Friday, 20 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: දිනූ මිනිසෙකුට සෙවනැල්ලක්ව
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Friday, 20 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: දිනූ මිනිසෙකුට සෙවනැල්ලක්ව
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
අකුරු දි​ගේඉරිදා සංග්‍රහය විශේෂාංග

දිනූ මිනිසෙකුට සෙවනැල්ලක්ව

4 weeks ago
131 Views

පුද්ගල චරිත ගැන ලිවීම, ඉතා සංකීර්ණ සංස්කෘතික රාමුවකින් වට වූ අපේ රටේ අසීරු කාර්යයකි. ඒ මන්දයත් සත්‍ය සොයා ගැනීම, ඇත්ත ඇති සැටියෙන්ම ප්‍රකාශ කිරීමට ඇති සභ්‍යත්ව බිය නිසාවෙනි. හසිත කුරුප්පු මාධ්‍යවේදියා ලියා ඇති ‘දිනූ මිනිසකුට සෙවණැල්ලක්ව’ නම් කෘතිය තුළ ද සියල්ල නොවලහා සපයා ගැනීමේ අසීරුතාවට ඔහු මුහුණ දුන් අභියෝගය මොනවට පිළිබිඹු වෙයි. මෙරට කීර්තිධර මිනිසුන් රැසකගේ බිරින්දෑවරුන් සමග කළ පිළිසඳර එකතුවක් මෙම ග්‍රන්ථයට ප්‍රස්තුත වී ඇත්තේය.

බිරිඳකගෙන් ඇගේ සැමියා පිළිබඳ තොරතුරු විමසීමේදී මාධ්‍යකරුවා තුළ කවරාකාරයක සංවිභාගශීලී ගුණයක් මතුවිය යුත්තේද? සැමියා පිළිබඳ බිරියගෙන් ප්‍රශ්න කිරීම දැලි පිහියෙන් කිරි කෑමක් වන්නේය. හසිත මේ අභියෝගය බොහෝදුරට ජයගෙන ඇත. මේ ලිපි මාලාව සඳහා හසිත තෝරාගෙන තිබුණේ කවර හෝ ක්ෂේත්‍රයක දැවැන්ත ප්‍රතිරූපයන්ය. සාර්ථක වූ මිනිසුන්ය. ‘සෑම සාර්ථක මිනිසකු පිටුපසම දිරිමත් ගැහැනියක් සිටී’ යන ප්‍රස්ථාව හසිත මේ ලිපි මාලව සඳහා තේමා කරගත් බවෙකි. කෙසේ වෙතත් තම ස්වාමිපුරුෂයන්ගේ ඇති තතු නොවලහා කියූ සහ නොකියූ තැන් බොහෝය.

ජාත්‍යන්තරය දිනූ මහා සූපවේදී පබිලිස් සිල්වාගේ බිරිඳ විමලාගේ මේ ප්‍රකාශය බලන්න. මහා හෝටලයේ අතිශය ප්‍රණීත රසමසවුළු පිසින පබිලිස් නිවසේ දී කොතරම් රසට ආහාර පිසිනවා ඇතිද? එය සුපිරි විය යුතුය. නමුත් විමලා මෙසේ කියන්නීය.

“පබිලිස් කවදාවත් ගෙදර දී උයලා නැහැ. සූපවේදියෙක් වුණාට පස්සෙවත් ගෙදර උයලා නැහැ. ඔහුට ඒකට වෙලාවකුත් නැහැ. පාන්දරින්ම ගෙදරින් ගියාම ඔහු ආපසු එන්නේ රෑ වෙලා. මම ඔහුගෙන් උයන්න ඉගෙන ගත්තෙත් නැහැ. මම උයන්නේ මට පුරුදු මගේ ක්‍රමයට.”

අතිශය සුන්දර වූ හෙළිදරව්වකි. අප සැම සිතා සිටියේ පබිලිස් උයන ගෙදර කෑම වේලක අරුමය පිළිබඳවය.

විවාහ දිවියක සාම්ප්‍රදායික නැන්දම්මා – ලේලි විරසකය පරසිඳුය. විවාහ වී කලක් ගතවනතුරු ලේලියට දරු සම්පතක් නොමැතිවීම නැන්දම්මා කෙසේ ඉවසන්නද?

සාම්ප්‍රදායික විරසකයෙන් විතැන් වූ ජනාදරයට පත් ගායක චාමර රණවකගේ බිරිඳ ඉවෝෂා ගුණවර්ධන ලේඛකයාට මෙසේ පවසන්නීය.

“දරුවෙක් ලැබෙන්න ප්‍රමාද වෙන එක ගැන චාමරගේ අම්මා කවදාවත්ම වචනයකින්වත්, බැල්මකින්වත් මගේ හිත රිද්දලා නැහැ. දරුවෙක් ලැබෙන්න පරක්කු වෙද්දී කොළඹ පෞද්ගලික රෝහලකින් මම සෑහෙන්න ප්‍රතිකාර කළා. ඒ දවස්වල අපට වාහනයකුත් නැහැ. මතුගම ඉඳලා බස් එකෙන් ආවේ. හයිවේ තිබුණෙත් නෑ. ඔය ගමනට මාත් එක්ක හැමදාම කොළඹ ආවේ නැන්දම්මා.”

අවි අමෝරා ගත් නැන්දම්මා – ලේලි අරගලකාරියන්ට ඇස් ඇරවන මුෂ්ටි ප්‍රහාරයකි. හසිතගේ ප්‍රශ්න කිරීම් හමුවේ ඉවෝෂාට නිහඬව සිටීමට හැකි වී නැත.

‘දිනූ මිනිසකුට සෙවණැල්ලක්ව’ ග්‍රන්ථයේ බිරිඳක ලෙසින් සමස්ත කාන්තා පරපුරේම දෑස් විවර කරවන නොවලහා හෙළිදරව් විශිෂ්ට ලෙසට කර ඇති සුවිශේෂී ලිපි දෙකකි.

පළමුවැන්න ජනාදරයේ අගතැන්පත් ජිප්සීස් නායක සුනිල් පෙරේරාගේ ප්‍රිය බිරිඳ ගීතා පෙරේරාගේය. දෙවැන්න ව්‍යාපාර නායක රොහාන් ප්‍රනාන්දුගේ බිරිඳ ප්‍රකට ව්‍යවසායිකා වරුණි අමුණුගමගේය. ඉවසීම, අවබෝධය සහ උන්නතිගාමී අභියෝග ජය ගැනීම පිළිබඳ කාන්තා පරපුර කියවිය යුතුම ලිපි ද්විත්වයකි.

මේ සටහන ලිවීමේ දී මෙම පොත විසි තිස් වාරයක්ම එහා මෙහා පෙරළෑමට සිදුවිය. එසේ වූයේ මේ පොතට පටුනක් නොමැති වීමේ දුර්වලතාව නිසාවෙනි. මෙවන් චරිත කතා පොතකට චරිතයකට බෙදුනු පටුනක් තිබිය යුත්තේමය. දෙවැනි මුද්‍රණයේ දී හෝ එම වරද නිවැරදි කිරීමට හසිත උනන්දු විය යුතුය.

අනුර බණ්ඩාර රාජගුරු

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

අතුරුදන්ව සිටි බැංකු නිලධාරියාගේ මළ සිරුර මවට අයත් පාළු නිවසක

6 days ago

ඊශ්‍රායල ප්‍රහාරක ජෙට් නියමුවරියක් ඉරානයේ ග්‍රහණයට

6 days ago

පොලිස් ඇස් වසා ඉෂාරා සෙව්වන්දි තිනියාවලින් ඩුබායි පැන්න හැටි

5 days ago

යන නොසිතු වෙලාවක වියැකී – ජීවය තණ අඟ පිනි බිඳකි…

6 days ago

පෘතුවියේ දැවැන්තම ස්වාභාවික ගෑස් ක්ෂේත්‍රයට ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කරයි

5 days ago
Related News
අකුරු දි​ගේ අතිරේක

ධූමලාවණ්‍යාගාරය වින්දනාලෝචනය

අකුරු දි​ගේ අතිරේක

වියරණය රැකි නිති – ජන බසට ඇල්මැති – මට දනෝ අදරැති – ජේ.බී. කියා පවසති

අකුරු දි​ගේ අතිරේක

පැවැත්ම වෙනුවෙන් ප්‍රේමය රඟපා පෙන්වීම

ඉරිදා සංග්‍රහය විශේෂාංග මීවිත

රඟනා මගේ ප්‍රේක්ෂකයන් වෙනුවෙන්මයි

අතිරේක ඉරිදා සංග්‍රහය විශේෂාංග

කිසිම දෙයක් ගැන පසුතැවෙන්නෙ නෑ… – දිව්‍යශාරිකා

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok