ඉහළ ආකාශයේ බබලන ග්‍රහ වස්තු හෙවත් ග්‍රහ තාරකාවල බලය පෘථිවියට හා මෙහි ජීවත්වන ජීවීන්ට යම් යම් ආකාරයට බලපානු ලබයි.
මොන ග්‍රහයා මොන ආකාරයට බලපෑම් කළත් සෙනසුරු හෙවත් ශනී ග්‍රහයාගේ බලපෑම ගැන බොහෝ දෙනෙක් විමසිලිමත් වෙනවා. සෙනසුරු නැත්නම් ශනී කියන මෙම ග්‍රහයා විපත් පමුණුවනු ලබන ග්‍රහයෙක් වශයෙන් සියලු දෙනා අතර ප්‍රචලිතව තිබෙනවා.
එම නිසා මෙම සෙනසුරුගේ නම ඇසීමේදී පවා හුඟදෙනෙක් බියට පත් වෙනවා.
රාශි කේන්ද්‍රයේ 05 වන රාශිය වන සිංහ රාශියට මෙම සෙනසුරු ග්‍රහයාගේ බලපෑම කොහොමද කියලා අපි දැන් බලමු.
සිංහ ලග්න හිමියන්ගේ 08 වැන්න මීන රාශියයි. මෙම 08 වැන්න කියන්නේ කේන්ද්‍ර සටහනක තිබෙන දුෂ්ටම ස්ථානයයි. මෙම ස්ථානයට අපි මෘත්‍යස්ථානය කියලත් කියනවා. කෙනෙකුගේ ආයුෂ පිළිබඳව ද, මරණයේ ස්වභාවය පිළිබඳව ද, තද බල අසනීප මෙන්ම, සිත් තැවුල් හා දුක් කරදර ආදිය මෙන්ම, විවාහ සහකරුගේ හෝ සහකාරියගේ පැවැත්ම හා විවාහයේ පැවැත්ම ආදිය ද, 08 වැන්නෙන් නිවේදනය කරනවා. ඒ වගේම ශරීරයේ රහස් ප්‍රදේශය හා ඒ ආශ්‍රිත රෝග පීඩා පිළිබඳව ද 08 වන භාවයෙන් පෙන්වනවා. කේන්ද්‍රයක අසුභම ස්ථානය වන්නේ 08 වැන්නයි.
එහෙම නම් දැන් අපි බලමු කේන්ද්‍රයක අසුභම ස්ථානය වන 08 වැන්නට නැතිනම් සිංහ ලග්නධාරීන්ගේ 08 වැන්න වන මීනයට මෙම සෙනසුරු ග්‍රහයාගේ ගෝචර ගමන බලපාන්නේ කොහොමද කියලා.
සිංහ ලග්න හිමියන්ගේ 06 වැන්න සහ 07 වැන්න අධිපතිත්වය දරන්නේ සෙනසුරු ග්‍රහයාය. 06 වැන්නෙන් ලෙඩ රෝග සතුරු කරදර පිළිබඳව ද, රෝගවලට ඔරොත්තු දීමේ හැකියාව, සතුරන් මර්දනය කිරීමේ හැකියාව, ණය ගනුදෙනු, සුරතල් සතුන්, ආහාර රුචිය ආදී දේවල් පිළිබඳව බලන ස්ථානයේ ද යනුවෙන් හඳුන්වනු ලබනවා.
07 වැන්නෙන් තම කලත්‍රයා ගැන ද, ව්‍යාපාර, ව්‍යාපාර හවුල්කරුවන්, කොටස් ව්‍යාපාර, සමාජ සම්බන්ධතා ගැන ද, රැකියාවේ තත්ත්වය, ධන තත්ත්වය, කොටස්කරුවන් ගැන ද, ඔවුන් සමග පවත්වනු ලබන සබඳතා ගැන ද කියවෙනවා..
මේ ආකාරයට බලන කල සිංහ ලග්න හිමියාට සතුරුස්ථානාධිපති සහ විවාහස්ථානාධිපති ද වන මෙම සෙනසුරු ග්‍රහයා මෘත්‍යස්ථාන ගතවීමක් ලෙස හඳුන්වන්න පුළුවන්. ඒ වගේම සිංහ ලග්න හිමි ඔබට ලග්න ඒරාෂ්ටකයක්ද මේ දිනවල ක්‍රියාත්මක වෙනවා. එසේ වන්නේ ඔබගේ ලග්නයෙන් 08 වැන්නේ සෙනසුරු ගමන් කරන නිසාය.
මෙම සෙනසුරු ග්‍රහයා සිංහ ලග්න හිමි ඔබගේ 08 වැන්නේ ගමන් කරන කාලයේදී ශාරීරික පීඩා, අසනීප, හෘදයාබාධ, ලේ දෝෂ, බෝවන රෝග ආදී අසනීප හැදෙන්නට හැකියාව තිබෙනවා. තමාට හෝ තම පවුලේ අයට හෝ එසේ විය හැකියි. ගමන් බිමන්ද වැඩිවන කාලයක් වෙනවා. දුක් කරදර වරින් වර ඇතිවෙනවා. ඥාතීන්ට ද විපත් ගෙන දෙනවා. පහත් අය සමඟ ආශ්‍රයට යෑම සිදුවිය හැකියි. හදිසි අනතුරුවලටද ලක් විය හැකියි. නොයෙක් ක්‍රම වලින් සිතේ කරදර කනගාටු ඇතිවේ. බොරු චෝදනා, අපවාද, අවනම්බු විඳිය හැකි කාලයක් ද වේ. ඒ වගේම තද ලෙස කේන්ති යන කාලයක් ද වෙනවා. තම කලත්‍රයාට තදබල ලෙස අසනීප ඇතිවිය හැකියි. ඒ වගේම පවුලේ කෙනකුට මාරකයක් හෝ එවැනි ලෙඩ දුක් පැමිණිය හැකියි. ආශ්‍රය කරන අයගෙන් ද බරපතළ ලෙස කරදර සිත් තැවුල් ආදිය ඇති විය හැක.
ඒ වගේම වෙළඳ ව්‍යාපාරිකයන්ට අලුත් අයබදු ආදියට හසුවීම නිසා තම ආදායම් තත්ත්වයේ පහළ බැසීමක් සිදුවිය හැකියි. කලක පටන් කරගෙන ආ වැඩකටයුතු තරමක් අවුල් සහගත තත්ත්වයකට පත්විය හැකි වෙනවා. එසේම මෙම සෙනසුරු ජන්ම පත්‍රයේ ආත්ම කාරක ග්‍රහයා වූ විට හෝ 22වන දෙර්කාණාධිපතියා වූ විටද මෙම තත්ත්වය වඩාත් අයහපත් වනු ඇත.
ඒ වගේම උපතේදී මෙම සෙනසුරු සිටින ස්ථානය අනුව ද, සිටින ආකාරය අනුව ද මෙම ප්‍රතිඵල වෙනස් විය හැකියි. සිංහ ලග්න හිමි ඔබ මේ කාලයේ සෙනසුරුගේ මහ දශා, අතුරු දශා, විදසා ගත කරයි නම් හෝ සෙනසුරුගේ ජන්ම , අෂ්ටම ඒරාෂ්ටක ගත කරයි නම් ඔබ තවත් ප්‍රවේශම් විය යුතුව ඇත. ඒ වගේම 06 වැන්න, 08 වැන්න, 12 වැන්න යන දුෂ්ටස්ථාන අධිපති ග්‍රහයෙකුගේ මහා දශාවක්, අතුරු දශාවක් ගත කරන සිංහ ලග්න හිමියෙක් නම් මේ කාලයේ ඔබට වඩාත් අසුභකාරී වනු ඇත.
කෙසේ වෙතත් මෙම සෙනසුරු ග්‍රහයා අපව පාපයෙන් මුදවාගෙන ආගම දහමට යොමු කරන ග්‍රහයෙක් වන බැවින් අපි පව් කරන කොට දඬුවමට පාත්‍ර කොට ආගම දහම කරා අපව ඇද බැඳ තබා ගැනීමට හැකියාවක් ඇති ග්‍රහයකු වෙනවා.
සෙනසුරුගෙන් වන යම් යම් අසුභකාරි තත්ත්වයන් මගහරවා ගැනීමට සෙනසුරාදා දින 07 හෝ 14 හෝ 21 බෝධි පූජා පැවැත්වීම වඩාත් උචිත වෙනවා.
ගිතෙල් මිශ්‍ර කිරි බතක් අළුයම් කාලයේ පිළියෙල කොට කපුටන්ට ලබාදීම ද මහඟු පුණ්‍යකර්මයක් වෙයි.
විෂ්ණු, කතරගම දෙවියන්ට පුද පූජා පැවැත්වීම, භාරහාර වීම, සෙත් කවි නිවැරදිව සාදවාගෙන කීම තුළින් ද මෙම අපලකාරී තත්ත්වයන් මඟ හරවා ගැනීමට පුළුවන් වෙනවා.
ඉහත සඳහන් වත් පිළිවෙත් ඉටුකරමින් යුක්ති ධර්මයට අනුකූලව ජීවත්වීමෙන් යහපත් වාතාවරණයක් ඇති කරගෙන සතුටින් ජීවත් විය හැකි වෙනවා. ඔබට තිබෙන සියලු ග්‍රහ අපල දුරුවී නිදුක් නිරෝගීව සිටීමට සුදුසු වාතාවරණයක්
ගොඩනැගේවා !
තෙරුවන් සරණයි!

ජ්‍යොතිෂ සහ වාස්තුවේදිනි
ජ්‍යොතිෂ්විද්‍යා කීර්ති ශ්‍රී විභූෂණ,
ජ්‍යොතිෂ විද්‍යා ශිරෝමණී,
ආචාර්ය මනෝරී ලෙවන්ගම
”ශ්‍රි ලක්ෂ්මී” ජ්‍යොතිෂ පර්යේෂණ ආයතනය,
බණ්ඩාරවත්ත ගම්පහ.
0718213150 -0705038978