නැකැත ගෙනෙන මෙම සතියේ නැකැත් සුබ කටයුතු සඳහා යොදා ගැනීමේදී ඔබගේ කාර්ය වඩාත් සාර්ථක කර ගැනීමට නම් ඔබගේ අවශ්‍යතාවය අනුව ජ්‍යොතිෂවේදී මහතකුගේ උපදෙස් ලබාගැනීම වඩා සුදුසුය.
ජූලි 07 වන සදුදා දවස පුරාම පංචාංග ශුද්ධිය පවති. අනුර නැකත හා අටවිසි මහා යෝග අතර මානස නම් යෝගය ද යෙදී ඇති අතර මෙදින අමෘත හා ශුභ යෝග බලයෙන්ද පෝෂිතය. මුවසිරස, සිත, දෙනට, අස්විද, මා, මුල, කැති, උත්‍රපල්, උත්‍රසල, පුනාවස, විසා, පුවපුටුප, අස්ලිස, දෙට, රේවතී යන නැකැත් හිමියන්ට වගා කටයුතු, වෙදකම්, වෙළෙඳ ව්‍යාපාර කටයුතු, රථ වාහන සම්බන්ධ කටයුතු, මූල්‍ය කටයුතු, ගිවිසුම් අත්සන් කිරීම,
රැකියා බාර ගැනීම්, ආගමික කටයුතු හා කුඩා දරුවන්ගේ සියලු කටයුතු සඳහා මෙදින සුබ නැකැත් සාදා ගතහැකිය. සුබ දිශාව උතුර වේ. විශේෂයෙන් මෙදින රාත්‍රී 11.10 දක්වා දවස පුරාම දිවි කරණය පවතින බැවින් වගා කටයුතු සඳහා බෙහෙවින් ප්‍රශස්තය.
ජූලි 09 වන බදාදා දිනය පුරාම පංචාංග ශුද්ධියෙන් කරුණු හතරක් සම්පූර්ණව පවතින අතර අට විසි මහා යෝග චක්‍රය ධ්වජ යෝගය යෙදී ඇත. මුල නැකැත පවතින මෙදින බෙරණ, පුවපල්, පුවසල ,කැති, උත්‍රපල්, උත්‍රසල, අස්ලිස, දෙට, රේවතී, පුනාවස, විසා, පුවපුටුප, මුවසිරස, සිත, දෙනට යන නැකැත් හිමියන්ට කෘෂිකාර්මික කටයුතු සහ ගමන් බිමන් කටයුතු සඳහා ඉතා ප්‍රශස්ත වේ. සුබ දිශාව නැඟෙනහිර වේ.
ජූලි 13 වන ඉරිදා ද පංචාංග ශුද්ධිය පවතින දිනයකි. මෙදින දවස පුරාම මාතාංග නම් ඉතා සුබ යෝගය යෙදී ඇත. වගා කටයුතු, වෙදකම්, වෙළෙඳ ව්‍යාපාර කටයුතු,, මූල්‍ය කටයුතු, ගිවිසුම් අත්සන් කිරීම, රැකියා භාර ගැනීම්, ආගමික කටයුතු හා කුඩා දරුවන්ගේ සියලු කටයුතු සඳහා මෙදින සුබදායකය වේ. සුබ දිශාව වන්නේ දකුණු දිශාවය. අද, සා, සියාවස, පුනාවස, විසා, පුවපුටුප, රෙහෙණ, හත, සුවණ, බෙරණ, , පුවපල් ,පුවසල, අස්ලිස, දෙට, රේවතී යන නැකැත් හිමියන්ට සීහේ.

ජ්‍යොතිර්වේදී,වාස්තුවිද්‍යා උපදේශක,
දේශමාන්‍ය ආචාර්ය – කපිල ඉන්ද්‍රික ගුණදාස.
මාලිබොඩ- දැරණියගල.
076 824 8000