මෙයට දශක තුනකට පෙර ඉතා සීමිත ජනගහනයක් පමණක් ඩිජිටල් උපාංග භාවිතයෙන් මාර්ගතව සම්බන්ධතා පැවැත්වුවද වර්තමානයේ බිලියන 5 කට අධික ලෝක ජනගහනයක් සක්‍රීයව දිනකින් වැඩි කාලයක් ඩිජිටල් උපාංග හා මාර්ගගත සම්බන්ධතා පවත්වනු ලැබේ. කොවිඩ් 19 වසංගතය සමග තවදුරටත් ප්‍රචලිත වූ මෙම තාක්ෂණය මේ වන විට අධ්‍යාපනය සඳහා නැතිවම බැරි මෙවලමක් බවට පත් වී හමාරය.
ඩිජිටල් උපකරණ සහ මාර්ගගත වටපිටාව තුළ දිගු කාලයක් නිරාවරණය වීම හෝ රැදී සිටීම හේතුවෙන් මාර්ගගත විඩාව ඇති විය හැකිය. එම තත්ත්වය වැඩි දියුණු වී මානසික හෝ ශාරීරික පීඩාවක් බවට පත් විය හැක. ඕනෑම පුද්ගලයකුට ස්ත්‍රී පුරුෂ, රැකියාව හා වයස යන සාධකවලින් තොරව මෙම තත්ත්වයට ගොදුරු විය හැක.
ළමුන් සඳහා මාර්ගගත විඩාවෙන් සිදු වන බලපෑම පිළිබඳව 2025 වර්ෂයේදී UNICEF ආයතනය විසින් සිදු කරන ලද Childhood In a Digital World වාර්තාවට අනුව, ළමුනට ඩිජිටල් අවකාශය ප්‍රවර්ධනය තුළින් අධ්‍යාපන කටයුතු සඳහා පිටිවහලක් වුවද අනෙක් පසින් සමාජ අවදානම් තත්ත්වයකට මුහුණ දී ඇති බව පර්යේෂණාත්මකව දක්වා ඇත.
ඒ අනුව රටවල් 19 ක් ආශ්‍රයෙන් සිදු කරන ලද පර්යේෂණයකින් රටවල් 16 කම ළමුනගේ සමාජ චිත්තවේග කුසලතා (Socio Emotional Skills) සැලකිය යුතු මට්ටමකින් අවම වී ඇති බව සොයා ගෙන ඇත. තවද මාර්ගගත ඇබ්බැහි වීම් මානසික සෞඛ්‍යයට සෘජුවම බලපාන බවද අවසානයේ මාර්ගගත විඩාවක් බවට පත් වී (Online Fatigue) ගැටලු රැසක් ඇති විය හැකි බව ද පෙන්වා දී තිබේ. කිසියම් පුද්ගලයකුට මාර්ගගත විඩාව පවතී නම් පහත ලක්ෂණ පෙන්නුම් කරනු ලබයි.
මානසික සෞඛ්‍ය ගැටලු (Mental Health Problems)
මානසික ව්‍යාකූලත්වය, පරාජිත හැඟීම, සුළු දෙයකින් පවා ව්‍යාකූල වීම, අධික දත්ත තොරතුරු මනසට ඇතුල් වීම තුළින් ඇති වන අපහසුතාව, ආතතිය, හුදකලා බව, දුක, සන්තාපය හා බලාපොරොත්තු රහිත බව වැනි ගැටලු ඇති වේ.
ශාරීරික සෞඛ්‍ය ගැටලු
ඇස් දැවිල්ල, හිසරදය, මස්පිඩු වේදනාව, තෙහෙට්ටු බව, නින්ද නොයෑම හා දහවල් කාලයේ ඇති වන අලස බව වැනි ලක්ෂණ දැක්විය හැක.
අතිරේක ගැටලු
අමතර දැනුම සොයා යෑමට ඇති අකැමැත්ත (තමා දත්ත තුළින් සංතෘප්ත බවක් දැනීම හේතු වේ). නිතර ඩිජිටල් උපකරණ/ මාර්ගගත ක්‍රියාකාරකම් යාවත්කාලීන කිරීමට ඇති හැඟීම හා ඉලක්ක සපුරා ගැනීමට අපහසු වීම වැනි ගැටලු ඇති විය හැක.
අධ්‍යාපනය සඳහා මාර්ගගත ක්‍රමවේද භාවිතයේදී පාසල් සිසුන්, පෙර පාසල් සිසුන්, උසස් අධ්‍යාපන සිසුන්, ගුරුවරුන් හා කථිකාචාර්යවරුන් මෙම සෞඛ්‍ය ගැටලුවලට ගොදුරු වීමේ වැඩි අවදානමක් පවතී.
අධ්‍යාපන තාක්ෂණය පිළිබඳ ජර්නලයක මිශ්‍ර ඉගෙනුම් ක්‍රමය (Blended Learning) භාවිතයේදී ඇති විය හැකි මාර්ගගත විඩාව සඳහා බලපානු ලබන සාධක පහත පරිදි කොටස් 3 ක් යටතේ දක්වා ඇත.
- පද්ධති විශේෂාංග අධිකව භාවිතය (System Feature Overload)
විශේෂාංග අධික ලෙස පැටවීම හෙවත් සංකීර්ණ මෘදුකාංග යෙදවුම්, කිහිපයක් එකවර භාවිතය තුළින් ඇතිවන ව්‍යාකූලත්වය
- සන්නිවේදන බර පැටවීම (Communication Overload)
සන්නිවේදන විශේෂාංග අධික ලෙස පැටවීම, පණිවිඩ යැවීම සංකීර්ණ වීම, සන්නිවේදන මාධ්‍ය කිහිපයකින් පණිවිඩ යැවීම. උදා – email, සමාජ මාධ්‍ය, සංකීර්ණ සන්නිවේදන තාක්ෂණික ක්‍රම සහ භාෂා භාවිතය, ග්‍රාහකයින් වැඩි ප්‍රමාණයකට යොමු කිරීම ( Group Chats/ meetings) තුළින් ඇති වන සංකීර්ණත්වය
- තොරතුරු අධික ලෙස පැටවීම (Information Overload)
සමාජ මාධ්‍ය, අධ්‍යාපන කළමනාකරණ පද්ධති (LMS), අන්තර්ජාලය වැනි මාධ්‍ය තුළින් එකම තොරතුරු විවිධ ආකෘති හෝ මුහුණු යටතේ පෙනී සිටීම නිසා ඇතිවන ව්‍යාකූලත්වය.
මාර්ගගත ක්‍රමවේද නිතර භාවිතයේදී මනසට බර පැටවීම හේතුවෙන් පරිශීලකයා විඩාවට පත්වේ. එම විඩාවන්, සාමාන්‍ය විඩාව (Normal Fatigue) එනම් කායික අපහසුතා ද පරිගණක තිර මත නිරාවරණය වීමෙන් දෘෂ්‍ය විඩාවද (Visual Fatigue) චිත්තවේග පාලනය සහ සමාජ සම්බන්ධතා පැවැත්වීමේදී බලපානු ලබන සමාජ විඩාව (Social Fatigue) ද අලස ක්‍රියාශීලී නොවන පුද්ගලයකු බවට පත් වීම හෙවත් අභිප්‍රේරණ විඩාව ( Motional Fatigue) ටද ලක් විය හැක.
පවතින සමාජ රටාව තුළ උක්ත විඩාවන් සම්පූර්ණයෙන් වළක්වා ගැනීමට අසීරු වන අතර අවම කර ගැනීමට පියවර ගත හැක. ඩිජිටල් තිරය භාවිතයේදී ඇති වන අක්ෂි වේදනාව වළක්වා ගැනීම සඳහා 20-20-20 නීතිය එනම් සෑම විනාඩි 20 කට වරක් මීටර් 20 දුරින් ඒ දෙස තත්පර 20 ක් බලා සිටීම, නිතර කෙටි විවේක ලබා ගැනීම, ගෙවත්තේ ඇවිදීම, නැවුම් වාතය ආශ්වාස කිරීම, වැඩිපුර ජලය පානය කිරිම, දෙඅත් විහිදුවා නැවීම වැනි කෙටි ව්‍යායාම කිරීම හා අන්‍යයන් සමග කථා බහ කිරීම වැනි ක්‍රමවලට යොමු විය යුතුය. මීට අමතරව භාවිතා කරන ඩිජිටල් උපකරණවල ගුණාත්මකභාවය මෙන්ම ඩිජිටල් තිර (Screen) සමග ගත කරන කාලය කළමනාකරණය, වීඩියෝ දුරකථන සංවාද අවම කර සාමාන්‍ය දුරකථනයෙන් සන්නිවේදනය හා email භාවිතයට හුරු වීම වැදගත් වේ.
එසේම සතිමත් භාවය පුහුණු වීම (Mindfulness), ප්‍රමාණවත් නින්දක් ලබා ගැනීම, ගුරුවරුන් විසින් ඉගෙනුම් ක්‍රියාවලියේදී උපකරණ භාවිතය විධිමත් කිරීම හා ඉගෙනුම් කළමනාකරණ පද්ධති (LMS) භාවිතය මගින් විවිධ මෘදුකාංග භාවිතයෙන් වන සංකීර්ණත්වය නැති කිරීම වැනි උපක්‍රම මගින් විඩාවේ බලපෑම අවම කර ගත හැක. අධ්‍යාපනයේදී මාර්ගගත විඩාව අවම කර ගැනීමට ඇති සාර්ථක මෙවලමක් ලෙස LMS හඳුන්වා දිය හැක. Gamification යනු ක්‍රීඩාවක් ආකාරයෙන් සතුටෙන් ඉගෙනීම, නම්‍යශීලී ඉගෙනුම එනම් තමාට ආවේණික වේගයකින් ඉගෙනීමට අවස්ථාව ලබා දීම තුළින් සංකීර්ණ සහ වේගවත් කාලසටහනකට අනුගත නොවීමද, ආකර්ෂණීය පාඩම් අන්තර්ගතය සමග කණ්ඩායම් ක්‍රියාකාරකම් අවස්ථාව ලබා දීමෙන් ශිෂ්‍යයාගේ හුදකලා හැඟීම ඉවත් වීම එහි මූලික ලක්ෂණ වේ.
අධ්‍යාපනයේදී මාර්ගගත විඩාව සම්පූර්ණයෙන් ඉවත් කිරීම පර්යේෂකයන්ගේ මතයයි. නමුත් කළමනාකරණය සහ උපක්‍රමශීලී ක්‍රම අනුගමනය කිරීම තුළින් මෙය සැලකිය යුතු මට්ටමකින් අවම කර ගැනීමට හැකි වනු ඇත.
ටී. ටී. නානායක්කාර