Wednesday, 9 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: සෙනසුරු මාරුවයි මකර රාශියයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Wednesday, 9 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: සෙනසුරු මාරුවයි මකර රාශියයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
අතිරේකනැකත

සෙනසුරු මාරුවයි මකර රාශියයි

July 6, 2025
108 Views

ඈත ආකාශයේ බබළන ග්‍රහ වස්තු හෙවත් ග්‍රහ තාරකාවල බලය පෘතුවියට මෙන්ම මෙහි ජීවත් වන ජීවීන්ට යම් යම් ආකාරයට බලපානු ලබයි. මෙම ග්‍රහයන්ගේ බලපෑම කොයි ආකාරයට සිද්ධ වෙයිද කියලා ඔබට හිතාගන්නවත් බැහැ නේද?

රවි, සඳු, කුජ, ගුරු, සිකුරු, බුධ, සෙනසුරු සහ රාහු, කේතු යන ග්‍රහයන් 09 දෙනාගේ බලපෑම අපට යම් යම් ආකාරයට බලපානු ලබන බව ඔබ දන්නවා ඇති.

මේ ග්‍රහ බලපෑම් අපේ සිත්වලටත් තදින්ම දැනෙන බව කිව යුතුව ඇත. ඒ වගේම අනිත් සියලුම ග්‍රහයන්ගේ බලපෑමට වඩා අපට තදින්ම දැනෙන්නේ මේ සෙනසුරු ග්‍රහයාගේ බලපෑමයි.

සෙනසුරු හෙවත් ශනී කියන ග්‍රහයා හැම විටම අපට විපත් පමුණුවනු ලබන ග්‍රහයෙක් ලෙස බොහෝ දෙනෙක් විශ්වාස කරනු ලබනවා. ඒ නිසා මේ සෙනසුරුගේ ගෝචර ගමන ගැන හැමෝම දැඩි සැලකිල්ලක් යොමු කරන බව පැහැදිලි කරුණක්.

2025 වසරේ මාර්තු මස 29 වන දින සෙනසුරු හෙවත් ශනී ග්‍රහයා කුම්භ රාශියේ වසර දෙක හමාරක ගමන අවසන් කර මීන රාශියට පිවිසීමත් සමඟ බොහෝ දෙනකුගේ කුතුහලයක් වී තිබෙනවා තමන්ට මේ ග්‍රහ බලපෑම කොයි ආකාරයට බලපෑමක් ඇති කරයි ද කියලා දැන ගැනීමට.

විශ්ව කේන්ද්‍රයේ 10වන රාශිය වන මකර රාශියට මෙම සෙනසුරු හෙවත් ශනි ග්‍රහයාගේ බලපෑම කොහොමද කියල අපි බලමු.

මකර ලග්න හිමියන්ගේ 03වැන්න මීන රාශියයි. මෙම 03වැන්න කියන්නේ සහෝදරස්ථානය, වික්‍රමස්ථානය ගැන කියැවෙන විශේෂිත වූ තවත් ස්ථානයක්.

ඒ වගේම බාල සහෝදරයෝ, සහෝදරියෝ ගැනත් පිය පක්ෂයේ නෑදෑයෝ ගැනත්, තමාගේ සහජ කුසලතා, වික්‍රමය, ධෛර්යය, ලිවීම, කියවීම ගැනත් කියවෙන ප්‍රබල ස්ථානයක්.

ඒ වගේම සුළු ගමන් බිමන් ආදිය සම්බන්ධ තොරතුරු ගැනත්, ශරීරයේ බාහු දෙක සහ පපුවේ උඩ කොටසද, 03 වැනි භාවයට අයිති ප්‍රධාන අවයව ගැනත් මේ මගින් දැනගත හැකි වෙනවා.

මේ ආකාරයට මකර ලග්න හිමි ඔබට ඔබගේ 03 වන භාවයට මෙම සෙනසුරුගේ ගෝචර ගමන බලපාන ආකාරය අපි විමසා බලමු.

මකර ලග්න හිමි ඔබගේ ලග්නස්ථානය සහ දෙවැන්න අයත් වන්නේ සෙනසුරු ග්‍රහයාටය. මෙම ලග්න භාවයෙන් පැහැදිලි කරනු ලබන්නේ ජන්මියාගේ චරිත ලක්ෂණ, දියුණු වීමට ඇති ආශාව, උනන්දුව, පෞරුෂය, අඟපසඟ, සාමාන්‍ය පෙනීම, කල් ක්‍රියාව, ගතිගුණ වාසනාව, අවාසනාව, උස් පහත් බව, සෘජු බව චපල බව වැනි විශේෂ ලක්ෂණයි.

මකර ලග්න හිමි ජන්මියාගේ සම්පූර්ණ ජීවන චරිතය පිළිබඳ කරුණු රාශියක් කේන්ද්‍රයේ සෙනසුරු පිහිටි ආකාරය අනුව අපට දැන ගත හැකි වෙනවා.

මකර ලග්න හිමි ඔබගේ 02 භාවයෙන් පැහැදිලි කරනු ලබන්නේ ජන්මියාගේ ජීවන තත්ත්වය පවත්නා ආකාරයයි. එනම් ධන තත්ත්වය, රැකීරක්ෂා කටයුතු පිළිබඳ පැවැත්ම, උගත්කම, විවාහ ජීවිතය පිළිබඳ තත්ත්වය ආදී ජන්මියාගේ ජීවත්වීම පිළිබඳව ඇති සෑම තරාතිරමක්ම මේ ස්ථානයේ බල දුබලකම් අනුව පැහැදිලි වෙනවා.

එම නිසා මකර ජන්මියාගේ කේන්ද්‍රයේ සෙනසුරු පිහිටි ආකාරය අනුව මේ සියල්ල දැනගත හැකි වෙනවා. ඒ වගේම ජන්මියා මෙලොව වශයෙන් ලබන දියුණුව ගැන ද දැන ගත හැකි වෙනවා.

මේ ආකාරයට බලන විට මකර ලග්න හිමියන්ගේ ලග්නාධිපති සහ ධනස්ථානාධිපති වන මෙම ශනි ග්‍රහයා වික්‍රමස්ථානගත වීමක් ලෙස මෙම සෙනසුරු මකර ලග්න හිමියාගේ 03වැන්නට පිවිසීම හඳුන්වන්න පුළුවන්.

මෙම ශනි ග්‍රහයා මකර ලග්නය හිමි ඔබගේ 03වැන්නේ ගමන් කරන මේ කාලයේදී සුබ දෘෂ්ටි, සුබ සංයෝග ලැබීමෙන් සහ රාශියෙන්ද බලවත් වී නම් ධන ලාභ ලැබේ. ඒ වගේම දියුණුව ද සෑම අතින්ම ලැබීමට නියමිතයි.

සිත ප්‍රීතියෙන් පිනා යන කාලයක්

යහපත් මෙහෙකරුවන්, සේවකයින් ලැබී තමා කරගෙන යන වැඩ කටයුතු ද, අලුතින් ආරම්භ කිරීමට සිටින වැඩකටයුතු ද දියුණු වන බව පැහැදිලිව කිව හැකි වේ.

තම තත්ත්වය පෙර තිබුණට වැඩිය උසස් වෙනවා. මිතුරන් අතර වගේම සතුරන් අතරත් ජයග්‍රහණ හිමිවෙන කාලයක්.

දේපළ ලාභ ද ලැබෙනවා.

තම බලය ද වැඩිවෙන කාලයක් වෙනවා.

ඒ වගේම මේ කාලයේ රැකීරක්ෂාවල උසස් වීම්, අයිතිවාසිකම් ලබාගැනීම් සහ උසස් අය සමඟ ඇසුර ද වැඩිවන කාලයක්.

මෙතෙක් කල් ඔබ අසනීපයකින් පෙළුනේ නම් එම ලෙඩ රෝග තත්ත්වය ද සුව අතට හැරීමට ඇති ඉඩකඩ බොහෝ වැඩිය.

තම පවුලේ දියුණුව ද අපේක්ෂා කළ හැකි කාලයක්, ඉඩකඩම් කුඹුරු මිලදී ගැනීමට ද, නිවාස ඉදිකිරීමට ද, වැඩිහිටියන්ගේ දේපල ලැබීමට ද තිබෙන ඉඩකඩ බොහෝ වැඩිය.

ඒ වගේම මෙම සෙනසුරු 03වැන්නෙහි ගමන් කරන මෙම කාලයේදී පාප දෘෂ්ටි, පාප සංයෝග වලින් පීඩා ලබයි නම් හෝ සෙනසුරු ජන්ම පත්‍රය තුළ පාප පීඩිත වී, නීච වී සතුරු වී දුර්වල වී සිටී නම් මෙම තත්ත්වය තරමක් වෙනස් වනු ඇත. තම සහෝදර සහෝදරියන්ට ද, පිය පක්ෂයේ නෑදෑයින්ට ද, නොයෙක් ආකාරයේ කරදර ඇතිවිය හැක.

ඔවුන් ඔබ සමග විරුද්ධ වීමටද ඉඩ ඇත. හිතාගන්නවත් බැරි කරදර බාධා ඇතිවිය හැකිය. ගමනකදී හදිසි වැටීම් හෝ අනතුරක් හෝ සිදුවිය හැකියි. ඒ වගේම මේ කාලයේදී ආගම ධර්මය ගැන වැඩි උනන්දුවක් නොදක්වයි.

අධ්‍යාපනය කටයුතුවලට ද බාධා ඇති කරනු ලබයි. විභාග වලින් ද ඉහළම සමාර්ථ ලබාගැනීමට අපහසු වනු ඇත.

ඒ වගේම ජල රාශියක් වන මීන රාශියේ මෙම ශනි ග්‍රහයා ගමන් කරන කාලය තුළ ජලය ආශ්‍රිත යම් යම් දේවල් වලින් පීඩා, කරදර ගෙන දෙනු ඇත.

නමුත් මෙම සෙනසුරු ජන්ම පත්‍රය තුළ උච්චව, ස්වක්ෂේත්‍රව, බලවත්ව පිහිටා ඇත්නම් මෙකී අසුබ ඵල යටපත් වී පෙර කියූ ලෙසටම සුබ ඵලයන් ලැබෙනු ඇත.

ඒ වගේම රාහු/ කේතු/ රවි/ කුජ යන ග්‍රහයන් සංයෝග වී හෝ ඔවුන්ගේ දෘෂ්ටියට ලක්වීමෙන් හෝ අයහපත් භාවය වැඩි කරනු ඇත. මේ කාලය තුළ 06/08/12 අධිපතීන්ගේ මහ දශා, අතුරුදශා පවතීනම් වඩාත් අයහපත් වනු ඇත. ඒ වගේම සුබ ග්‍රහයන්ගේ මහ දශා අන්තර්දශා ගත කරන කෙනෙක් නම් ඔබට මේ කාලය වඩාත් යහපත් වනු ඇත.

කෙසේ වෙත මෙම සෙනසුරු ග්‍රහයා අපව පාපයෙන් මුදාගෙන ආගම දහමට අපව යොමු කරන ග්‍රහයෙක් බව දත යුතුව ඇත.

සෙනසුරු ග්‍රහයාගෙන් සිදුවන මේ යම් යම් අසුබකාරී තත්ත්වයන් මගහරවා ගැනීමට සෙනසුරාදා දින 07 හෝ 14 හෝ 21 බෝධි පූජා පැවැත්වීම ඉතා යෝග්‍ය වෙයි.

ගිතෙල් මිශ්‍ර කිරිබතක් අළුයම් කාලයේ පිළියෙල කොට කපුටන්ට ලබාදීම ද මේ සඳහා මහඟු පුණ්‍යකර්මයක් වෙනවා.

ඒ වගේම විෂ්ණු, කතරගම දෙවියන්ට පුද පූජා පැවැත්වීම, භාරහාර වීම, නිවැරදිව සෙත් කවි සාදවා කීම තුළින් ද මෙම අපලකාරී තත්ත්වයන් මගහරවා ගැනීමට ඔබට හැකි වනු ඇත.

ඉහත සඳහන් වත් පිළිවෙත් ඉටුකරමින් යුක්ති ධර්මයට අනුකූලව ජීවත් වීමෙන් යහපත් වාතාවරණයක් ඇති කරගෙන සතුටින් ජීවත් විය හැකි වෙනවා.

මකර ලග්නය හිමි ඔබට තිබෙන සියලුම ග්‍රහ අපල දුරුවී, නිදුක් නිරෝගීව සිටීමට සුදුසු වාතාවරණයක් ගොඩනැගේවා‘යි එක සිතින් ප්‍රාර්ථනා කරනවා !

තෙරුවන් සරණයි !

ජ්‍යොතිෂ සහ වාස්තුවේදිනි
ජ්‍යොතිෂ්විද්‍යා කීර්ති ශ්‍රී විභූෂණ,සෙත්කවි විශාරද
ජ්‍යොතිෂ විද්‍යා ශිරෝමණී,
ආචාර්ය මනෝරී ලෙවන්ගම
”ශ්‍රි ලක්ෂ්මී” ජ්‍යොතිෂ පර්යේෂණ ආයතනය,
බණ්ඩාරවත්ත ගම්පහ.
0718213150 -0705038978

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ඊශ්‍රායල් යුද හමුදාවට දිරියක් වූ ශ්‍රී ලාංකික දූ පුතුන්

July 6, 2025

හිටපු ඇමැතිට වලානෙන් දැල එළයි

July 3, 2025

යං යං ඇතුළට යං…

July 6, 2025

අවුරුදු 11කට පස්සේ

July 6, 2025

අයවැයෙන් වැඩි කළ විශ්‍රාම වැටුප් මෙම මස සිට

July 3, 2025
Related News
අතිරේක විශේෂාංග

ප්‍රජනන පද්ධතිය සහ පියයුරු ආශ්‍රිත පිළිකා සම්පූර්ණයෙන්ම සුවකළ හැකිද?

අතිරේක විශේෂාංග

විදර්ශනා සංවාද භාවනාව: අන්තර් – පුද්ගල දහම් පුහුණු පිළිවෙත්වල වැදගත්කම

අතිරේක විශේෂාංග

සුළු රෝගයක් ලෙස නොසලකා හරින සැලකිල්ලක් දැක්විය යුතු අම්ලපිත්ත රෝගය

අකුරු දි​ගේ අතිරේක

වේදිකාවේ සහ සිනමාවේ ස්වර්ණමය යුගයක හෙන්රි ජයසේන භූමිකා

අකුරු දි​ගේ අතිරේක

කැමරාව හා පරිකල්පනය

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok