කාන්තාවක් වීම නිසාම, ආගමක් තුළ සමාජගතවී සිය අනන්‍යතාවය තුළ හිඳිමින් ධාර්මික කටයුත්තේ යෙදෙන්නට හැකිවීමේ සත්‍යය, පිළිගැනීමට නොහැකිව, සිය බලයේ පෞර්ෂ්‍ය අභියෝගයට ලක්වීම දරාගැනීමට නොහැකිවූ මහානායක භික්‍ෂූන් වහන්සේලා විසින් පැනවූ නීතිය, ගරු අධිකරණය විසින් අභියෝගයට ලක්කර, ඒ සඳහා ලබාදිය යුතු සැබෑ විසඳුම ප්‍රකාශයට පත්කිරීම බොහෝ සේ ගරු කටයුත්තකි. ප්‍රශංසනීය මෛත්‍රී සහගත ඓතිහාසික කටයුත්තකි.
“රන්ගිරි දඹුල්ල සංඝ සභාවට සම්බන්ධ භික්ෂුණියක වන වැලිමඩ ධම්මදින්නා නම් භික්ෂුණියට “භික්ෂුණී පදනම” යටතේ ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කිරීම තුළින් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.
ඒ, අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු, ගාමිණී අමරසේකර සහ මහින්ද සමයවර්ධන යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම ජුනි 16 . විභාගයට ගත් අවස්ථාවේදී ය.
ඒ අනුව, වැලිමඩ ධම්මදින්නා නමැති භික්ෂුණියට “භික්ෂුණී පදනම” යටතේ ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයාට නියෝගයක් නිකුත් කරන ලදී.” . බීබීසී පුවතක්

ඇත්තෙන්ම, දෘශ්‍යමාන අයිතියක් පිළිබඳව ඉල්ලීමක් වූ මෙම කාරණාව එනම් බෞද්ධ කාන්තා පැවිදිවරියන් නැතහොත් බෞද්ධ භික්‍ෂුණීන් වහන්සේලා හට සිය පැවිදි ජීවිතය, සිය අනන්‍යතාව තුළ සමාජගතව කටයුතු කිරීමට ඇති පරම අයිතිය පිළිගැනීමට අකමැතිකම, බැගෑපත් නොවීම, ධාර්මික නොවීම සහ එය නීතිමය රාමුවක් තුළට දමා පිළිතුරු ලබාගැනීම දක්වා දුරදිග යැවීම ලෝකයට ලබාදුන් සුබ දසුනක් නොවෙයි. මන්දයත්, අපේ නායක හාමුදුරුවරු පවා නිකං නූගත් ගිහියෝ වගේ බුද්ධ පණිවුඩයේ අන්තර්ඝතයවත් තේරුම් ගන්නේ නැතිව, මෛත්‍රීය කරුණාව වළලා දාලා තමන්ගේම සහෝදරියන් පිරිසකට ඔවුන්ගේ පැවිදි අයිතිය භුක්ති විඳින්නට ඇති අවකාශය කප්පාදු කරදැමීම කොච්චර අවලස්සනද? අසාධාරණද?” දැයි යන්න ශ්‍රී ලාංකීක බොදුණු ගිහි කිහිප දෙනකුගේම අදහසයි.
මහානායක හාමුදුරුවරුන් ගේ තීරණය අභියෝගයට ලක්කිරීමට නොව, අවම වශයෙන් සාකච්ඡාවකට ගෙන විසඳා ගැනීමටවත් කාන්තාවන්ම සමූහයක් වන සිල්මාතා සංගමය උත්සාහ නොගෙන තදබල ලෙස විරෝධය පෑම එක් අතෙකින් තම කුටුම්භයා වෙත එල්ල කළ මෛත්‍රීයට පටහැනි ක්‍රියාවක් මෙන්ම, මෛත්‍රීය, කරුණාව සහ මුදිතාව පදනම්ව ඇති නිර්මල බුදුදහමේ ප්‍රතිපත්ති සහ ඉගැන්වීම්වලට කෙතරම් පටහැනි නොවේද යන්න මනාව පෙන්වා දෙයි.
“ලංකාව බෞද්ධ රටක්. බෞද්ධ රටක රාජ්‍ය පරිපාලකයා මහානායක හාමුදුරුවරුන්ගේ අනුශාසනා, නිර්දේශ මත තමයි රට පාලනය කරන්න ඕනේ. ශාසනය රැකගැනීම සහ ශාසනය සම්බන්ධ සියලු තීන්දු තීරණ ගන්නේ මහානායක උන්වහන්සේලායි. ඒ නිසා බුද්ධ ශාසන කටයුතු සම්බන්ධයෙන් උන්වහන්සේලාගේ අනුමැතිය නැති කිසිම තීරණයක් රජයට ගන්න බැහැ.” යනුවෙන් “දිවයින ඉරිදා සංග්‍රහය” වෙනුවෙන් පෙර සිදුකළ අදහස් විමසීමකදී සිල්මාතා ජාතික මණ්ඩලයේ ලේකම් ධුරය හොබවන මුල්ගිරිගල ශීලප්‍රිය මෑණීයෝ ප්‍රකාශ කළේය.
මෙවැනි ප්‍රකාශ නිෂ්ප්‍රභා කරමින්, රන්ගිරි දඹුල්ල සංඝ සභාවේ මහා නායක පූජ්‍ය ඉනාමළුවේ සුමංගල හිමිගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ ධම්මදින්නා භික්‍ෂුණින්වහන්සේ විසින් තමන්ට “භික්‍ෂුණි පදනම” යටතේ ජාතික හැඳුනුම්පත නිකුත් නොකිරීමට එරෙහිව (2013 මැයි මාසයේදී) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමට 2025 ජුනි මස 16 වැනිදා ගරු ශ්‍රේෂ්ඨාධිකරණය නිසි අවධානය මෙන්ම නිසි තීන්දුව ලබාදුණි.
දැන් ඇත්තේ මෙතැන් පටන් වැලිමඩ ධම්මදින්නා භික්‍ෂුණින්වහන්සේ ඇතුළුව ශ්‍රී ලංකාව තුළ වෙසෙන 8000 කට අධික භික්‍ෂුණීන්වහන්සේලා “භික්‍ෂුණි පදනම” යටතේ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව විසින් පිළිගනු ලබයි ද, ගරු ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව බලපැවැත්වෙන ආයතන වශයෙන්, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව විසින් භික්‍ෂුණීන් වහන්සේලාගේ අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා ලබාදුන් නියෝගය ක්‍රියාත්මක කරනු ලබන්නේ කෙසේද යන්න පිළිබඳව විමර්ශනාත්මකව අවධානය යොමුකිරීමයි.

ශ්‍රී ලංකාව තුළ රන්ගිරි දඹුළු සංඝ සභාව යටතේ 1998 වසරේ සිට භික්‍ෂූණී ශාසනය ක්‍රියාත්මක වන බව ප්‍රකාශ කළ ආචාර්ය පූජ්‍ය මාදම්පාගම අස්සජි හිමි කියා සිටියේ ඇත්තෙන්ම මේ ප්‍රශ්නය මහා ලොකු ප්‍රශ්නයක් නොව, නිවරැදි, පුළුල් සංවාදයක් තුළින් මෙරට වෙසෙන භික්‍ෂූණින් වහන්සේලාගේ උපසම්පදාව විනයාණුකූල ද නැතිද යන්නත් එය පිළිගත යුතුද නැද්ද යන්නත් තීන්දුකර ගැනීමට හැකියාව ඇති බවයි. එම සංවාද වේදිකාව විවෘත කරගැනීම අත්‍යවශ්‍ය බව කීහ.
තවද, ශීලමාතාවන් සහ භික්‍ෂූණීන් වහන්සේලා අතරද යම් යම් ගැටුම් භේදයන් පවතින බව ද සඳහන් කළ අස්සජි හිමි, ශීලමාතාවන් සහ භික්‍ෂූණීන් වහන්සේලා දෙපාර්ශ්වය අතර කිසිදු වෙනස්කමක් නොදකින අතර දෙපාර්ශ්වයේම ඉතා උගත් ඉතා දක්‍ෂ බණ දෙසීමේ සහ පිරිත් කීමේ හොඳ හැකියාවන් තිබෙන අය සිටින බව පැවසීය.
“බුදුහාමුදුරුවෝ කාන්තාව පිරිමියා කියලා කිසිම විශේෂත්වයක්, වෙනසක් දැක්වූයේ නැහැ. පිරිමියා වගේ ම කාන්තාවත් බුද්ධියෙන් උසස් කුසලතාවයක් හිමි අය වශයෙන් බුදුහාමුරුවෝ සැලකුවේ. ඒ බුද්ධ වචනය අපේ පැවැත්මට වෙනස්කර ගැනීම තමයි නොයෙක් නොයෙක් ප්‍රශ්න ඇතිවීමට මූලික වෙන්නේ. බුද්ධ වචනය එසේ වෙනස් කිරීම විශාල වැරැද්දක්” යැයි අස්සජි නාහිමි ප්‍රකාශ කළහ. (මෙම සාකච්ඡාවේ දිගුවක් පසුවට)
බුද්ධ වචනයට නිසි ලෙස පිළිතුරු දෙන්නේ නම් පාර්ශ්වයන් අතර හෝ පුද්ගල බද්ධව හෝ කිසිදු ගැටුමක්, පිළිනොගැනීමක් හෝ තේරුම් නොගැනීමක් ඇති නොවන බවත් එහිදී විශේෂත්වයකින් සැළකිය යුත්තේ පිරිමියා ද ගැහැණිය ද යන්න ඉස්මතු නොවන බවත් පෙන්වා දුන් බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය ඕමල්පේ සෝමානන්ද හිමි, පිරිමියා ද ගැහැණිය ද දෙදෙනාම එක හා සමාන උතුම්, උසස් ජීවිත බව පෙන්වා දුණි.
“සමාජයේ ජීවත්වන පුද්ගලයකුගේ අනන්‍යතාවයක් තිබීම සාමාන්‍ය දෙයක් වගේම, සමාජය තුළ කටයුතු කිරීමේදී අවශ්‍යවන අවස්ථාවලදී තමන්ගේ අනන්‍යතාවය සමග පෙනී සිටීම ඒ පුද්ගලයාගේ අයිතියක්. ජාතික හැඳුනුම්පත කියන්නේ පුද්ගලයෙක් සන්තකයේ තිබිය යුතු ඉතාම වැදගත් අත්‍යවශ්‍ය ලියැවිල්ලක්. ඉතිං ඒ අයිතිය කුමන තරාතිරමක වුවද පුරවැසියාට ලබාදිය යුතුයි, අයිතියක්” යැයි බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය ඕමල්පේ සෝමානන්ද හිමි ද ප්‍රකාශ කළහ.
මෙලනි මානෙල් පෙරේරා