Thursday, 17 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ළමයින් සිඟමනේ යෙදවීම පමණක් නොව, සිඟාකෑම ද නීතියෙන් තහනම් ක්‍රියාවකි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Thursday, 17 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ළමයින් සිඟමනේ යෙදවීම පමණක් නොව, සිඟාකෑම ද නීතියෙන් තහනම් ක්‍රියාවකි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
Ad imageAd image
විශේෂාංග

ළමයින් සිඟමනේ යෙදවීම පමණක් නොව, සිඟාකෑම ද නීතියෙන් තහනම් ක්‍රියාවකි

June 21, 2025
440 Views

ළමයින් සිඟමනේ සහ වෙළෙඳාමේ යෙදවීම ජූලි මස 01 වැනිදා සිට තහනම් බව පුවත්පත් සහ ජනමාධ්‍ය මගින් ප්‍රසිද්ධ කර තිබුණා. ළමයින් සිඟමනේ යෙදවීම, අන්තරායකර රැකියාවල යෙදවීම හා ජංගම වෙළෙඳාමේ යෙදවීම සම්බන්ධයෙන් පවතින නීති ජූලි 01 දා සිට බලාත්මක කිරීමට රජය තීරණය කර ඇති බවයි එයින් කියවුණේ. මෙවැනි දේ සඳහා දරුවන් යොදාගන්නේ නම් ඒ සම්බන්ධයෙන් කඩිනමින් නීතිය ක්‍රියාත්මක කරන ආයතන වෙත දැනුම්දෙන ලෙස කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ 12.06.2025 දින පැවති මාධ්‍ය හමුවකදී ඉල්ලීමක් කළ බවයි ප්‍රචාරය වූයේ.

වසර ගණනාවක් පුරාවට වීදි දරුවන් ඉවත්කිරීමට, දරුවන් යොදාගෙන සිඟා කෑම වැළැක්වීමට පෞද්ගලිකවම මා විසින් දරන ලද උත්සාහය දන්නා බොහෝ දෙනා මේ පිළිබඳව දිගින් දිගටම විමසා සිටීම නිසා ඒ සඳහා මෙසේ මේ සටහන පළකරනවා.

ළමයින් සම්බන්ධව කටයුතු කිරීමට විවිධාකාර පනත් අපේ රටේ පනවා තිබෙනවා. ඒ අතරින් දරුවන් යොදාගෙන සිඟාකෑම පිළිබඳව අපේ රටේ ප්‍රධාන අපරාධ නීතිය වන දණ්ඩ නීති සංග්‍රහයේ 288 (1) වගන්තිය මෙසේ ප්‍රකාශ කර තියෙනවා “සිඟාකෑම හෝ දන් ලැබීමේ හෝ දන් දීමට පෙළඹවීමේ කාර්යය සඳහා (යම් සින්දු කීමේ, ක්‍රීඩා කිරීමේ, රංගනයේ යෙදීමේ, යම් දෙයක් විකිණීමට ඉදිරිපත් කිරීමේ හෝ වෙනත් ආකාරයක ව්‍යාපාරයක් ඇතත් නැතත්) යම් විදියක ස්ථානයක හෝ තැනක සිටීමට ළමයකුට සලස්වන හෝ කුට්ටනය කරන කවර හෝ තැනැත්තකු වරදක් කරනු ලැබූ විට අවුරුදු පහකට නොවැඩි කාලයකට දෙයාකාරයකින් එක් ආකාරයක බන්ධනාගාරගත කිරීමකින් ද දඬුවම් කරනු ලැබිය යුතු අතර දඩයකට ද යටත් විය යුතුය.”

එසේම, අපරාධ නඩු විධාන සංග්‍රහයේ 287 වගන්තියෙන් දක්වා ඇත්තේ එවන් වරදක් කරන පුද්ගලයකු වරෙන්තුවක් නොමැතිව පොලිසියට අත්අඩංගුවට ගත හැකි අතර එම වරද ඇප ලබා දිය නොහැකි වරදක් සහ සමථයකට පත්කළ නොහැකි වරදක් ලෙසයි. 1998 අංක 50 දරන ජාතික ළමා ආරක්ෂක අධිකාරි පනතේ 40 වගන්තියේ දක්වා ඇත්තේ ළමා අපචාර යන්නට දණ්ඩ නීති සංග්‍රහයේ 288 වගන්තියේ දක්වා ඇති ළමයින් සිඟමනේ යෙදවීම ද අයත් වන බවයි. එසේම 1998 අංක 28 දරන අපරාධ නඩු විධිවිධාන (සංශෝධන) පනතේ 2 (1) හි ළමා අපචාර යන්න ද ඒ අයුරින්ම අර්ථ දක්වා ඇත.

මීට අමතරව 1939 අංක 48 දරන ළමා හා යෞවන ආඥා පනතේ 74 වගන්තියට අනුව දෙමාපියන් නොවන පුද්ගලයන් විසින් දරුවන් සිඟමනේ යෙදවීම තහනම් කොට ඇත. ඒ සඳහා වසරක කාලයක් දක්වා දෙයාකාරයකින් එක් ආකාරයක සිරදඬුවම් සහ දඩ නියම කොට තියෙනවා. මීට අමතරව දරුවාගේ භාරකාරත්වය දරා සිටිමින් දරුවාගේ සෞඛ්‍යයට හානිකර වන ලෙස යම් රසායන ද්‍රව්‍යයක් දරුවාට ශරීරගත කොට තිබේ නම් දණ්ඩ නීති සංග්‍රහයේ 308(අ) වගන්තිය අනුව දරුවා කෲරත්වයට පත්කිරීම සම්බන්ධව වසර 2 සිට 10 දක්වා කාලයක් බරපතළ වැඩ සහිතව හෝ රහිතව සිර දඬුවම් සහ දඩයක් නියම කළ හැකි බව දක්වා තිබෙනවා.

මේ අයුරින් සලකා බලන විට ළමුන් සිඟමනේ යෙදවීමෙන් ආරක්ෂා කරගැනීමට මේ වන විට අප රටේ තදබල නීති පද්ධතියක් ඇති බව පෙනී යනවා.

ඇත්ත වශයෙන්ම ගැටලුව වී ඇත්තේ මෙම අන පනත් ක්‍රියාත්මක කිරීම සඳහා නීතියෙන් නියම කොට ඇති නිලධාරීන් ඒවා ක්‍රියාත්මක නොකරමින් සිය වගකීම පැහැර හැරීමයි.

2012 වසරේදී මා විසින් වැලිමඩ ප්‍රදේශයේ වීථි දරුවන් පිරිසක් එතනින් ඉවත්කොට ළමා නිවාසගත කිරීමට මා විසින් ඒ සම්බන්ධව නීතියෙන් වගකීම් පවරා ඇති ආයතන සහ නිලධාරීන් වෙත ඉදිරිපත් කරන ලද පැමිණිලි සහ ඉල්ලීම් සියල්ල ප්‍රතික්ෂේප කළ විට වෙනත් විකල්පයක් නොවූ තැන මා විසින් මහෙස්ත්‍රාත්තුමා පෞද්ගලිකව මුණගැසී පැමිණිල්ලක් සිදුකොට පවත්නා නීතිය ක්‍රියාත්මක කරන ලෙස නියෝගයක් මහෙස්ත්‍රාත්වරයා මගින් අදාළ නිලධාරීන් වෙත ලබාදී එම කටයුත්ත ඉටුකර ගැනීමට මා හට හැකි වුණා. නමුත් ඉන් අනතුරුව අදාළ නිලධාරීන් දිගින් දිගටම මා හට නොයෙකුත් බාධා හිරිහැර කිරීම තුළ ඌව පළාත් ආණ්ඩුකාරතුමා වෙත මේ පිළිබඳව පැමිණිලි කිරීමට මා හට සිදුවුණා. එතුමා පළාත් සභාවේ සියලු ඉහළ නිලධාරීන් සහ ප්‍රාදේශීය ලේකම්වරු කැඳවා මේ පිළිබඳව සාකච්ඡා කොට අදාළ නිලධාරීන්ගේ ක්‍රියා කලාපයන් දැඩි දෝෂ දර්ශනයට ලක් කළා. ඉන් අනතුරුව එම සාකච්ඡාවේදී වීදි දරුවන්ගේ සුභසාධනය වෙනුවෙන් ගන්නා ලද තීරණ ක්‍රියාත්මක කිරීමද නිලධාරීන් විසින් මගහැරියා. මෙන්න මෙහෙම තමයි අපේ වගකිය යුතු නිලධාරීන් කටයුතු කරන්නේ.

එපමණක් ද නෙවෙයි මම මහනුවරට පැමිණි පසු මහනුවර නගරයේ දරුවන් යොදා ගනිමින් මිනිසුන්ගේ අනුකම්පාව ලබා ගනිමින් සිඟමනේ යෙදෙන පිරිස් සම්බන්ධව මම පෞද්ගලිකවම ඡායාරූප සහ වීඩියෝ පොලිසියට රැගෙන ගොස් පැමිණිලි කර එම දරුවන් පරිවාස භාරයට පත් කරවීමට ක්‍රියාකළා.

නමුත් ඇත්ත වශයෙන්ම ළමයින් උදෙසා සිදුකරන මෙවන් වැරදි සඳහා විශේෂයෙන් පැමිණිලි කිරීමක් අවශ්‍ය වන්නේ නැහැ. වරෙන්තුවක් නැතුව අත්අඩංගුවට අරගෙන නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඊළඟ කරුණ වන්නේ ළමයින් යොදාගෙන සිඟා කෑම පමණක් නොව කවර ආකාරයකින් හෝ සිඟමන් ඇයදීම අපේ නීතියෙන් තහනම් කොට ඇත්තේ අනාදිමත් කාලයක සිටයි. ඒ අනුව සිඟාකෑම අපේ රටේ නීතියෙන් තහනම් කොට ඇති “අපරාධයකි”. මේ හා සම්බන්ධ පැරණිම පනත් අතර 1841 අංක 4 දරන අයාල ආඥා පනතේ 3 (අ) වගන්තියට අනුව වැඩකිරීමෙන් හෝ වෙනත් ක්‍රම මගින් තම නඩත්තුව සලසාගත හැකි එහෙත් සිය කැමැත්තෙන්ම එසේ කිරීම ප්‍රතික්ෂේප කරන හෝ එසේ කිරීම නොසලකා හරින්නා වූත් ප්‍රසිද්ධ ස්ථානයක වීදියක මහා මාර්ගයක අංගනයක හෝ පටු මඟක සිඟමන් ඉල්ලීම හෝ දන් පිණිස රැඳී සිටින්නාවූත් එසේ කිරීම පිණිස තම පවුලේ කෙනකු යොදවන්නා වූ මෙහෙය වන්නා වූ හෝ පොළඹවන්නා වූත් සෑම කෙනෙක්ම සහ එම ආඥා පනතේ 4 (ඈ) වගන්තියට අනුව එහි මෙහි ඇවිදමින් හෝ කිසියම් ප්‍රසිද්ධ ස්ථානයක වීදියක මහාමාර්ගයක අංගනයක හෝ ගමන් මගක රැඳී සිටිමින් තුවාල විකෘතිභාවය ලාදුරු හෝ වෙනත් පිළිකුල් සහගත රෝග ප්‍රදර්ශනය කරමින් සිඟමන් ලබාගන්නා සෑම පුද්ගලයෙක්ම වරදක් කරන බව දක්වා ඇත. එසේම එම ආඥා පනතේ 4 (ඉ) වගන්තියේ දක්වා ඇත්තේ කවර හෝ ආකාරයක අසත්‍ය හෝ වංචාකාරී රැවටිලි මගින් තමා සඳහා හෝ අන්‍යයන් සඳහා පුණ්‍යාධාර ලබාගැනීමට තැත් කරන්නාවූ හෝ දානමාන රැස්කරමින් යන්නා වූ සෑම පුද්ගලයෙක්ම වරදක් කරන අතර පොලිස් නිලධාරීන්ට වරෙන්තුවක් නොමැතිව මොවුන් අත්අඩංගුවට ගත හැකි බවටත් දඬුවම් වශයෙන් බන්ධනාගාරගත කිරීම සහ දඩ මුදල් අයකර ගැනීම් සිදු කළ හැකි බවත් දන්වා ඇත.

මේ අනුව පොදුවේ සියලු ආකාරයේ සිඟාකෑම් අපේ රටේ නීතියෙන් තහනම් කොට ඇති බව පැහැදිලියි. නමුත් මෙම නීති කිසිවක් නීතිය බලාත්මක කිරීමේ වගකීම පැවරී ඇති නිලධාරීන් විසින් ඉටුකරන්නේ නැති බවත් පැහැදිලියි. මේ නිසාම තමා පසුගිය පෙරහැර සමයේ මහනුවරින් යාචකයන් ඉවත් කිරීමට උත්සාහ කිරීමේදී ඔවුන් එසේ ඉවත් වන්නේ ද යන්න යාචක සංගමය විසින් තීරණය කර දැනුම් දෙන බවට ඔවුන් ප්‍රකාශ කළ බවට තොරතුරු පළ වූයේය. එවිටද මා පුවත්පත් මගින් මේ පිළිබඳව විවේචනය කොට මේ පිළිබඳව නීතියක් ඇති බව අදාළ බලධාරීන්ට පෙන්වා දුන්නා.

කළ යුතුව ඇත්තේ කැබිනට් පත්‍රිකා සම්මත කරන එක නොව නීතිය ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් එම වගකීම් පැවරී ඇති නිලධාරීන්ට රාජකාරිය පැහැර හැරීම යටතේ නෛතික ක්‍රියාමාර්ග ගැනීමයි.

වෛද්‍ය නීතිඥ පාලිත බණ්ඩාර සුබසිංහ

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ලන්ඩනයේදී ගුවන් යානයක් කඩා වැටේ

July 14, 2025

අහමදාබාද් ගුවන් අනතුර ඉන්ධන වසා දැමුවේ කපිතාන් සුමිත්ද?

July 14, 2025

හිටපු ඇමැතිගේ මිනීමැරුම යළි එළියට

July 16, 2025

රවි කටකයට

July 13, 2025

සාපෙළ විෂයන් 07කට සීමා කෙරේ

July 15, 2025
Related News
විශේෂාංග

ට්‍රම්ප්ගේ 30% බද්ද තවත් අඩු වෙයි ද?

අතිරේක විශේෂාංග

ජනශ්‍රැතියෙන් තොර සාහිත්‍යයක් ගැන කතා කරන්න බෑ – ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ සමාජ අධ්‍යයන අංශයේ මහාචාර්ය මධුභාෂිණී හේවගේ

අතිරේක විශේෂාංග

සරසවි කවි සරණිය

අතිරේක විශේෂාංග

ගවයන් සඟවා තබන මංගර දෙවියෝ

විශේෂාංග

බදු ආඥාව සහ අපේ යාඥාව!

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok