අපි මේ චිත්‍රපටය කරන්නේ ජාත්‍යන්තරයට අරන් යන්න
නිෂ්පාදක ජගත් සුමතිපාල

සෞදි අරාබියේදී කෲර ලෙස ඝාතනය වුණු රිසානා නෆීක් ජීවත් වූයේ මුතූර් ප්‍රදේශයේය. දුගී පවුලක වැඩිමහල් දියණිය වූ ඇයගේ වයස අවුරුදු 17 කි. එහෙත් අගහිඟකම් නිසා ඇය වයස අවුරුදු 24 ක යුවතියක් ලෙස විදේශ ගමන් බලපත්‍රයක් සකසා ගෙන ගෘහ සේවිකාවක් ලෙස රැකියාවකට ගියාය.

2013 වසරේදී මියගිය රිසානාට එරෙහිව චෝදනාව වූයේ කුඩා දරුවකු ගෙල සිරකර මරා දැමීම යන චෝදනාවය. අවසානයේ ඇයට මරණය හිමිවූවාය.

රිසානා මියගොස් වසර දොළහකට පසුව ඇගේ කතාව පාදක කරගෙන රිසානා කූඩුවේ දමන ලද කිරිල්ලී මැයෙන් චිත්‍රපටයක් නිර්මාණය වේ.

ශ්‍රී ලංකාවේ සිනමා ක්ෂේත්‍රයේ පෙර නොවූවිරූ කෞෂල්‍යයක් පෙන්නුම් කරමින් සම්මානලාභී චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වන චන්ද්‍රරත්නම් 17 හැවිරිදි රිසානා නෆීක්ගේ කතාව අමරණීය බවට පත් කිරීමට සහයෝගීව කටයුතු කිරීමට සුමති ස්ටූඩියෝ හි සම්මාන රැසක් හිමිකරගෙන සිටින නිෂ්පාදක ජගත් සුමතිපාල සමග එක්විය.

රිසානා කූඩුවේ දමන ලද කිරිල්ලී චිත්‍රපටයේ විශේෂත්වය වන්නේ ඇකඩමි සම්මානලාභී බි්‍රතාන්‍ය නළු ජෙරම් ඉරෝන්ස් සහ චිත්‍රපට හැටකට වැඩි සංඛ්‍යාවක රඟපා ඇති විවිධ සම්මාන රැසකින් පිදුම් ලද දකුණු ආසියානු නිළි වරලක්ෂ්මී සරත්කුමාර එහි ප්‍රධාන චරිත නිරූපණය කිරීමය. හොලිවුඩ් ඇතුළු ලොව නන්දෙස සිනමා ක්ෂේත්‍රයට ආගන්තුකයකු නොවන, ජාත්‍යන්තර වශයෙන් ගෞරවයට පාත්‍රව සිටින ජේම්ස් රත්නම් මෙහි තිර රචකයා ලෙස සම්බන්ධවේ. සිනමාවට හඳුන්වාදෙන විදුෂිකා රෙඩ්ඩි ද මෙහි භූමිකාවක් නිරූපණය කරයි. ඇය ජාත්‍යන්තර වශයෙන් දිදුලන හොලිවුඩ් සහ බොලිවුඩ් නළුවන් සමග රඟපාන නිසා එම සම්ප්‍රාප්තිය ඇයට ඇයගේ මෙම ක්ෂේත්‍රයේ කුසලතා ඔප්නංවා ගැනීමට අවස්ථාව උදාවේ.

Reversal of Fortune චිත්‍රපටයේ හොඳම නළුවා සම්මානය දිනාගත් ඉරොන්ස් Golden Globe සම්මානයක් tony, Emmy, SAG and Honorary cesor Award and apremio Europa peril Teatro සම්මානයට පාත්‍ර වී ඇති ඔහු මානව හිමිකම් ක්‍රියාකාරිකයකු ලෙසද රඟපා ඇත.
හොලිවුඩ් සිනමාවේ Stephen Spielberg, David Lean, Carol Reed, George Lucas, John Boorman and Regis Wargnier වැනි දැවැන්තයන් සමග චිත්‍රපට ක්ෂේත්‍රයේ උසස් දස්කම් දක්වා ඇති රත්නම් මහතා ජාත්‍යන්තර චිත්‍රපට 100 කට වැඩි සංඛ්‍යාවකට දායක වී ඇති විශිෂ්ටයෙකි. එමෙන්ම Witness to a Killing, Pilgrimage, The Road from Elephant pass and A Common Man යන ඔහුගේ චිත්‍රපට වෙනුවෙන් සම්මාන දිනා සිටින ඔහු විවාදජනක විෂයයන් තුළට කිඳාබසිමින් නිර්මාණ සැකසීමට බිය නැති අධ්‍යක්ෂවරයකු ලෙස ප්‍රකටය. රිෂානාගේ කතාව මගේ හිතට තදින් දැනුනා. එය නිර්මාණයක් මගින් පැවසීමට කතාවක් ලෙස මා හඳුනාගත්තා. අහම්බෙන් මට ජගත් සුමතිපාල මහතා මුණගැසීමෙන් එම සිහිනය යථාර්ථයක් බවට පත්කර ගැනීමට අවස්ථාව උදාවුණා. මෙම චිත්‍රපටය ජාත්‍යන්තර වශයෙන් කීර්තිමත් කුසලතා පූර්ණ නළු නිළියන් සම්බන්ධකර ගනිමින් මෙම පණිවුඩය ලොවට ගෙන යන අතර මෙම කතාව ජනතාව තුළ අනුනාද වෙමින් මෙවැනි සිද්ධි පිළිබඳ දැනුවත් භාවය තවත් වර්ධනය වනු ඇතැයි විශ්වාස කරනවා යැයි පැවසීය.
සුමති ෆිල්ම්ස් හැදූ ජගත් සුමතිපාල නිෂ්පාදකවරයා ඊට වැඩි බර පැනක් යොදා තිබේ. ‘අපි මේ චිත්‍රපටය කරන්නේ ජාත්‍යන්තරයට අරන් යන්න. මොකද මේ කතාව ජාත්‍යන්තරයට පවා කතා කළා. ඉතිං එහෙම අදහසකින් යුතුව රිෂානා හදනවා නම් ඒ ප්‍රමිතියට හැම දෙයක්ම තියෙන්න ඕනෑ. එහිදී අලුත් තාක්ෂණය විතරක් නෙමෙයි සියලුම දේ ඒ තුළ තිබිය යුතුයි.
අපි චිත්‍රපට කිහිපයක්ම හැදුවානේ. ඒවාට ජාත්‍යන්තර සම්මාන පවා ලැබුණා. වැඩිපුර සම්මාන ගත් කාන්තාවක් හැටියට අපේ අම්මා ඉදිරියෙන් ඉන්නවා. ඒ මේ චිත්‍රපට කලාවට තාත්තා වගේම අම්මා තුළත් දැඩි කැමැත්තක් තිබුණ නිසානේ.
අපි හැමදාම චිත්‍රපට හැදුවේ ලාභ උපයන්න නෙමෙයි. කර්මාන්තයට කරන සේවයක් හැටියටයි. වැටිලා තියෙන මේ කර්මාන්තයට අපි යම් උත්තේජනයක් ලබාදිය යුතුයි. ඉතිං මේ කලාවට තිබෙන ආදරය නිසා අපි චිත්‍රපට හැදුවා. ඉතිං මෙවරත් ඒ පරමාර්ථයෙන් අපි රිෂානා චිත්‍රපටය හදන්න අදහස් කළා. මේක දැවැන්ත සිනමා නිර්මාණයක්.
වෘත්තීමය වශයෙන් මුද්‍රා නාට්‍ය ශිල්පිනියකව සිටි නිළියක් බවට පත්ව සිටින භාෂා හයක් ප්‍රගුණ කර ඇති වරලක්ෂ්මි සරත්කුමාර වෛද්‍ය සෙල්වම් ලෙස රඟපායි. ඇය ශ්‍රී ලංකාවේ චිත්‍රපටයක රඟපෑමෙන් සියලු දකුණු ඉන්දියානු භාෂාවලින් නිෂ්පාදනය කර ඇති 30 කට වැඩි චිත්‍රපට සංඛ්‍යාවක දැනටමත් නිළියක වීමෙන් ඇයගේ මෙම විෂය ක්ෂේත්‍රය තවත් පුළුල් කරගැනීමට අවස්ථාව උදාවෙයි. ‘අපගේ යුගයේ අති විශේෂ අධ්‍යක්ෂවරයකු වන චන්ද්‍රන්රත්නම් මහතා අධ්‍යක්ෂණය කරන චිත්‍රපටයක රඟපෑමට ලැබීම ගැන සහ මා මහත් භක්තියකින් සලකන ජෙරම් ඉරන්ස් සමග රඟපෑමට ලැබීම මට මහත් සතුටක් ගෙන දෙයි. රිෂානාගේ කතාව බොහෝ මට්ටම්වලින් මගේ හදවතට ස්පර්ශ වූවකි. කාන්තා අයිතිවාසිකම් ක්‍රියාකාරිනියක වන මට රිෂානාගේ භූමිකාව මගේ එම ක්‍රියාකාරීත්වය සමග අනුනාද වන්නකි.
දිනේෂ් විතාන