඩිපුර සීනි, තෙල් අධික ආහාර ගැනීම මීට බලපාන ප්‍රධාන හේතුවකි.

මෙහි අවසන් ඵලය දරුවන්ගේ අවසන් කටයුතු මාපියන්ට කිරීමට සිදුවීමය.

කුඩා කාලයේදීම දරුවන්ට අධිරුධිර පීඩනය, දියවැඩියාව වැනි බෝ නොවන රෝග වැලඳීමේ ප්‍රවණතාවක් වර්ධනය වෙමින් පැවතීම ඊට හේතුවය. ලබාගෙන ඇති දත්ත ඊට ඇති හොඳම සාක්ෂියකි.

සටහන – සී. ඩී. කුලසිංහ

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ඊශ්‍රායල් යුද හමුදාවට දිරියක් වූ ශ්‍රී ලාංකික දූ පුතුන්

July 6, 2025

යං යං ඇතුළට යං…

July 6, 2025

අවුරුදු 11කට පස්සේ

July 6, 2025

අධිකරණය නොමඟ යැවූ සී.අයි.ඩී.යට නිසි පියවර ගන්නැයි පැමිණිලිකාරියගෙන් ජනපතිට පැමිණිලි

July 7, 2025

ඇහැලේපොළ වලව්වෙන් දිස්වන අතීත ශ්‍රී විභූතිය

July 9, 2025
Related News
විශේෂාංග

ලෝක ජනගහන දිනය

විශේෂාංග

සූර්යය බලාගාරවල අලුත් කතාව

විශේෂාංග

අපි විකල්පයක් හදන්න ඕනෑ – මහේෂ් මුණසිංහ

විශේෂාංග

දඩක් 2 ළඟදීම

අතිරේක විශේෂාංග

දකුණට නිල් ධජ වෙරළක්

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok