ඔබේ පුද්ගලික අංකය 01 ද ?
පුද්ගලික අංකයෙන් යම් පුද්ගලයෙකුගේ ජීවිතයේ සැඟවී තිබෙන ගති ලක්ෂණ නිරන්තරයෙන්ම අපට දැන ගැනීමේ හැකියාව තිබෙනවා.
ඔහුගේ හෝ ඇයගේ උපතින්ම රැගෙන ආ යම්කිසි දක්ෂතාවයන් සහ පුරුදු වගේම ගති ලක්ෂණ මේ තුළ ගැබ් වී තියෙනවා.
ඔබේ පුද්ගලික අංකය ලබා ගන්නේ මෙසේයි.
ඔබේ උපන්දිනයෙහි උපත ලද වර්ෂය, මාසය මේ සඳහා අදාළ නොවේ. උපන්දිනය පමණක් එක් තනි අංකයකට ගැනීමෙන් ඔබේ පුද්ගලික අංකය හිමි වෙනවා.
උදාහරණයක් ලෙස 1970/05/17 උපත ලද ජන්මියකුගේ පුද්ගලික අංකය වන්නේ 08 ලෙසටයි.
ඔබේ පුද්ගලික අංකය 01 නම්..
ඕනෑම මාසයක 01, 10, 19 සහ 28 උපත ලැබූ ජන්මියන්ගේ පුද්ගලික අංකය 01 වේ.
ඔබ “රවි” ග්‍රහයා නියෝජනය කරයි. ග්‍රහ ලොව රජු හෙවත් පියා ලෙස සලකයි.
නායකත්වය, එඩිතර බව, තේජවන්ත බව, ප්‍රතිපත්තිගරුක බව සහ මනා පෞරුෂය ඔබ සහජයෙන්ම උරුම කරගෙන ඇති කෙනෙක්.
ජීවිතාබෝධය ලබාගනිනමින් මනා දැක්මක් තිබෙන තම ඉලක්කයන් පසුපස හඹායමින් ජය ගැනීමේ දක්ෂතාවයක් හිමි අංක 01 තිබෙන පුද්ගලයන් සැබෑවටම වාසනාවන්තයන් වෙයි.
තමාගේ අදාළ කාර්ය පිළිවෙළකට නිමා කරන මොවුන් අනුන්ගේ උපදෙස්වලට අකමැති වන්නේ ඔවුන් එම කාර්යය නිසි සේ නිමා කරන බැවිනි. මොවුන් දුර දක්නා නුවණින් පැහැදිලි ඉලක්කයන් කරා පහසුවෙන් ළඟාවන පුද්ගලයන් වෙයි.
ඒ වගේම මොවුන් තුළ දකින එක්තරා දුර්වල කමක්ද තිබෙනවා. එය නම් තමන් වටා සිටින පුද්ගලයන් හට හදවතින් බොහෝ ආදරය ඇති නමුත් එය පෙන්වීමේ දුර්වලභාවයක් ඇති නිසා පවුලේ සමඟියට මඳ බාධාවක් විය හැකියි.
එම නිසා විශේෂයෙන් තම සහකාරියට, සහකරුට, දරුවන්ට දැනෙන්නට ආදරය ලබා දෙන්න.
මෙවැනි තොරතුරු වලින් යළිත් හමුවෙමු. ඔබට ජය!!!

අංක විද්‍යාවේදිනී
විශ්‍රාමලත් හෙද නිලධාරිනී
චන්ද්‍රිකා හේරත් – මහනුවර