කෘෂිකර්මාන්තයට පතල් කර්මාන්තයට අසුභ කාලයක්
භාණ්ඩවල මිල ගණන් ඉහළ යෑමක්
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු
රාජකීය මරණයක් ගැන අසන්නට ලැබේ
දරුවන්ට අපල දායකයි
ළමයින් සහ ස්ත්‍රීන් සම්බන්ධ අපරාධවල සැලකිය යුතු වර්ධනයක්
සූර්ය මස මිථුන, රවි 10 භාගයක් වූ චන්ද්‍ර මස පොසොන් පුර දසවක තිථියලත් ගුරු දින 2025.07.05 ප.ව. 4.57 ට සුකුමාලිය හෙවත් සිකුරු ග්‍රහයාට පරාජය උරුමකම් කියමින් කැරලිකාර ග්‍රහයෙකු ලෙසින් හැඳින්වෙන යුරේනස් මෙහිදී ජය කෙහෙළි නංවයි. මෙම යුද්ධය රවිට අයත් කැති නැකත තුළදී සිදු වේ. කැති නැකත වනාහි රක්ත වර්ණ, පුල්ලිංග, අධෝමුඛ තාරකා 6 කින් යුත් නැකතකි. මෙම නැකත ලබා 32 වෙනි පැයෙන් අසුබදායක වේ.
කුම්භ ලග්න හිමි ලංකා කේන්ද්‍රයේ 4 වෙනි භාවය තුළ ග්‍රහ යුද්ධය සිදු වේ. ඒ අනුව කෘෂිකර්මාන්තය, වගා දිගා ආදී කටයුතුවලට මෙන්ම ආකර පතල්වල සම්බන්ධ අයට යහපත් නොමැති බව ද පෙනෙන්ට තිබේ. රාජ්‍ය ගොඩනැගිල්ලක් කඩා වැටීමක් හෝ ගිනි ගැනීමේ පුවතක් අසන්නට ලැබේ.
මේ මොහොත වන විට ගර්ජාකරණයත්, රවි හෝරාවත්, කුජ පංචම කාලහෝරාවත්, රවිගේ සූක්ෂ්මයත් යෙදී තිබුණි. මෙහිදී තත්කාල ලග්නය වශයෙන් වෘශ්චික ලග්නයත්, මීන නවාංශකයත් උදාව පවතී. එහිදී හතරවැන්නේ රාහු ද, පස්වැන්නේ 22 වන දෙර්කානාධිපතිට අයත් ශනිද, හත්වැන්නේ සිකුරු, යුරේනස් ද, අටවැන්නේ ගුරු, රවි ද, නමවැන්නේ බුධ ද, දහ වැන්නේ කුජ, කේතු ද, දොළොස්වැන්නේ සඳු ද මෙසේ ගමන් ගෙන තිබුණි. තත්කාල කේන්ද්‍රයේ දුකට අධිපති පීඩිත ජනයා නියෝජනය කරන ග්‍රහයෙකු ලෙසින් හැඳින්වෙන ශනි 22 දෙර්කානාධිපතිට අයත්ව ගමන් කිරීම මත අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ගණන් ඉහළ යෑමක් ද පෙන්නුම් කරයි. සෞඛ්‍ය ක්ෂේත්‍රවලද ගැටලු පවතින බව පෙනෙන්නට තිබේ.
කැරලිකාර ග්‍රහයෙකු වූ යුරේනස්ගේ ජය ලැබීම හේතු කොටගෙන යළි බාල බෙහෙත් ගැන කරලියට එන බවක්ද පෙනෙන්නට තිබේ. එසේම දරුණු වස විස ශරීර ගතව මිය යන අයගේ වර්ධනයක්ද දැකගත හැක. පැරණි කෞතුක භාණ්ඩ මෙන්ම නිදන් වස්තු නිදන් සොරුන්ගේ ග්‍රහණයට ලක් වන පුවත් ගැන ද අසන්නට ලැබේ. කුම්භ ලග්න ලංකා කේන්ද්‍රයේ හයවැන්න තුළ බුධ ගමන් කිරීම හේතු කොටගෙන කුඩා දරුවන්ට තවදුරටත් යහපත් නොමැති අතර ඔවුන් අතර වෛරස් රෝගී තත්ත්වයක්ද ව්‍යාප්ත වන බව පෙනෙන්නට තිබේ. ළමයින් සහ ස්ත්‍රීන් සම්බන්ධ අපරාධවල සැලකිය යුතු වර්ධනයක් ද පෙන්නුම් කරයි.
වංශවත් රාජකීය මරණයක් ගැන අසන්නට ලැබෙන අතර නීතිවේදීන්ට, නීති ක්ෂේත්‍රයේ නියැලී සිටි අයට ගැටලු ඇති කරන බවක් ද පෙනේ. ග්‍රහ යුද්ධය තත්කාල කේන්ද්‍රයේ හත්වැන්න තුළ පැවතීම හේතු කොටගෙන යම් යම් පක්ෂවල සමගි සන්ධාන, ගැටලු, ප්‍රශ්න ඇති වීමට ඉඩ පවතී.
ඔබ සුබ මුහුර්තියක් සෑදීමේදී ග්‍රහ යුද්ධයක් පවතින දිනක යොදා නොගැනීම නොකළ යුතුය. ග්‍රහ යුද්ධයෙන් පරාජයට පත් ග්‍රහයා දුබලයෙකු ලෙස සලකයි. ඔබ ධාර්මිකව සිල්වත්ව සිටීම මත මෙම කියන අසුබ තත්ත්ව වලින් ඔබට මිදිය හැකි වේ.

සමස්ත ලංකා වෘත්තීය ජ්‍යොතිෂවේදීන්ගේ සංගමයේ ලේකම්
ආචාර්ය. පී.කේ.තරංග කුමාර
077 796 2658