Wednesday, 9 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: හොර පාරෙන් ලක්ෂෙට කොඩිය දාපු අයට වැඩ වැරදුන හැටි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Wednesday, 9 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: හොර පාරෙන් ලක්ෂෙට කොඩිය දාපු අයට වැඩ වැරදුන හැටි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
විශේෂාංග

හොර පාරෙන් ලක්ෂෙට කොඩිය දාපු අයට වැඩ වැරදුන හැටි

June 22, 2025
343 Views

ප්‍රබල දේශපාලකයින් 26ක් හා හිටපු ආරක්‍ෂක අංශ ප්‍රධානියකුගේ දේපළ රජයට පවරා ගැනීමට නියෝග

පාතාලයින් ඇතුළු 88කගේ කෝටි 500ක දේපළ රාජසන්තකයි

රාජසන්තක කරන ලද දේපළ අතර ඉඩම්, කුඹුරු, නිවාස, බැංකු ගිණුම්, වාහන, ස්වර්ණාභරණ හා ව්‍යාපාරික ස්ථානත්

පසුගිය ජන අරගල සමයේ ප්‍රධානම ජනතා අභිලාෂය වූයේ රාජ්‍ය දේපළ කොල්ල කෑ බව කියන පුද්ගලයන්ට නිසි දඬුවම් පැමිණවීම හා එම දේපළ නැවත ජනසතු කිරීම ය. දැන් ඒ සඳහා හොඳම කාලය යැයි සිතෙන්නේ දැනටමත් ඒ සඳහා වත්මන් ආණ්ඩුව අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත සම්මත කර ගෙන තිබීමය. එසේ නම් මේ සිදුවෙමින් පවතින්නේ නීතිවිරෝධීව, සොරකම් කරන ලද වත්කම් නැවත රජයට ලබාගැනීමේ ක්‍රියාවලිය ය. දැන් ආණ්ඩුව ඊට මූලික පියවර තබා ඇත.

දේශපාලකයින්ගේ දේපළ ගැන විමර්ශන

අපේ රටේ හිටපු දේශපාලකයන්ගේ හා හිටපු ආරක්‍ෂක ප්‍රධානියකුගේ දේපළ සම්බන්ධයෙන් පුළුල් විමර්ශන මේ වනවිටද ආරම්භ කර ඇති අතර, එම දේපළ සම්බන්ධයෙන් ඔවුන්ගෙන් ප්‍රකාශ ගැනීමේ කටයුතු ද ඉදිරියේදී ක්‍රියාත්මක කිරීම නියමිතය.

එසේ විමර්ශනය කටයුතු සිදුකරන දේශපාලනඥයින් අතර මහින්ද යාපා අබේවර්ධන, මහින්ද අමරවීර, චාමර සම්පත් දසනායක, දිලුම් අමුණුගම, රෝහිත අබේගුණවර්ධන, පවිත්‍රා වන්නිආරච්චි, කාංචන විජේසේකර, සාගල රත්නායක, තිස්ස කුට්ටිආරච්චි, වජිර අබේවර්ධන, මහීපාල හේරත්, අනුර ප්‍රියදර්ශන යාපා, මනූෂ නානායක්කාර, වඩිවේල් සුරේෂ්, තුෂාර සංජීව පතිරණ, හර්ෂණ රාජකරුණා, ශානක්‍ය රාසමානික්‍යම්, ශිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්, එස්. එම්. චන්ද්‍රසේන, ශාන්ත අබේසේකර යන අයද සිටිති.

මොකක්ද මේ අලුත් පනත

අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනතෙහි මෙසේ දක්වා ඇත. එනම්, ‘අපරාධයකින් උත්පාදිත දේ ආපසු ලබාගැනීම සඳහා විධිවිධාන සැලැස්වීමට ද, අපරාධයකින් උත්පාදිත දේ විමර්ශනය කිරීම, තහනම් කිරීම, රජය සතු කිරීම සහ බැහැර කිරීම සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද, තහනමට ගන්නා ලද අපරාධයකින් උත්පාදිත දේ ආරක්‍ෂා කිරීම, සංරක්‍ෂණය කිරීම සහ කළමනාකරණය කිරීම සඳහා ද, අපරාධයකින් උත්පාදිත දේ කළමනාකර අධිකාරිය පිහිටුවීම සඳහා ද, අපරාධයකින් උත්පාදිත දේ අයකර ගැනීමට අදාළව අන්තර් නියෝජ්‍යායතන සහයෝගිතාව සම්බන්ධයෙන් විධිවිධාන සැලැස්වීම පිණිස ද සහ ඒ හා සම්බන්ධ හෝ ඊට ආනුෂාංශික කරුණු සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද වූ පනත් කෙටුම්පතකි.

ඒ අනුව වත්මන් ආණ්ඩුව ජාත්‍යන්තර සංවිධාන සහ ජාත්‍යන්තර නීති සමග ද ඒකාබද්ධ වී ගමනක් යෑමට සූදානම් බව පෙනී යයි. මුදල් අමාත්‍යාංශයේ 2023 වාර්ෂික වාර්තාවේ දැක්වෙන ආකාරයට රජයේ මුදල් රුපියල් බිලියන 22කට සිදු වූ දෙයක් නැත. එතරම් විශාල මුදලකින් කළ කිසිදු වැඩක් ගැනද ජාතික විගණන කාර්යාලයට ලැබී නැත. එවන් වාතාවරණයක් තිබියදී පසුගිය 19 දා හිටපු ආරක්‍ෂක අංශ ප්‍රධානියකු ඇතුළු ප්‍රබල දේශපාලනඥයන් 26 දෙනකු විසින් අයථා ලෙස ඉපැයූ බව කියන රුපියල් කෝටි ගණනක දේපළ රජයට පවරා ගැනීම සඳහා නීති විරෝධී වත්කම් විමර්ශන ඒකකය මගින් විමර්ශන ආරම්භ කර ඇති බව මාධ්‍යයට වාර්තා කළේය. ඇත්තටම එය ජනතාවට සතුටුදායක පුවතකි. අපරාධයකින් උත්පාදිත දේ නැවත ජනතාවගේ යහපත වෙනුවෙන් යෙදවීම සම්බන්ධයෙන් කටයුතු කිරීමේ ආරම්භක පියවර මෙකී පනත මගින් තබා තිබෙන බව දැන් පැහැදිලිය.

ඒ විතරක් ද නොවේ ය. පසුගියදා මහජන ආරක්‍ෂක අමාත්‍යාංශය මගින් නිවේදනයක් නිකුත් කර තිබුණේ මත්ද්‍රව්‍ය ජාවාරම්, පාතාල ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වූවන්ට හා අයථා ලෙස වත්කම් ඉපයූ පුද්ගලයන්ට අයත්ව තිබී ක්‍රියා විරහිත කරන ලද දේපළ සම්බන්ධව ය. එහි වැඩිදුරටත් සඳහන් වූයේ ඔවුන්ට අයත් රුපියල් බිලියන 04කට අධික වත්කම් ප්‍රමාණයක් ක්‍රියාවිරහිත කිරීමට පියවර ගෙන ඇති බවය. එම දේපළවල මුළු වටිනාකම රුපියල් හාරසිය අට කෝටි හැට තුන් ලක්‍ෂ තිස් දෙදහස් තුන්සිය විසි හතරකුත් ශත විසි දෙකක් බවද මහජන ආරක්‍ෂක අමාත්‍යාංශය තහවුරු කර තිබිණි.

උපයාගත් ආකාරය තහවුරු කරගත නොහැකිව දේපළ තහනම් වූ අය උපයාගත් හැටි නිශ්චිතව තහවුරු කිරීමට නොහැකි වූ පාතාල නායකයන් ඇතුළු විවිධ මට්ටමේ පුද්ගලයන් 88 දෙනකු ඒ අතරය. පොලිසිය සඳහන් කරන්නේ ඒ අතර සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් චෝදනා ලැබූ 26 දෙනකු ද සිටින බවය. සෙසු පුද්ගලයන්ගේ වත්කම් තහනම් කර ඇත්තේ මුදල් විශුද්ධිකරණ පනත යටතේ ගැනෙන චෝදනා යටතේ ය.

රුපියල් කෝටි 500 කට අධික වටිනාකමින් යුත් චංචල හා නිශ්චල දේපොළ රාජසන්තක කර ඇති අතර එයින් කෝටි 59කට ආසන්න මුදල් හා දේපොළ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ හා පාතාල ක්‍රියාකාරීන්ට අයත්ව තිබූ චංචල හා නිශ්චල දේපළ ය.

පාතාල සාමාජිකයන් යැයි හඳුන්වන කුඩු සලිඳු නොහොත් සලිඳු මල්ෂික ගුණරත්න, දෙමටගොඩ රුවන්, නලින් චතුරංග නොහොත් ලසියා, කැලුම් ඉන්දික නොහොත් කැලුමා, ගණේමුල්ල සංජීව, වෙල්අබගේ උපුල් සංජීව හෙවත් දනාසුදා, කරන්දෙණිය සුද්දා, වැලිවිට සුදා යන අයගේ දේපළ හා ගිණුම් ද ඒ අතරය.

රාජසන්තක කරන ලද දේපළ අතර ඉඩම්, නිවාස, බැංකු ගිණුම්, වාහන, ස්වර්ණාභරණ හා ව්‍යාපාරික ස්ථාන මෙන්ම කුඹුරු ඉඩම් පවා ඇතුළත් ය. එසේ තහනම් වූ දේපළ අතර ජයසිංහ ආරච්චිගේ හේමන්ත නොහොත් බතල හීං මහත්තයා නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ බිරිඳට අයත් දේපළ ද අයත්ය. ඒ අනුව මිද්දෙනිය පොලිස් ස්ථානය අසල පිහිටි රුපියල් ලක්‍ෂ 150ක් වටිනා කාමර දෙකක් සහිත ගොඩනැඟිල්ලක් ඇතුළු දේපළ තහනම් කර තිබෙන්නේ මුදල් විශුද්ධිකරණ පනත යටතේ අධිකරණ නියෝග මතය.

දැනට රක්‍ෂිත බන්ධනාගාර ගතව සිටින බතල හීං මහත්තයා නමැති සැකකරු නීතිවිරෝධී ලෙස ඉපැයූ ඔහුගේ බිරිඳගේ නමට ගෙන තිබූ ඇඹිලිපිටිය රෝහල් ඉදිරිපට පිහිටි රුපියල් කෝටි තුනක් වටිනා ඖෂධ අලෙවි සලක් හා ඇඹිලිපිටිය චන්ද්‍රිකා වැව අසල පිහිටි හෝටලයක් ද මින් පෙර අධිකරණ නියෝගයක් මත තහනම් කෙරිණි.

මේ කතාව ද පොලිස් විමර්ශනවලින් අනතුරුව අදාළ පුද්ගලයන්ට එරෙහිව නඩු පැවරීමෙන් පසු උපයාගත් ආකාරය තහවුරු කරගත නොහැකි වූ දේපළ රාජසන්තක කළ හැටි ගැන හා ආරක්‍ෂක අංශ ප්‍රධානියකු ඇතුළු ප්‍රබල දේශපාලනඥයන් 26 දෙනකු විසින් අයථා ලෙස ඉපයූ බව කියන රුපියල් කෝටි ගණනක දේපළ රජයට පවරා ගැනීම සඳහා නීති විරෝධී වත්කම් විමර්ශන ඒකකය මගින් විමර්ශන ආරම්භ කර ඇති බව පෙන්වා දීමටය.

රමින්ද මාවතගේ

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ඊශ්‍රායල් යුද හමුදාවට දිරියක් වූ ශ්‍රී ලාංකික දූ පුතුන්

July 6, 2025

හිටපු ඇමැතිට වලානෙන් දැල එළයි

July 3, 2025

යං යං ඇතුළට යං…

July 6, 2025

අවුරුදු 11කට පස්සේ

July 6, 2025

අයවැයෙන් වැඩි කළ විශ්‍රාම වැටුප් මෙම මස සිට

July 3, 2025
Related News
විශේෂාංග

අලුත් පුටුවට අලුත්ම කෙනෙක් !

අතිරේක විශේෂාංග

ඇහැලේපොළ වලව්වෙන් දිස්වන අතීත ශ්‍රී විභූතිය

අතිරේක විශේෂාංග

භික්ෂු ආකල්ප ආරක්ෂා කළ පිරිවෙන් අධ්‍යාපනය

අතිරේක විශේෂාංග

කතරගම පුදබිමේ ඓතිහාසිකත්වය සහ වාර්ෂික පෙරහර මංගල්‍යය

අතිරේක විශේෂාංග

කැප්පෙටිපොලව පාවා දුන් අයුරු

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok