Wednesday, 9 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: හොරණ ශ්‍රී පාලිය බිහි කළ පානදුරේ රබර් රජ්ජුරුවන්ගේ පුතා
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Wednesday, 9 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: හොරණ ශ්‍රී පාලිය බිහි කළ පානදුරේ රබර් රජ්ජුරුවන්ගේ පුතා
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
අතිරේකවිශේෂාංග

හොරණ ශ්‍රී පාලිය බිහි කළ පානදුරේ රබර් රජ්ජුරුවන්ගේ පුතා

June 25, 2025
530 Views

හොරණ ශ්‍රීපාලි විදුහලේ නිර්මාතෘ විල්මට් ඒ. පෙරේරා මහතාගේ 120 වැනි ජන්ම සංවත්සරය ඉකුත් 21දාට යෙදී තිබිණි. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

1934 දී මෙරටට පැමිණි භාරත මහා කවි රබින්ද්‍රනාත් තාගෝර් වියතා විසින් මුල්ගල තබන ලද හොරණ ශ්‍රීපාලි විiාලයේ නිර්මාතෘවරයාවූ, කීර්තිමත් අධ්‍යාපනඥයකු වූද සෞන්දර්යකාමියකු වූද රාජ්‍යතාන්ත්‍රිකයකු වූද ජනහිතකාමී සමාජ සේවකයකු වූද, ධනවත් ඉඩම් හිමියකු වූද, මතුගම හිටපු මන්ත්‍රීවරයකු වූද, විල්මට් ඒ. පෙරේරා මහතාගේ එකසිය විසි (120) වැනි ජන්ම සංවත්සරය යෙදී තිබුණේ පසුගිය ජුනි 21 වැනි දිනටය.

1905 ජුනි 05 දින පානදුරේ වෑකඩ ශ්‍රී නගර් නිවසේ උපත ලද විල්මට් ඒ. පෙරේරා මහතා මුලදි පානදුර ශාන්ත ජෝන්ස් විiාලයටත් පසුව කොළඹ රාජකීය විiාලයටත් ඇතුළුව පාසල් අධ්‍යාපනය ලැබූවෙකි.

ඔහුගේ පියාගේ නම ඒබ්‍රහම් පෙරේරා වුවත් රටේ සිටි බොහෝ දෙනා ඔහු දැන සිටියේ “පානදුරේ රබර් රජ්ජුරුවන්” ලෙසිනි. එයට හේතුව එදා සිටි සුද්දන් පරදවමින් ඔවුන් හා තරගයට රබර් වවමින් රටේ දැවැන්ත රබර් ඉඩම් හිමියකු වීමට ඔහුට හැකිවීමයි. රබර් නිෂ්පාදකයකු වශයෙන් ඔහු ලබා තිබූ කීර්ති නාමය නිසා එංගලන්තයේ සුදු සමාගමක් ඔහුගෙන් රබර් මිලදී ගැනීමට එකගත්වය පළකරමින් ගිවිසුමක් ද ඇති කරගෙන තිබුණි. එහිවූ එක් කොන්දේසියකින් කියවුණේ, වෙළෙඳපොළේ පසුව සිදුවන රබර් මිල ගණන් කුමන අයුරින් වෙනස් වුවද, ඔහු සපයන රබර්වලට සමාගම පොරොන්දු වී ඇති පරිදි මිල ගණන් ගෙවීමට එම ගිවිසුමෙන් බැඳී ඇති බවය. එහි ප්‍රතිඵලය වූයේ රබර් මිල බැස ගිය පසුත් සමාගමට ඒබ්‍රහම් පෙරේරාගෙන් වැඩි මිල ගෙවමින් දිගු කලක් රබර් මිලදී ගැනීමට සිදුවීමය. එහි ප්‍රතිඵලය වූයේ තමන් නොසිතූ ආකාරයෙන් විශාල ධනස්කන්ධයකරැස්කර ගැනීමට ඔහුට හැකි වීමයි.

ඒබ්‍රහම් පෙරේරා නමින් හැඳින්වුණු තම පියාගේ අභාවයෙන් පසු එම පවුලේ විශාල ධනස්කන්ධය පාලනය කිරීමේ භාග්‍ය හිමිවූයේ විල්මට් ඒ. පෙරේරාටය. සිය පියාට අයත් විශාල ඉඩම් ප්‍රමාණයක් පිහිටා තිබුණේ හොරණ ප්‍රදේශයේය. පදිංචිය සඳහා ඔහුට හොරණ ප්‍රදේශය තෝරා ගැනීමට සිදුවූයේ ඒ අනුවය. ඒ වන විට ඔහුගේ වයස විසිදෙකක් පමණ විය.

ප්‍රධාන පෙළේ වැවිලිකරුවකු හා ධන කුවේරයකු හැටියට පමණක් ජීවත් වී මියයෑම ඔහුගේ ජීවිතයේ එකම අරමුණ නොවූ බව ඔහුගේ ක්‍රියාකාරකම් දෙස මුල සිටම බලන්නකුට පැහැදිලිව දැකගත හැකි කරුණකි.

ඔහු වැවිලිකරුවකු වුවද, ඔහුගේ කාලයෙන් වැඩි කොටසක් වැය කළේ ප්‍රදේශයේ ජනතාව මුහුණ පා සිටින ප්‍රශ්න ගැන සොයා බැලීමටයි. ඒ සියලු කරුණු සොයා බැලූ ඔහුට පෙනී කියේ අධ්‍යාපනය අමතක කොට කිසිදු ප්‍රශ්නයක් විසඳිය නොහැකි බවයි. අධ්‍යාපන ක්‍රමයේ ඇති විෂමතා නිසා ග්‍රාමීය සමාජය ඉතා පසුගාමී තත්ත්වයකට පත්ව ඇති බව ඔහු දැඩිව අවධාරණය කළ කරුණක් විය. දිළිඳුකම, පරගැති වහල් මානසිකත්වය සහ නූගත්කම යන සාධක සමාජය තුළ මුල් බැසගෙන ඇත්තේ ශත වර්ෂ ගණනක් තිස්සේ රට තුළ පැවති යටත් විජිත ක්‍රමයේ නොවැළැක්විය හැකි ප්‍රතිඵල ලෙසින් බව එතුමා නිරතුරුව ප්‍රකාශ කළ සත්‍යයක් විය.

විල්මට් ඒ. පෙරේරා රබින්ද්‍රනාත් තාගෝර්.ුමා සමග

විල්මට් ඒ. පෙරේරා මහතාගේ ආකල්ප සහ සිතිවිලි ඉහත කී ආකාරයට වර්ධනය වී ඒමට කුඩා කල සිට බලපෑ එක් ප්‍රබල චරිතයක් වී ඇත්තේ භාරත මහා කවි රබින්ද්‍රනාත් තාගෝර්ය. භාරතයේ පිහිටි ශාන්ති නිකේතනයේ නිර්මාතෘවරයා ලෙස සැලකෙන්නේ ඔහු ය. 1932 වසරේ දී විල්මට් ඒ. පෙරේරා ශාන්ති නිකේතනයට ගියේ, එහි ක්‍රියාත්මකව පැවති නව අධ්‍යාපන ක්‍රම ගැන පුළුල් අවබෝධයක් ලබනු පිණිසය. එම කාලය තුළ දී ඔහුට තාගෝර්තුමා සමග යහපත් සබඳතා ඇති කර ගැනීමට ද ඉන් මඟක් පෑදිණි.

ශාන්ති නිකේතනයට ගිය විල්මට් ඒ. පෙරේරා මහතා පෙරළා ලංකාවට ආවේ සමාජය ගැන පුළුල්වූ දැනුම් සම්භාරයක් ද රැගෙනය. එම දැනුම උපයෝගී කරගනිමින් මෙරට සමාජය තුළ ක්‍රියාත්මක වූ ඔහු ගම සංවර්ධනය කිරීම සඳහාවූ ඔහුගේ නව වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනු ලැබීය. ඒ කටයුත්ත සඳහා ජනතාව දැනුවත් කිරීම අත්‍යවශ්‍ය කරුණක් බව තේරුම් ගත් ඔහු ඒ සඳහා අවශ්‍ය පොත්පත් සහ අත් පත්‍රිකා මුද්‍රණය කොට ජනතාව අතර බෙදා හැරීම එහි ආරම්භක පියවර විය.

ජනතාව දැනුවත් කොට ගම සංවර්ධනය කිරීමේ නව වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමේදී වඩා වැඩි ප්‍රමුඛත්වය දෙනු ලැබුවේ කෘෂිකාර්මික ඵලදායිත්වය වැඩි කර ගැනීම, පෝර භාවිතය, චරිත සංවර්ධනය සහ පොතපත කියවීමේ ආශාව ජනතාව තුළ ප්‍රචලිත කිරීම වැනි මූලික කරුණුවලට ය. මෙය එදා බොහෝ දෙනෙකුගේ ජනාදරයට සහ ප්‍රශංසාවට පාත්‍රවූ වැඩපිළිවෙළක් විය. “විල්මට් ඒ. පෙරේරා මහතාගේ ග්‍රාම සංරක්ෂණ ව්‍යාපෘතිය ලංකාවේ ඇරඹෙයි.” යන ශීර්ෂ පාඨය යටතේ ඉන්දියාවේ හෂීම් අමීර් නමැති මහතකු විසින් විශ්ව භාරති සඟරාවෙ 1933 අංක 16 දරන ඔක්තෝබර් කලාපයට සපයා තිබුණු ලිපිය එය සනාථ කරවන්නකි. වරක් ගම්බද ජනතාව දැනුවත් කිරීමේ පියවරක් වශයෙන් ඔහු විසින්ම නිෂ්පාදනය කරන ලද ගම්බද ජීවිතය නමින්වූ නාට්‍යයයේ ඔහු ද රඟපෑම එදා කාගේත් කතාබහට ලක් වූ කරුණකි.

ලංකාවේ සමුපකාර ව්‍යාපාරයට ද විල්මට් ඒ. පෙරේරා මහතාගෙන් සිදුවූයේ අතිවිශිෂ්ට සේවයකි. යුද කාලයේ ඇතිවූ බඩු හිඟයට පිළියමක් වශයෙන් එදා රජය කළේ සෑම ගමක් පාසාම සමුපකාර වෙළෙඳසල පිහිටුවීමයි. එහෙත් ඉතා දූරදර්ශීව සිතා යමක් කිරීමේ හැකියාව තිබූ විල්මට් ඒ. පෙරේරා මහතා සමුපකාර ක්‍රමය ගැන රටට කියා දුන්නේ යුද්ධය ආරම්භ වීමට පෙරදීය.

දේශීය රෙදි කර්මාන්තයට පණ දීමක් වශයෙන් අත් යන්ත්‍ර මගින් රෙදි විවීම සඳහා කාන්තා පිරිස් පුහුණු කිරීම සඳහා වූ පාසලක් ද එතුමා විසින් පිහිටුවනු ලැබීම, එදා දවසේ වූ තවත් වැදගත් සිද්ධියකි. එතුමා විසින් අඳින ලද ජාතික ඇඳුම ද එසේ අත් යන්ත්‍ර මගින් වියන ලද රෙදිවලින් මසන ලද්දක් වීම විශේෂයෙන් කිව යුත්තකි. ඉහතකී ආකාරයට ගමෙහි සංවර්ධනය සඳහා ව්‍යාපෘති

රැසක් ආරම්භ කළ විල්මට් ඒ පෙරේරා මහතාගේ ඊළඟ අරමුණ වූයේ ජාතික අධ්‍යාපන ක්‍රමයක් රට තුළ ගොඩනැඟීමේ කටයුත්තය. එතුමා නිරතුරුව කතා කළේ නැතිවී යමින් තිබුණු අපේ ජාතික උරුමයන් ගැනය. ශත වර්ෂ ගණනක් පැවති යටත් විජිත පාලන ක්‍රම නිසා අභාවයට ගොස් ඇති අපේ කලා ශිල්ප චිත්‍ර, නැටුම්, චිත්‍ර සහ සංගීතය යන සියලු දේ එතුමාගේ දැඩි විශ්වාසය විය.

එතුමාගේ ප්‍රධාන අවශ්‍යතාවය වූයේ ඉන්දියාවේ ශාන්ති නිකේතනය බඳු අධ්‍යාපන ආයතනයක් හොරණ ගම් ප්‍රදේශය තුළ ද පිහිටුවීම ය. එය සඳහා තමාට අයත්ව තිබුණු අක්කර 39ක පමණ විශාල වූ කපුකුලකන්ද නම්වූ ඉඩම ඒ කටයුත්ත සඳහා වෙන්කර දීමට එතුමා විසින් පියවර ගැනීම එදා කාගේත් කතාබහට ලක්වූ කරුණකි. අපේ ජාතික අධ්‍යාපනයට ජීවයක් දීම සඳහා නව පාසලක් ආරම්භ කිරීමේ අවශ්‍යතාවය එතුමා දැඩිව අවබෝධ කරගෙන තිබුණි. මේ ගැන එතුමා විසින් ඉංග්‍රීසියෙන් ලියන ලද කොටස් හතරකින් යුතු ලිපි පෙළක් 1934 පළවූ යං සිලෝන් නමැති සඟරාවේ ජනවාරි, පෙබරවාරි, මාර්තු සහ අප්‍රේල් කලාපවල පළවූ බව මෙහිදී කිව යුත්තකි.

1934 මැයි මස 20 දින භාරත මහා කවි රබින්ද්‍රනාත් තාගෝර් විල්මට් පෙරේරා මහතාගේ ඇරයුම පරිදි හොරණට පැමිණියේ ශ්‍රීපාල නම් වූ නව අධ්‍යාපන ආයතනයකට මුල් ගල තැබීමට ය. ඒ කටයුත්ත සාර්ථක අයුරින් ඉටුවනු දැකීම, ඔහුගේ ඉමහත් සතුටට හේතුවක් විය. ඉන්පසුව, ඔහු අපේක්ෂා කළ ආකාරයටත් වඩා ඉහළ මට්ටමකට පාසලේ කටයුතු කරගෙන යෑමට විවිධ පිරිස්වල සහය එයට ලැබෙන්ට විය. එහෙත් පසු කලෙක දිවයිනේ පැවති ආධාර ලබන පාසල් රජයට පවරා ගැනීමට “1961 දී එදා පැවති රජය ගත් තීරණයකට අනුව ශ්‍රීපාලි විදුහල ද රජයේ පාසලක් බවට පත්විය. ඒ වනවිට ශ්‍රීපාලි විදුහල පැවතියේ රජයේ ආධාර ලබන පාසලක් ලෙසය. චීනය සමග තානාපති සබඳකම් ඇති කර ගැනීමත් සමග එහි ගිය මුල්ම තානාපතිවරයා වූයේ ඔහුය. එහෙත් ඔහු එහි සිටියදී ආණ්ඩුව විසින් චීන රජයත් සමග රාජ්‍ය තාන්ත්‍රික ගනුදෙනුවක් පිළිබඳව රජයේ මන්ත්‍රී පිරිසක් එහි යැවීමත් සමග අප්‍රසාදය පළ කළ විල්මට් ඒ. පෙරේරා මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය රජයට ඉදිරිපත් කර සිටියේය. එදා සිට දේශපාලනඥයන්ගේ දඩබ්බර දේශපාලන හැසිරීම් රටාව ගැන ඉමහත් කනස්සලට පත්ව සිටි එතුමා 1973 සැප්තැම්බර් 23 දී සිය දිවි සැරිය නිම කළේය.

සිසිල් අතුකෝරළ

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ඊශ්‍රායල් යුද හමුදාවට දිරියක් වූ ශ්‍රී ලාංකික දූ පුතුන්

July 6, 2025

හිටපු ඇමැතිට වලානෙන් දැල එළයි

July 3, 2025

යං යං ඇතුළට යං…

July 6, 2025

අවුරුදු 11කට පස්සේ

July 6, 2025

අයවැයෙන් වැඩි කළ විශ්‍රාම වැටුප් මෙම මස සිට

July 3, 2025
Related News
විශේෂාංග

අලුත් පුටුවට අලුත්ම කෙනෙක් !

අතිරේක විශේෂාංග

ඇහැලේපොළ වලව්වෙන් දිස්වන අතීත ශ්‍රී විභූතිය

අතිරේක විශේෂාංග

භික්ෂු ආකල්ප ආරක්ෂා කළ පිරිවෙන් අධ්‍යාපනය

අතිරේක විශේෂාංග

කතරගම පුදබිමේ ඓතිහාසිකත්වය සහ වාර්ෂික පෙරහර මංගල්‍යය

අතිරේක විශේෂාංග

කැප්පෙටිපොලව පාවා දුන් අයුරු

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok