Saturday, 12 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: රාවණ සමග අංජලී සිනමාවට – අංජලී ජයසිංහ
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Saturday, 12 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: රාවණ සමග අංජලී සිනමාවට – අංජලී ජයසිංහ
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
අතිරේකමීවිත

රාවණ සමග අංජලී සිනමාවට – අංජලී ජයසිංහ

July 6, 2025
138 Views

මම එකපාර ජනප්‍රිය වෙච්ච චරිතයක් නෙමෙයි

අංජලී ජයසිංහ මේ දවස්වල අලුත්ම සිනමා නිර්මාණයකට සූදානම් වෙනවා. ඒ තුෂාර තෙන්නකෝන් අධ්‍යක්ෂණය කරනු ලබන ශාන්ත ගීතදේව නිෂ්පාදනය කරන ‘රාවණ’ සිනමා නිර්මාණය සඳහායි. රාවණ ඇගේ කුළුඳුල් සිනමා නිර්මාණයයි. ඒ නිසාම අපි අංජලී සමග පුංචි කතාබහක නිරත වුණා.

අංජලී රාවණ චිත්‍රපටයට ලැබුණු ආරාධනාව ගැන මුලින්ම කතා කළොත්?

මට මේ සඳහා මුලින්ම ආරාධනා කළේ මෙහි අධ්‍යක්ෂ තුෂාර තෙන්නකෝන් මහත්මයා. හැබැයි මුලින්ම චරිතයක් ගැන නම් සඳහනක් කළේ නැහැ. පළමු දවසේ මගෙත් එක්ක කතා කළේ මගේ විස්තර විතරයි. පසුව තමයි මට දුරකථනයෙන් කතා කරලා කිව්වේ මන්දෝදරි චරිතයට තෝරාගත්තා කියලා.

රාවණ කියන ඓතිහාසික නිර්මාණයකට ආරාධනා ලැබීම ගැන මොකද හිතුනේ?

ඇත්තටම ලංකාවේ බොහෝදෙනෙක් කුතුහලයෙන් සොයන මාතෘකා වන්නේ රාවණ. ඉතිං ඒ වගේ සිනමා නිර්මාණයකට ආරාධනා ලැබීම සතුටක්. මම මුලදී නම් හිතුවේ නැහැ මන්දෝදරී චරිතයට ආරාධනා ලැබෙයි කියලා. ඒ චරිතයට ආරාධනා ලැබුණහම මම හිතුවේ මම ගොඩක් වාසනාවන්තයි කියලා. රාවණ ටෙලි නාට්‍ය විකාශනය වෙනකොටත් මම හරි ආසාවෙන් මන්දෝදරීගේ චරිතය නැරඹුවා. මම හිතුවේ නැහැ කවදාහරි දවසක ඒ චිත්‍රපටයේ මේ චරිතයම මට ලැබේවි කියලා.

මෙය ඔබේ පළමු සිනමා නිර්මාණය නේද?

රාවණ මගේ පළමු සිනමා නිර්මාණය. මට මේ ආරාධනාව ලැබුණ ගමන් හිතාගන්න බැරිවුණා. ඇත්තටම මේක ලොකු වැඩක්. ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් රැසක් මේ නිර්මාණයත් එක්ක එකතු වෙනවා. මම හිතනවා මගේ වාසනාවකට තමයි මේ සඳහා ආරාධනා ලැබුණේ කියලා.

මන්දෝදරී චරිතය වෙනුවෙන් මොනවගේ කැපකිරීම් ද කරන්න සූදානමින් ඉන්නේ?

ඇත්තටම ගත්තොත් මන්දෝදරී කියන්නේ පූජනීය චරිතයක්. ඒකට පණ පෙවීම හරිම අසීරු කාර්යයක් විදිහට තමයි මම දකින්නේ. සටන් ක්‍රම, නර්තනය වගේ දේවල් මුල සිටම පුහුණු වෙන්න ඕනෑ. ඒ වගේම මන්දෝදරීගේ ජීවිත කතාවේ සියලුම කාරණා මුල ඉඳලා අධ්‍යයනය කරන්න ඕනෑ. ඔය අතරේ මේ දවස්වල පිටපත පිළිබඳව අධ්‍යයනය කරනවා. මගේ රංගන ජීවිතයට ලැබුණු විශාල අභියෝගයක්.

කොහොමද රූගත කිරීම් වැඩකටයුතු?

මම රංගනයෙන් දායකවුණු ජුරාලියා ටෙලිනාට්‍යයේ විකාශනය පසුගියදා අවසන් වුණා. ඔය අතරේ අලුත්ම ටෙලි නාට්‍ය තුනකට රංගනයෙන් දායක වුණා. ඒ ටෙලි නාට්‍ය තුන ළඟදීම විකාශනය වෙයි කියලා හිතනවා.

ජුරාලියාට ලැබුණ ප්‍රතිචාර මොනවගේද?

ඇත්තටම මට හොඳ ප්‍රතිචාර ලැබුණා. ඒ චරිතයත් වෙනස්ම චරිතයක්නේ.

මේ ලැබුණ ජනප්‍රියත්වය ගැන මොකද හිතෙන්නේ?

ඒක මගේ වාසනාවක් විදිහට තමයි මම දකින්නේ. මම එකපාර ජනප්‍රිය වෙච්ච චරිතයක් නෙමෙයි. මෙම මේ තැනට ආවේ පියවරෙන් පියවර තමයි. මේ ලැබෙන ජනප්‍රියත්වය ගැන ඇත්තටම සතුටුයි.

ජුරාලියා ටෙලිනාට්‍යයට සම්බන්ධ වෙනකොට හිතුවද මේ තරම් කතාබහට ලක්වෙයි කියලා?

ඇත්තටම හිතුවේ නැහැ.

රංගන වැඩ කටයුතුවලට ගෙදරින් ලැබෙන සහයෝගය?

විශාල සහයෝගයක් ලැබෙනවා. මගේ උපන් ගම නුවර. එතකොට මගේ රූගත කිරීම් වගේ හැම වැඩකටයුත්තක්ම සිද්ධ කරන්න වෙන්නේ කොළඹදී. තාත්තා නුවර ගෙදර ඉන්නේ. මමයි අම්මයි තමයි කොළඹ නැවතිලා ඉන්නේ. නංගි විශ්වවිiාල අධ්‍යාපන කටයුතුවල නියැලෙනවා. මම ෂූටින් යන හැම මොහොතකම අම්මා එනවා. එයා කිසිම වෙලාවක මාව තනි කරන්නේ නැහැ. මගේ හීන ආසාව තේරුම් අරගෙන අම්මයි තාත්තයි නංගියි මට ලොකු සහයෝගයක් ලබාදෙනවා.

පුංචි කාලේ හීන මැව්වේ ඇත්තටම කවුරු වෙන්නද?

පුංචි කාලේ නිළියක් වෙනවා කියලා මගේ හිතේ ආසාවක් තිබ්බේ. ඒ වුණාට ටික ටික ලොකු වෙද්දි ඒ ආසාව මගෙන් ගිලිහිලා ගියා. ඊට පස්සේ කැමැති වුණේ කථිකාචාර්යවරියක් වෙන්න. අන්තිමට මම මගේ පළමු හීනය දැන් වෙනකොට හොයාගෙන යනවා.

වැඩිපුර කැමති සිනමාවටද? ටෙලි නාට්‍ය කලාවටද?

මම වැඩිපුර කැමති සිනමාවට.

පාසල් යන කාලේ වැඩිපුර සම්බන්ධ වුණේ කලා වැඩ කටයුතුවලටද?

මම ඉස්කෝලෙ කාලේ කලා වැඩකටයුතු වගේම ක්‍රීඩා වැඩ කටයුතුවලටත් සම්බන්ධ වුණා. නමුත් උසස් පෙළ හැදෑරුවේ ගණිත අංශයෙන්. උපාධිය අවසන් කළේ විදුලි ඉංජිනේරු අංශයෙන්. හැබැයි උසස් අධ්‍යාපනය හදාරපු විෂයන් කලාවට නම් සම්බන්ධයක් නැහැ.

ක්ෂේත්‍රය ගැන මොනවගේ හැඟීමක් ද තියෙන්නේ?

ක්ෂේත්‍රය ගැන ප්‍රසන්න හැඟීමක් තියෙන්නේ. මම දැන් මේ ක්ෂේත්‍රයට ඇවිත් ටික කාලයක් වෙනවා. ඒ වගේම ප්‍රවීණයන් සමගත් වැඩ කරලා තියෙනවා.

රාවණ මුහුරත් උළෙලේදී කට්ටිය ඔයා ගැන මොනවද කිව්වේ?

ඇත්තටම හොඳ ප්‍රතිචාර ලැබුණා. මන්දෝදරී චරිතය මම රඟපාන්නේ කියලා දැනගෙන ගොඩක් අය මට සුබ පැතුවා.

විලාසිතාවලට මොනවගේ නැඹුරුවක් ද තියෙන්නේ?

මට ගැළපෙන සුවපහසු ඕනෑම විලාසිතාවකට මම කැමැතියි. එහෙම ප්‍රශ්නයක් නැහැ.

අංජලී නුවර හිටියා නම් මේ වෙනකොට මොනවා කරාවිද?

මම අධ්‍යාපන කටයුතු වෙනුවෙන් චීනයට ගිහිල්ලා හිටියේ. ලංකාවට ඇවිත් හිරු අවුරුදු කුමරිය තරගාවලියට ඉදිරිපත් වෙලා එයත් සමග තමයි රංගනයට එන්නේ. 2023 හිරු අවුරුදු කුමරිය ජයග්‍රහණයත් එක්ක තමයි ඒ දේවල් ටික සිද්ධ වුණේ. මම මේ දේවල් නොකළා නම් අධ්‍යාපන කටයුතුවලින් ඉදිරියට යාවි.

ඔබට ක්ෂේත්‍රයේ අයගෙන් මොනවගේ සහයෝගයක් ද ලැබෙන්නේ?

මම මුල ඉඳලා රංගන විෂය ලොකුවට හදාරලා නැහැ. මගේ පළමු නාට්‍යයේ ඉඳලා මේ දක්වා මුණගැසුණු ප්‍රවීණයන්ගෙන් මට ලොකු සහයෝගයක් ලැබුණා. මම ආධුනිකයි කියලා කිසිම වෙලාවක මාව වෙන් කරලා තිබ්බේ නැහැ. හරිම සහයෝගයෙන් හැමදේම කියලා දීලා ඉදිරියට ගන්නයි බැලුවේ.

දිනේෂ් විතාන
ඡායාරූප – සඳමාලි විමලසේන

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ඊශ්‍රායල් යුද හමුදාවට දිරියක් වූ ශ්‍රී ලාංකික දූ පුතුන්

July 6, 2025

යං යං ඇතුළට යං…

July 6, 2025

අවුරුදු 11කට පස්සේ

July 6, 2025

අධිකරණය නොමඟ යැවූ සී.අයි.ඩී.යට නිසි පියවර ගන්නැයි පැමිණිලිකාරියගෙන් ජනපතිට පැමිණිලි

July 7, 2025

ඇහැලේපොළ වලව්වෙන් දිස්වන අතීත ශ්‍රී විභූතිය

July 9, 2025
Related News
අතිරේක විශේෂාංග

දකුණට නිල් ධජ වෙරළක්

අතිරේක විශේෂාංග

එකම පිරිසක් සම්මාන ලැබීම නරක ආදර්ශයක් – ගුණරත්න ඒකනායක

අතිරේක විශේෂාංග

අතීතය දෙස හැරී බලා වර්තමානය කියවා ගැනීම

අතිරේක විශේෂාංග

දරුවන් ජීවත් වෙන්නේ යථාර්ථය සහ පරිකල්පිත ලෝකය අතර – සචී සේනානායක

අතිරේක විශේෂාංග

භික්ෂු ආකල්ප ආරක්ෂා කළ පිරිවෙන් අධ්‍යාපනය

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok