1970 දශකයේ සිංහල සංගීත ක්ෂේත්‍රයට පිවිස 1980 දශකයේ සංගීත ක්ෂේත්‍රයේ තහවුරු වී 1990 දශකයේ ජනප්‍රියතම ගායන ශිල්පියා බවට පත් වී විසිවන සියවසේ දී අප අතරින් වෙන් ව ගියත් අද දක්වා ම ලාංකේය සංගීත ක්ෂේත්‍රයේ නොමැකෙන හඬ පෞරුෂයෙන් රසික සිත් ආනන්දයට පත් කරන ගීතාවලියක හිමිකරු ගුණදාස කපුගේ සූරීන් ය.
මිත්‍ර කපුගේ, සිය පිය උරුමය ඉදිරියට ගෙන යන කපුගේ පරපුරේ නූතන සලකුණය. ඔහුගේ සබඳ අපි – ගුණදාස කපුගේ මියැසි ප්‍රත්‍යාවලෝකනය හෙට (28 වැනිදා) සවස 6.30ට විහාර මහා දේවි එළිමහන් රංග පිඨයේ දී පැවැත් වේ.
ගුණදාස කපුගේ ගීතාවලියෙහි රසය එලෙසින් ම සහෘදයන්ට සමීප කෙරෙන මේ ප්‍රසංගයේ සංගීත අධ්‍යක්ෂණය ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂ මහින්ද බණ්ඩාරගෙනි. ප්‍රසංග පිටපත හා නිවේදනය ඔසඳ ගුණරත්න විසිනි. ප්‍රසාද් කුමාරතුංග සමගින් පුන්මිලා යකුපිටිය සහාය ගැයුම්වලට එක්වෙති.
සබඳ අපි – ගුණදාස කපුගේ මියැසි ප්‍රත්‍යාවලෝකනය වැනි දැවැන්ත සංගීතමය අත්දැකීමක් ලාංකේය රසිකයන්ට තිළිණ කෙරෙන්නේ සිද්ධි විනායක් සිනෙ ආර්ට්ස් සහ සහන්‍යා පදනම විසිනි. දශක දෙකකට ආසන්න කාලයක් විදේශීය චිත්‍රපට බෙදාහැරීම හා බොලිවුඩ් සංගීත ප්‍රසංග සංවිධාන කාර්යයයේ ප්‍රමුඛත්වයක් ගත් සිද්ධි විනායක් සිනෙ ආර්ට්ස් සමාගමේ කෞෂල්‍යා වික්‍රමසිංහ මෙනවිය සහ සහන්‍යා පදනමේ සභාපති පූජ්‍ය අග්‍රහරේ කස්සප ස්වාමීන් වහන්සේ කපුගේ ගීතාවලිය ‘සබඳ අපි’ නමින් මෙවර විහාර මහා දේවි එළිමහන් රංග පිඨයේ දී ප්‍රත්‍යාවලෝකනය කිරීම ද සුවිශේෂී කාර්යයකි.