Wednesday, 9 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: මොකක්ද මේ ආණ්ඩුවේ දඩි බිඩි වනාලි මෙහෙයුම?
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Wednesday, 9 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: මොකක්ද මේ ආණ්ඩුවේ දඩි බිඩි වනාලි මෙහෙයුම?
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
විශේෂාංග

මොකක්ද මේ ආණ්ඩුවේ දඩි බිඩි වනාලි මෙහෙයුම?

June 29, 2025
128 Views

දේශීය ආර්ථිකයට කෙසේ වෙතත් ග්‍රාමීය ආර්ථිකයට මෙන්ම ජන ජීවිතවලට දැඩි බලපෑමක් එල්ල කෙරෙන බව පැවසෙන වනඅලි ගැටලුව විසඳීම සඳහා වත්මන් ජාතික ජන බලවේග රජය අතිශය උනන්දුවකින් කටයුතු කරන බව පෙනේ. ඒ සම්බන්ධ නවතම පුවත වනුයේ වනඅලි ගැටලුව විසඳීම සම්බන්ධ විධිමත් යාන්ත්‍රණයක් කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉකුත් 20 වැනි දා පස්වරුවේ කාර්යාලයේදී පැවති සාකච්ඡාවේදී අදාළ නිලධාරීන්ට උපදෙස් දීම ය. මෙහි දී මෙම ගැටලුව මිනිස් අලි ගැටුම (Human elephant conflict ) යන ජාත්‍යන්තර ව්‍යවහාරයෙන් හෝ අලි මිනිස් ගැටුම (Elephant human elephant conflict) යන දේශීය ව්‍යවහාරයේ එන මිනිස් ගැටුම ලෙස නොව හුදු මානව කේන්ද්‍රීය පදනමින් වනඅලි ගැටලුව ලෙස හඳුන්වා ඇති බව පෙනේ.

මෙහිදී මෙම “වනඅලි ගැටලුව” බහුලව පවතින අනුරාධපුර, පුත්තලම, පොලොන්නරුව, අම්පාර, හම්බන්තොට, මොනරාගල, කුරුණෑගල, බදුල්ල සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්ක පිළිබඳ විශේෂ අවධානය යොමු වූ අතර ඊට අදාළව, ඒ ඒ දිස්ත්‍රික්කවල පවතින ගැටලු දිසාපතිවරුන් විසින් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කොට තිබේ. එහි දී වනඅලි ගැටලුව විසඳීම විධිමත් යාන්ත්‍රණයක් කඩිනමින් ක්‍රියාත්මක සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කෙරෙහි ද ජනාධිපතිවරයාගේ විශේෂ අවධානයට යොමුවී තිබේ. එමෙන්ම මෙය කෙතරම් කඩිනමින් කළ යුතු කාරියක් ද කිව හොත් වනජීවී දෙපාර්තමේන්තුවේ දැනට පවතින පුරප්පාඩු, රථ වාහන අවශ්‍යතා සහ රාජකාරී කරගෙන යෑමේදී මුහුණ දෙන ගැටලු පිළිබඳව ද මෙහි දී සාකච්ඡා වී ඇත. වනඅලි ගැටලුව විසඳීමේ යාන්ත්‍රණය කාර්යක්ෂම කිරීමේ අවශ්‍යතාව මෙහිදී අවධාරණය කළ ජනාධිපතිවරයා ජනතා සහසම්බන්ධතා සහිතව මෙම වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවීමේ වැදගත්කම ද පෙන්වා දී තිබේ. ඒ අනුව ඉදිරි මාසයක් වැනි ඉතා කෙටි කාලයක් තුළ මෙම කටයුතු සිදු කිරීම සඳහා අදාළ දිස්ත්‍රික්කවල වගකිව යුතු නිලධාරීන්ගෙන් සමන්විත කමිටු පත් කිරීමට ද ජනාධිපතිවරයා උපදෙස් දුන් බව ද පැවසෙයි. ඒ අනුව වත්මන් ආණ්ඩුවේ මෙම වනඅලි යාන්ත්‍රණය ඉතා වේගවත් ක්‍රියාකාරී මෙහෙයුමක් සේ ඇරඹීමට වෙර දරන බවක් පෙනේ.

එම සාකච්ඡාවේදී ඒ කාරිය සඳහා අවශ්‍ය ශ්‍රම බළකායට ඌණ පූරණයක් ලෙස දැනට වනජීවී දෙපාර්තමේන්තුවේ පවතින පුරප්පාඩු පිරවීම සඳහා විශ්‍රාමික නිලධාරීන් කොන්ත්‍රාත් පදනම මත බඳවා ගන්නා ලෙස ද උපදෙස් දී ඇති ජනාධිපතිවරයා, ඒ සඳහා කඩිනම් ක්‍රියා මාර්ගයක් ලෙස සිවිල් ආරක්ෂක නිලධාරීන් ද නිශ්චිත පුහුණුවක් සමග වනජීවි දෙපාර්තමේන්තුවට අනුයුක්ත කිරීමටත්, ඊට අදාළ නීති සම්පාදනය කිරීමටත් නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න, මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල, නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී.බී සරත්, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, වනජීවී අධ්‍යක්ෂ ජනරාල් රංජන් මාරසිංහ, යුද හමුදාපති මේජර් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ, වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය හා දිසාපතිවරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීහු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව තිබේ.

වනඅලින් නිසා දේශීය ආර්ථිකයට කෙසේ වෙතත් ග්‍රාමීය ආර්ථිකයට යම් බලපෑමක් වන බව සත්‍යයක් වුව වයස අවුරුදු හැත්තෑවක ආයු කාලයක් සපුරන එක් වනඅලියකු ගෙන් ඩොලර් මිලියන එකොළහක හෙවත් රුපියල් මිලියන 3307 ක විදේශ විනියමක් රටට ගලා එන බවන් ද එක් සමීක්ෂණ වාර්තාවක සඳහන් ය.

අප සිරි ලක් මවගේ නළලත බැඳි මුතු පොටක් බඳු වනඅලින් සම්බන්ධ විශේෂඥ දැනුම ඇතුළු සාමාන්‍ය මට්ටමේ පුහුණුව, පළපුරුද්ද සහ අත්දැකීම් වනජීවී දෙපාර්තමේන්තුව සතු වන අතර වනසත්ව සහ වෘක්ෂලතා ආඥාපනත යටතේ ඒ සම්බන්ධ නීතිමය බලය ඇත්තේ වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා සතුව පමණි. එවන් පසුබිමක් යටතේ අපරාධ මර්දනය සඳහා කැප වී ක්‍රියා කරන පොලිසිය සේම ත්‍රස්තවාදී උවදුරුවලින් රට මුදා ගැනීමට කැපවී ක්‍රියා කරන ආරක්ෂක අංශ කැඳවා වනඅලින් සම්බන්ධයෙන් හුදු අපරාධකරුවන් ත්‍රස්තවාදීන් මැඬලන විධිමත් සහ කාර්යක්ෂම යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීමටද ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් දීම විශේෂත්වයකි.

නමුත් ඉහත සඳහන් සංසිද්ධිය සම්බන්ධයෙන් අපට කීමට ඇත්තේ මෙය අප රටේ ජනතාවගෙන් කොටසක් මුල්කොට ගැනීමට සැරසෙන අතිශය බරපතළ සේම දඩි බිඩි ක්‍රියා මාර්ගයක් බවය. එහෙත්, මිනිසා සහ සොබා දහම මුල්කොට ගත් මෙවන් කරුණු පිළිබඳ තීරණ ගැනීම සම්බන්ධයෙන් පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් විපක්ෂය බලය පිහිටුවන පළාත් පාලන ආයතන සඳහා මූල්‍ය ප්‍රතිපාදන ලබාදීම සම්බන්ධයෙන් ඉකුත් මැතිවරණ ප්‍රචාරක වේදිකාවලදී ජනාධිපතිවරයා කී අන්දමට “එක සැරයක් නෙවෙයි කීප සැරයක් හිතන්න වෙනවා” යන්න හරියටම හරියන බව කිව යුතු ය. එසේ නොමැති නම් මෙවන් දඩිබිඩි ක්‍රියාමාර්ග ගැනීමට ආණ්ඩුවට වනඅලින් සම්බන්ධයෙන් ඇති කෝන්තරය පිළිබඳව මනෝ විද්‍යාතමකව සිතා බැලීමට ද යමකු පෙළඹෙනු නියත ය.

වත්මන් ආණ්ඩුව බලයට පත් වීමේ දී ඒ සඳහා ප්‍රවාද හා ප්‍රලාප මාධ්‍ය උපරිම ලෙස යොදා ගත් බව නොරහසකි. නිදහසින් පසු අප රටේ දේශපානලන තුළ පැවති සාධනීය සහ නිශේධනීය ලක්ෂණ වෙනම විශ්ලේෂණය කිරීමේ දී ඒ මත හැත්තෑ වසරක ශාපය යන ප්‍රවාදය ගොඩ නැංවූ වත්මන් ආණ්ඩුවේ ප්‍රබලයන් එය තම ඡන්ද ගොඩ වැඩි කර ගැනීමට යොදා ගත් අයුරු මේ වනවිට සමාජය හමුවේ කෙමෙන් කල එළි බසිමින් තිබේ. ඒ අතරේ අප රටේ මහා ධන කුවේර සහල් මෝල් හිමියන් දෙතුන් දෙනකු මෙරට ලක්‍ෂ ගණන් වන වී ගොවීන් හමුවේ ලේ පිශාචයන් සේ ඔවුන්ගේ රුහිරු උරා බොන බව වත්මන් ආණ්ඩුවේ බලධාරීන් පසුගිය කාලය මුළුල්ලේ සමාජය හමුවේ ගොඩ නැඟූ ප්‍රවාදයකි. එම පුවත් ඇසූ කෘෂිකාර්මික නොවන සාමාන්‍ය ජනයාට එම ව්‍යාපාරිකයන් ජාති ද්‍රෝහීන් සේ පෙනී යෑමට තරම් දරුණු ලෙස ගිනි ඇවිළීමට එවක වත්මන් ආණ්ඩුවේ ප්‍රබලයන් කටයුතු කළ බව අපේ මතක සීමාවන් වල මෑත කෙළවරේම තිබේ.

එහෙත් ඒ සම්බන්ධ අරුම පුදුම දේශපාලනික ප්‍රකාශයක් ද අපට පසුගිය දා අසන්නට ලැබිණ. ඒ රට පුරාම කතා කරන වී, හාල් මාෆියාව පිටු පස සිටින බව කියන ඩඩ්ලි සිරිසේන යනාදි පෞද්ගලික මෝල් හිමියන් නොසිටියා නම් ලංකාවේ වී , හාල් ප්‍රශ්නය ඉතා බරපතළ තත්ත්වයකට පත් වන්නට ඉඩ තිබූ බව වත්මන් කෘෂිකර්ම අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත රට පුරා සංවර්ධන වැඩසටහන් රැසක් ආරම්භ කරමින් නිරීක්ෂණ වැඩ රැසකට එක්වෙමින් පැවති මාධ්‍ය හමුවකදී පැවසීමය. ඒ අනුව තමාගේ එම හාල් මාෆියා කතාව ජනතාව පොදු සමාජය හමුවේ ඇටවූ බොරු වළක් බව දැන් ආණ්ඩුව පිළිගෙන තිබේ. ඒ අතරේ තව දුරටත් තම සත්‍යවාදී බව පිළිබඳ පුන පුනාම පවසන ආණ්ඩුව කිසිදු විද්‍යාත්ම තබා සචාරාරාත්මක පදනමක් නොමැතිව හුදු දේශපාලනික ක්‍රියා මාර්ගයක් ලෙස දඩි බිඩියේ සිදු කිරීමට වෙර දරන මෙන වනඅලින් නෙරපා හැරීමේ සොබා දහමට එරෙහි මෙම වැඩ සටහන වත්මන් ආණ්ඩුවේ බලධාරීන්ගේ හුදු දේශපාලනික හෝ අන්තගාමී මානසික අවශ්‍යතා මත වුව සිදු කළ හොත් එහි අවසන් ප්‍රතිඵලය අප බොහෝ දෙනකු සිතනවාට වඩා ජාතිය අතිශය ඛේදනීය ඉරණමක් වෙත රැගෙන යෑමක් බව ඒකාන්ත ලෙසම කිව යුතු ය. ශ්‍රී ලංකාවේ මිනිස් – වනඅලි ගැටලුව සම්බන්ධයෙන් එංගලන්තයේ ඔටුන්න හිමි විලියම් කුමරු පසුගිය මැයි 23 වැනි දා සිදු කළ එක්තරා වැඩසටහනක් අතරතුරදී වනඅලින් සුරැකීම සම්බන්ධයෙන් වැඩකටයුතු සිදු කරන අඩවි වනනිලධාරීන්ගේ කාර්යය පිළිබඳ විශේෂ ප්‍රකාශයක් සිදු කළ අතර එය ලෝකයේ විශේෂ අවධානයකට ලක්ව තිබේ. ඔහු ඒ සම්බන්ධයෙන් මෙසේ ප්‍රකාශ කර තිබිණි.’

“යථාර්ථය නම්, අපගේ ස්වාභාවික ලෝකය ආරක්ෂා කිරීම මිහි තලයේ ඇති භයානකම රැකියාවක් බවට පත්ව තිබීමය. සොබා දහමේ ආරක්ෂකයන් සහ ඔවුන් කරන තීරණාත්මක කාර්යය අප තේරුම් ගෙන හඳුනාගත යුතු වේ”.

නමුත් ශ්‍රී ලංකාවේ වනඅලින් සම්බන්ධයෙන් මතු වන මෙවන් ගෝලීය ප්‍රවණතා ඉතා නිවැරදිව වටහා ගෙන ඒ අනුව ක්‍රියා කිරීම මේ වනවිට ඒ සම්බන්ධයෙන් කිසිදු ව්‍යක්ත බවක් පළ නොකරන වත්මන් ආණ්ඩුවේ වගකීම ය. අප එසේ පවසනුයේ හුදු පක්ෂ දේශපාලනික තීන්දු තීරණ මත මානව බුද්ධි පරිණාමය හා සබැඳි වන මෙවන් ගෝලීය ප්‍රවණතාවන් යටපත් කිරීම දැලකින් සුළං බැඳීමක් වන බැවිනි.

ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ඊශ්‍රායල් යුද හමුදාවට දිරියක් වූ ශ්‍රී ලාංකික දූ පුතුන්

July 6, 2025

හිටපු ඇමැතිට වලානෙන් දැල එළයි

July 3, 2025

යං යං ඇතුළට යං…

July 6, 2025

අවුරුදු 11කට පස්සේ

July 6, 2025

අයවැයෙන් වැඩි කළ විශ්‍රාම වැටුප් මෙම මස සිට

July 3, 2025
Related News
විශේෂාංග

රටේ නායකයන් ප්‍රශ්න විසඳූ අයුරුත් යටවූ අයුරුත් මම සියැසින් දුටුවෙමි

විශේෂාංග

වැහි දෙයියන්ගේ වඩම්මවන ගැමියාගේ යාතිකාව – ගම්මඩුව

විශේෂාංග

උපසම්පදාව සියලු කුල සතු කළ අමරපුර නිකායේ ආදි කර්තෘවර වැලිතර ඤාණවිමලතිස්ස මහ නාහිමි

විශේෂාංග

වාසනාව – අවාසනාව ඉවත දමා අලෙවි වෘත්තියේ දැවැන්තයෙක් වීම…

විශේෂාංග

අභාවප්‍රාප්ත බ්‍රැඩ්මන් වීරකෝන් මහතාට උපහාරයක්

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok