Tuesday, 8 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: මිනිස් ජීවිත සුරකින සත්‍යක්‍රියාවට ඔබටත් ආරාධනා
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Tuesday, 8 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: මිනිස් ජීවිත සුරකින සත්‍යක්‍රියාවට ඔබටත් ආරාධනා
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
විශේෂාංග

මිනිස් ජීවිත සුරකින සත්‍යක්‍රියාවට ඔබටත් ආරාධනා

June 29, 2025
88 Views

වර්තමානයේ වර්ධනය වෙමින් පවතින යුද ගැටුම් සහ ස්වභාවික විපත්වලින් අකාලයේ මියැදෙන මිනිස් ජීවිත සුරක්‍ෂිත වේවා’ යන අධිෂ්ඨානය ඇතිව හොරණ, පෝරුවදණ්ඩ, සත්ජන සමාජ සංවර්ධන පදනම විසින් සංවිධානය කරනු ලබන ආධ්‍යාත්මික සත්‍යක්‍රියාව 2025 ජූලි මස 02 වැනි බදාදා දින ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 8.12 ට සිදු කිරීමට සියලු කටයුතු සම්පාදනය කර ඇත. ජාති ආගම් දේශ සීමා භේදයකින් තොරව ලොව පුරා වෙසෙන ලක්‍ෂ සංඛ්‍යාත සත්පුරුෂයන්ගේ මානසික ආධ්‍යාත්මික ශක්තිය එකම පොදු අරමුණක් ඇතිව එකම මොහොතක විශ්වයට මුදාහරිමින් සිදුකරන මෙම සුවිශේෂ සත්‍යක්‍රියාවට ලොව කොතැනක හෝ සිට පිරිසිදු චිත්ත ශක්තිය මුසු කරමින් ඔබටත් සම්බන්ධ විය හැකිය.

ඇති වූ යමක් නැතිවීම විශ්ව ධර්මතාවකි. එහෙත් උත්සාහ කළහොත් අකල් මරණ අවම කරගත හැකිය. ඒ සඳහා කුශලක්‍රියාව, ආශීර්වාදය මෙන්ම සත්‍යක්‍රියාවද යොදාගත හැකි බව බුදුදහම පෙන්වා දෙයි. යමක් වළක්වාගත හැකිව තිබියදී උදාසීනව, උකටලී වීම මනුෂ්‍ය ධර්මය හෝ සත්පුරුෂ ධර්මය නොවේ. එහෙයින් තම තමන් සිටින කොතැනක හෝ සිට සද්භාවයෙන් අප සමග එක්වන ලෙස ගිහි පැවිදි සියලු සත්පුරුෂයින්ට අපි මෙත් සිතින් ආරාධනා කරමු.

මහා ගිනිකඳක් නිවන්නට එක් දිය බිඳක් පතිත කිරීම ප්‍රමාණවත් නොවිය හැකිය. එහෙත් සියලු ජලබිඳු එක් කොට ජලකඳක් සේ එකවර පතිත කළ හැකි නම් මහ ගිනිකඳක් වුවද නිවාදැමිය හැකිය. ඔබේ පිරිසිදු සිතුවිල්ල හුදකලා දිය බිඳක් නොවී ජලකඳක් සේ මුදා හැරීමට මෙම ආධ්‍යාත්මික සත්ක්‍රියාව තුළින් ඉඩ සලසා ඇත.

දෙස් විදෙස් ලක්‍ෂ සංඛ්‍යාත ජනතාව එකම මොහොතක, එකම අරමුණක් ඇතිව, ආධ්‍යාත්මික ශක්තිය මෙහෙයවන මෙම සත්‍යක්‍රියාවට ඔබගේ පිරිසිදු චිත්ත ශක්තියත් මුසුකර, මිනිස් ජීවිත සුරැකීමට දායක වන මෙන් ජාති ආගම් භේදයකින් තොරව ගිහි පැවිදි සියලු සත්පුරුෂයින්ට මෙත් සිතින් ආරාධනා කරමු !

දිනය : 2025.07.02 බුද දින (පුර අටවක දින)

වේලාව : රාත්‍රී 8.12 සිට 08.15 දක්වා

ස්ථානය : ඔබ සිටින කොතැනක හෝ

කළයුතු පිළිවෙළ : කල් වේලා ඇතිව, ඔබ විසින් සිදු කරන ලද යම් කුශලයක් හෝ කුශලක්‍රියා කිහිපයක්, වරදක් වටහාගෙන ඉන් වැළකුණු අවස්ථාවක් හෝ එබඳු අවස්ථා කිහිපයක්, තමන් සතු සැබෑ ගුණයක් හෝ එබඳු ගුණ කිහිපයක් සිහි කරගන්න. නියමිත වේලාවට විනාඩි කිහිපයකට පෙර පහසුවෙන් වාඩි වී ගත සිත සැහැල්ලු කර ගන්න. ඉන් පසුව කල් ඇතිව සිහි කරගත් එම කරුණු අවංකව සත්‍යවාදීව නැවත නැවත සිහි කර, එම සත්‍ය බලයෙන් හා එම කුශල බලයෙන්

“ස්වභාවික විපත්වලින් සහ යුද ගැටුම්වලින් අකල් මරණ වැළකේවා, ආයු ඇති සියලු මිනිසුන්ගේ ජීවිත සුරක්‍ෂිත වේවා’ යි මෙත් සිතින් නැවත නැවත අධිෂ්ඨාන කරන්න.

සත්‍යක්‍රියාවක බලය

2004 වර්ෂයේ මැද භාගයේ ඇති වූ නියඟය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ජල හිඟයක් මතු විය. බොන්නට දිය පොදක් නැති ප්‍රදේශවලට බවුසර්වලින් ජලය ගෙනගොස් බෙදා දෙන්නට බොහෝ දෙනා උනන්දූ වූහ. ජල හිඟයෙන් මිනිසුන්ට සතා සිවුපාවාට පමණක් නොව ගහකොළවලට පවා හානි පැමිණෙමින් තිබූ හෙයින් වර්ෂාව පතා වැසි පිරිත් සජ්ඣායනා කළ ද සාර්ථක ප්‍රතිඵල නොපෙනුණි. පිපාසය සංසිඳුවා ගන්නට බොහෝ දුර සිට මුදල් වියදම් කර ගෙනැවිත් දෙන දිය පොද පවා යූරියා මුසු කොට ජලය සොයා එන වන සතුන්ට බොන්නට සලස්වා පිපාසය උත්සන්නව වෙහෙසී ඇද වැටෙන වන සිවුපාවුන් මරා කන්නට තරම් ඇතැම් නොමිනිසුන් සාහසික වූ බව පුවත්පත්වලින් දැනගන්නට ලැබුණි. මේ සියල්ල දැක දැක නිහඬව සිටීම නුසුදුසු යැයි හැඟුණු නිසා වර්ෂාව ඇති කරනු පිණිස අපිත් යමක් කළ යුතු යැයි සත්ජන සමාජ සංවර්ධන පදනමේ නිර්මාතෘ පී. කේ. යූ අදිකාරම් මැතිතුමන්ට යෝජනා කළෙමු. ඊට එකඟ වූ එතුමා ඒ සඳහා “චන්‍ද පිරිත” සජ්ඣායනා කොට සත්‍ය ක්‍රියාවක් සිදු කරමු යයි යෝජනා කර ඒ සඳහා සුදුසු දිනයක් හා වේලාවක් සනිටුහන් කර ගන්නා ලදී. ඒ අනුව නියමිත දින පාන්දර 2.00ට පමණ බුදුරජාණන් වහන්සේ උදෙසා සිසිල් පැන් කළ සතරක් පුදා සිසිල් ගුණ ඇති ගිලන් පස හා මල් ආදිය පුදා බුද්ධ වන්දනාව සිදු කළෙමු. ආකාශයේ වලාකුළක සටහනක් පේන මානයක නොවූ අතර තරු පායා ඇති අහස ඉතා පැහැදිලිව දිස් විය. මෙම විශේෂ අවස්ථාවට සහභාගි වූයේ අදිකාරම් මහතාත් මමත් තවත් එක් අයෙකුත් පමණි. අපි ටික වේලාවක් චන්‍ද පිරිත සජ්ඣායනා කොට සත්‍යක්‍රියාවක නිරත වීමු.

එවලේම වැහිපොද වැටෙන හඬ ඇසී පිටතට ගොස් බලන විට ඉහළ ආකාශයේ කළු වලාකුළු ඒකරාශී වෙමින් වැහි පොද කෙමෙන් වේගවත් වෙමින් තිබුණි. එම දසුන අපටම ඇදහිය නොහැකි තරම් විය. ක්‍රමයෙන් වලාකුළු ඝන, වෙමින්, වැසි බිඳු මහත් වෙමින් උදෑසන වන විට ධාරානිපාත වර්ෂාවක් ඇදහැලෙන්නට විය. එම වැසි වලාවන් අනුක්‍රමයෙන් ව්‍යාප්ත වෙමින් අවට ප්‍රදේශවලට ද, අනතුරුව නියඟය පැවති ප්‍රදේශයවලට ද වර්ෂාව ඇදහැලුණි. ඒ අපගේ උත්සාහයෙන් පමණක් යයි අපි නොකියමු. ලක්දෙරණ පුරා බොහෝ දෙනාගේ මානසික උත්සාහය ඊට හේතු වන්නට ඇත. නමුත් අපගේ ප්‍රයත්නය එවේලේම ඵල දැරූ ආකාරයත් සත්‍යක්‍රියාවේ ක්‍ෂණික ඵලයත් අපි එයින් මැනවින් ප්‍රත්‍යක්‍ෂ කළෙමු. ඉන් පෙරත් පසුවත් විවිධ අවස්ථාවන්හිදී පොදු විපත් වළකනු පිණිස අපි සත්‍යක්‍රියා කොට සාර්ථක ප්‍රතිඵල අත්දුටුවෙමු. ඉහත දැක්වූයේ ඉන් එක් අත්දැකීමක් පමණි.

සත්‍යක්‍රියාවලින් විපත් වළකා ආත්මාර්ථය පරාර්ථය සාධනය කරගත් අවස්ථා පිළිබඳව බෞද්ධ ඉතිහාසයේ විවිධ ප්‍රවෘත්ති සඳහන් වේ. මහ බෝසතාණන් වහන්සේගේ සත්‍ය ක්‍රියාවේ බලය පිළිබඳව ජාතක ප්‍රවෘත්තිවලින් බොහෝ කරුණු අනාවරණය වන අතර මෑත ඉතිහාසයේ සිරිසඟබෝ රජු සත්‍යක්‍රියා කොට නියඟයෙන් හා රක්තාක්‍ෂි උවදුරින් රටවැසියන් මුදාගත් අයුරු ලංකා ඉතිහාසයේ දැක්වේ. ඒ සියලු තොරතුරු කැටිකොට ගත් කල “සත්‍යක්‍රියාව යනු ආත්මාර්ථ පරාර්ථ සාධනය සඳහා භාවිත කළ හැකි ඉතාම සාර්ථක උපාය මාර්ගයක් බව” පැහැදිලි වේ.

නමුත් සත්‍යක්‍රියාවක් නිවැරදිව සිදුකිරීමට නම් ඒ සඳහා තිබිය යුතු ගුණාංග හා මානසික ශක්තිය අවදි කරගතයුතු ආකාරය පිළිබඳව නිසි අවබෝධයක් තිබිය යුතුය. සත්‍යක්‍රියාව යනු හුදු ප්‍රාර්ථනාවක් නොවේ. නිවැරදිව හඳුනා නොගත් කරුණක් පිළිබඳව වුවත් ප්‍රාර්ථනාවක් කළ හැකිය. පසුව ඒ පිළිබඳව දැනුවත් වෙමින්, අවශ්‍ය සාධක සම්පාදනය කළහොත් ප්‍රාර්ථනාවක් කවදා හෝ ඉටු කරගත හැකිය. සත්‍යක්‍රියාව යනු එබඳු අනාගත පැතුමක් නොවේ. තමන් සතුව පවතින ශක්තිය භාවිත කරමින් අවශ්‍ය දේ ඒ මොහොතේ පටන් ක්‍රියාත්මක වීමට බලපෑම් කිරීමකි. එනිසා සත්‍යක්‍රියාවක් සාර්ථක වීමට පහත සඳහන් කරුණු හතර පිළිබඳ ස්ථාවරය වැදගත් වේ.

  1. තමන් අත්දුටු සත්‍යයක් වීම.
  2. මානසික විශ්වාසය.
  3. ක්‍රියාව පිළිබඳ අවබෝධය.
  4. මානසික ශක්තිය යෙදවීම.
  5. තමන් අත්දුටු සත්‍යයක් වීම

සත්‍යක්‍රියාවන් සඳහා පාදක කර ගැනීමට යම් සත්‍යයක් තිබිය යුතුය. තමන් අවබෝධයෙන් කළ කුශලයක්, අකුශලයෙන් වැළකී සිටි අවස්ථාවක් හෝ අවංකවම පිහිටා සිටින ගුණයක් ඒ සඳහා යොදා ගත හැකිය. එහෙත් මම අසවල් පිංකම කළා යන මතකය හෝ එම සිදුවීම සිහිකිරීම් මාත්‍රය ප්‍රමාණවත් නොවන අතර එහිදී තමන් කවර මනෝභාවයක, අදහසක පිහිටා එම කාර්ය කළේ ද යන්න පැහැදිලිව හඳුනා ගැනීම අත්‍යවශ්‍යය. “මම මෙබඳු අදහසකින්, මෙබඳු මනෝභාවයකින් මේ පිංකම කළා” යන්න සත්‍යයක් විය යුතුය. එය පැහැදිලිව සිහිකළ යුතුය.

පව්කම්වලින් වැළකී සිටි අවස්ථාවක් පිළිබඳව සිහි කරන්නේ නම් පොදු සම්මතය මත පන්සිල්, අටසිල් ආදි වශයෙන් නොගෙන ශික්‍ෂාපද වෙන වෙනම ආවර්ජනා කර බලා තමන් අවංකවම ආරක්‍ෂා කළ ශික්‍ෂාපද වෙන්කොට ගැනීම, සත්‍යවාදී වීම සඳහා වඩා වැදගත් වේ. එමෙන්ම වඩාත් මනස නිරවුල් කර ගැනීම සඳහා එම අකුශලයෙන් වැළකී සිටි අවස්ථාව හෝ කාල වකවානුව වෙන් කර ගැනීම සුදුසුය.

තමන් සතු යම් ගුණයක් සිහි කරන්නේ නම් වඤ්චක ධර්මවලට හසු නොවී සැබැවින්ම එම ගුණය තමන් සතුව පවතීදැයි සියදහස් වර ආවර්ජනා කොට බලා ප්‍රත්‍යක්‍ෂ කරගත යුතුය. තමන් කොතරම් අවංක සිතින් සිහි කළත් එය සත්‍යයක් නොවේ නම් එබඳු මායාකාරි සිතුවිලිවල පැටලී සත්‍යක්‍රියාවක් නොකළ හැකි බැවිනි.

“හෙට උදේ ඉර පායන බව සත්‍ය නම් මෙය මෙසේ වේවායි” ආදී වශයෙන් බාහිර සිදුවීම් මත පිහිටා සත්‍යක්‍රියාවක් කළ නොහැක. එය තමන් ප්‍රත්‍යක්‍ෂ කළ කරුණක් නොවන බැවිනි. එමෙන්ම වෙන කෙනෙක් පැවසූ දෙයක් හෝ පෙර භවයක සිදුවූයේ යැයි හඟින දෙයක් තමන්ට ප්‍රත්‍යක්‍ෂ නැතිනම් සත්‍යක්‍රියාව සඳහා පාදක කර ගැනීම ඵල රහිතය. බුදුගුණ, දහම් ගුණ, සඟ ගුණ සිහිකර ආශීර්වාදයක් කළ හැකි නමුත් සත්‍යක්‍රියාවට යොදාගත හැක්කේ ඉන් තමන් ප්‍රත්‍යක්‍ෂ කරගෙන ඇති කරුණු පමණි.

  1. මානසික විශ්වාසය

තමන් සිහි කරන කාරණය කොතරම් සත්‍යයක් වුවත් ඒ පිළිබඳ විශ්වාසය මනසේ තහවුරු නොවුණහොත්, ඒ මානසික අස්ථාවර භාවය සත්‍යක්‍රියාවට බාධාවකි. එනිසා තමන් සිහිකරන කරුණෙහි සත්‍යතාවය පිළිබඳ අවංක විශ්වාසයක් මනසෙහි ගොඩනඟා ගත යුතුය. ඒ සඳහා බොහෝ කරුණු එකට ගෙන සිතනවාට වඩා තමන් සිහිකරන කරුණු හැකිතාක් වෙන්කොට වෙන වෙනම සිතා බැලීම වැදගත් වේ. “මම මෙතෙක් කලක් පන්සිල් රැක්කා” යනුවෙන් සිතනවාට වඩා එක් එක් ශික්‍ෂාපදය වෙන වෙනම ගෙන ප්‍රත්‍යවේක්‍ෂා කර බලා හැම ශික්‍ෂාපදයක්ම සැක සංකා ඇති නොවන ලෙස ආරක්‍ෂා කර තිබේ නම් සියල්ල එක්ව ගෙන සත්‍යක්‍රියා කළ හැකිය. එසේ නොවේ නම් අවංකව සිහිකළ හැකි ශික්‍ෂාපද පමණක් වෙන්කොට ගෙන ඒවා සිහිකර සත්‍යක්‍රියාව කළ යුතුය.

කළ කුශලයක් සිහි කළත්, තමන් සතු යම් ගුණයක් සිහිකළත් මේ ක්‍රමය භාවිත කිරීම වඩා වැදගත්ය. සත්‍ය ක්‍රියාවේදී මනසේ ස්ථාවරය එතරම්ම වැදගත් වන බැවිනි. ගසක ඇති අඹගෙඩියක් බිම හෙළන්නට හීයක් විදින විට යන්තමට හෝ අත සැලුණොත් ඉලක්කය වැරදී යන්නා සේ, මනසේ සැලීම, අස්ථාවර බව සත්‍යක්‍රියාවේ ඉලක්කය වැරදි යන්නට හේතු වේ.

  1. ක්‍රියාව පිළිබඳ අවබෝධය

තමන් සත්‍යක්‍රියාවෙන් සිදු කරන්නට යන්නේ විපතක් වැළැක්වීම හෝ වේවා, යහපතක් සිදුකිරීම හෝ වේවා, ආත්මාර්ථය හෝ පරාර්ථය හෝ වේවා ඒ කරන කාර්යය පිළිබඳව අවබෝධයක් තිබීම අවශ්‍යය. එසේ නොවුණහොත් උත්සාහය නිෂ්ඵල වීමට ද ඉඩ ඇත. පොදු අරමුණක් ඇතිව සියලුදෙනා එක්ව කරන සත්‍යක්‍රියාවකදී පෞද්ගලික අරමුණු පටලවා නොගැනීමට හා පෞද්ගලික අරමුණක් ඇතිව කරන සත්‍යක්‍රියාවකදී පොදු අරමුණු හරස් නොකරගැනීමට විශේෂයෙන් වගබලා ගත යුතුය.

පොදු අර්ථයක් ඇතිව කළත්, පෞද්ගලික අර්ථයක් ඇතිව කළත් සත්‍යක්‍රියාවකදී තෘෂ්ණාව මුල්තැනට නොගත යුතුය. කරුණාව, මෛත්‍රිය, වීර්‍ය්‍යය, ප්‍රඥාව ආදි යහගුණ පෙරදැරි කරගෙන, යමක් සිදු වන නොවන හේතුඵල සිද්ධාන්තය පිළිබඳව යම් අවබෝධයක් ඇතිව සත්‍යක්‍රියාව සිදු කරයි නම් වඩා සාර්ථක ප්‍රතිඵල ලැබිය හැකිය.

ලොවට පැමිණෙන පොදු විපත් වැළැක්වීම, සසුන සුරැකීම වැනි ඉතා බරපතල කාර්යයන් සඳහා සත්‍යක්‍රියා කිරීමේදී තනි තනිව උත්සාහ කරනවාට වඩා සැවොම එක්ව ගන්නා උත්සාහය වඩා සාර්ථකව ඵල දරයි. ගිනි කඳකට වෙන වෙනම දිය බිඳු ඉසිනවා වෙනුවට ඒ සියලු දිය බිඳු එකට එක් කොට ජල දහරාවක් සේ පතිත කළ විට මහ ගිනි කඳක් වුවත් නිවී යන්නාක් මෙනි.

  1. මානසික ශක්තිය යෙදවීම

තමන් සතු සත්‍යය සිහි කරමින් අදාළ කරුණ ඉලක්ක කොට “මේ සත්‍ය බලයෙන් මෙය මෙසේ වේවා” යි නැවත නැවත අධිෂ්ඨාන කිරීම සත්‍යක්‍රියාවේ ප්‍රධාන අංගයයි. නමුත් මෙය හුදෙක් ප්‍රාර්ථනාවක් හෝ ආශීර්වාදයක් නොව, භෞතික ද්‍රව්‍යයකට පවා බලපෑම් කළ හැකි මානසික ක්‍රියාවලියකි.

මේ කරුණු සියල්ල සත්‍යක්‍රියාව කරන මොහොතේ මතු කර ගැනීමට නම් කල් ඇතිව නැවත නැවත සිතා බලා කරුණු වටහාගෙන තිබිය යුතුය. තමන් අත්දුටු සත්‍යයක් සිහිපත් කරගෙන, අවංක විශ්වාසයෙන් එහි මනස පිහිටුවාගෙන, කරන්නට යන ක්‍රියාව පිළිබඳව අවබෝධය හා කරුණා මෛත්‍රිය පෙරදැරි කරගෙන සත්‍යක්‍රියාව කළ හැකි නම් තම තම ශක්ති ප්‍රමාණය මත එවේලේම ප්‍රතිඵල අත්දැකිය හැකිය.

මනුෂ්‍යාත්මභාවයක් ලැබීම දුර්ලභය. ලැබූ මනුෂ්‍යත්වය ආරක්‍ෂා කරගැනීම ඊටත් වඩා දුර්ලභය. යමෙක් තමා ලැබූ මනුෂ්‍යාත්මභාවය තමන්ගේ මෙන්ම අනුන්ගේත් යහපත වෙනුවෙන් යොදවයිද එබඳු සත්පුරුෂයෝ අතිශයින්ම දුර්ලභය. හදවතේ සැඟවී ඇති මනුෂ්‍යත්‍වය අවදි කරගත හැකිනම්, ඔබටත් ඒ දුර්ලභ මිනිසුන් අතරට එක්විය හැකිය. මේ ඔබ අප සැමට ඒ සඳහා කාලයයි.

සියලු විමසීම්:
071-8403246, 077-3436640

ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්ථවිර
සත්ජන සමාජ සංවර්ධන පදනමේ උත්තර මණ්ඩලයේ ලේඛකාධිකාරී

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

හිටපු ඇමැතිට වලානෙන් දැල එළයි

July 3, 2025

අයවැයෙන් වැඩි කළ විශ්‍රාම වැටුප් මෙම මස සිට

July 3, 2025

හිගයකට බියෙන් ඉන්ධන ගබඩා කළ නිවස ගිනිගනී

July 1, 2025

අවුරුදු 11කට පස්සේ

July 6, 2025

ඊශ්‍රායල් යුද හමුදාවට දිරියක් වූ ශ්‍රී ලාංකික දූ පුතුන්

July 6, 2025
Related News
විශේෂාංග

රටේ නායකයන් ප්‍රශ්න විසඳූ අයුරුත් යටවූ අයුරුත් මම සියැසින් දුටුවෙමි

විශේෂාංග

වැහි දෙයියන්ගේ වඩම්මවන ගැමියාගේ යාතිකාව – ගම්මඩුව

විශේෂාංග

වාසනාව – අවාසනාව ඉවත දමා අලෙවි වෘත්තියේ දැවැන්තයෙක් වීම…

විශේෂාංග

අභාවප්‍රාප්ත බ්‍රැඩ්මන් වීරකෝන් මහතාට උපහාරයක්

විශේෂාංග

කොළඹ නැව් තටාකාංගනය ටෝකියෝවෙන් දිල්ලියට පාවෙයි

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok