වරලත් වැඩසටහන් නිෂ්පාදන ආයතනයක් වන ITV (Voice සන්නාමයේ අයිතිය ඇත්තේද ඔවුන් සතුවය) ආයතනය මගින් නිෂ්පාදනය කළ CATCHPOIT වැඩසටහනේ අපූරු අත්දැකීම ආසියාවේ පළමු වතාවට ශ්‍රී ලාංකිකයන් වෙත එලෙසින්ම තිළිණ කිරීමට Sirasa TV, සියලු කටයුතු සූදානම් කර ඇත.

අදියර 04ක් යටතේ විකාශය වන මෙහි සම්පූර්ණ වැඩසටහන් ගණන -50කි.
මෙය සාමාන්‍ය දැනුම මෙන්ම ක්‍රීඩාශීලීත්වය මුසු වූ වැඩසටහනක් වන අතර එක් වැඩසටහනක කණ්ඩායමකට තරගකරුවන් දෙදෙනා බැගින් කණ්ඩායම් දෙකක් තරග කරයි. (මුළු තරගකරුවන් ගණන 04කි) අසන ප්‍රශ්නයට අදාළ නිවැරදි පිළිතුරට අයත් තිරය ඉදිරිපිට සිටගෙන තරගකරුවා උඩින් වැටෙන පන්දුව අල්ලා ගත යුතුය.

මෙහි විශේෂ කරුණ වන්නේ පිළිතුර වැරදියට ලබාදුන්නත් නිවැරදි පිළිතුරට අදාළ තැනින් වැටෙන පන්දුව අල්ලා ගැනීම තුළින්ද සම්පූර්ණ ලකුණු ලබා ගත හැකි වීමය.
පළමු වටය – Solo Catch
මෙහිදී එක කණ්ඩායමකට ප්‍රශ්න 02 බැගින් යොමුවේ. පිළිතුරු 10ක් අතරින් නිවැරදි පිළිතුර තෝරාගත යුතුය.
නිවැරදි පිළිතුරට අදාළව රෝස පැහැති පන්දුවක් වැටෙන අතර අනෙක් ද්වාර තුළින් නිල් පාට පන්දු වැටේ.

දෙවැනි වටය – Double Catch
එක් වරකට එක කණ්ඩායමකට එකම අවස්ථාවකදී ප්‍රශ්න දෙක බැගින් හිමිවේ.
පිළිතුරු 05ක් අතරින් නිවැරදි පිළිතුර තෝරාගත යුතුය. මෙහිදී නිවැරදි පිළිතුරට අදාළ ද්වාර ද්විත්වයෙන් යොමුවන පන්දුවේ ප්‍රමාණය කලින් වටයේ පන්දුවට වඩා කුඩා වේ.
තුන්වන වටය – Quick Catch
මෙහිදී තත්පර 45ක් තුළ හැකි තරම් ප්‍රශ්න වලට පිළිතුරු දිය යුතුය.
කණ්ඩායමේ එක් තරගකරුවෙක් පිළිතුරු දෙමින් පන්දුව අල්ලා ගතයුතු අතර අනෙක් තරගකරුවා බසරය (BUZZER) මෙහෙයවිය යුතුය.
හතරවන වටය – The Final
පසුගිය වට තුනේදී වැඩිම ලකුණු ලබාගත් කණ්ඩායම පමණක් ක්‍රීඩා කරයි. කණ්ඩායමට ප්‍රශ්න දෙකක් ලැබෙන අතර එක ප්‍රශ්නයකට පමණක් පිළිතුරු ලබාදී බෝලය අල්ලා ගතහොත් ඒ මොහොත වන තෙක් දිනා ගත් මුළු මුදලම හිමිවේ.
ප්‍රශ්න දෙකටම පිළිතුරු දුන්නේ නම් අදාළ මුදල දෙගුණයක් වී හිමි වෙයි.
ප්‍රශ්න දෙකටම පිළිතුරු දීමට නොහැකි වුවහොත් සියලු මුදල් අහිමි වෙයි.
Sirasa CATCHPOIT -ජූලි 12 වැනිදා සිට සෑම සෙනසුරාදා සහ ඉරිදා දිනකම රාත්‍රි 7.30ට විකාශය වීමට නියමිත අතර, වැඩසටහන මෙහෙයවීම ජනප්‍රිය රංගන ශිල්පී යශ් වීරසිංහ විසින් සිදුකරනු ලබයි.
මහේෂ්