Wednesday, 9 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: තෘෂ්ණාව මරා දමා දුකෙන් නිදහස් වෙන්න
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Wednesday, 9 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: තෘෂ්ණාව මරා දමා දුකෙන් නිදහස් වෙන්න
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
අතිරේකඉරිදා සංග්‍රහය විශේෂාංගමහරහතන් වැඩි මඟ ඔස්සේ

තෘෂ්ණාව මරා දමා දුකෙන් නිදහස් වෙන්න

July 6, 2025
76 Views

පින්වත, මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ මුල්ම පාඩම් පොතේ දුකට හේතුව තෘෂ්ණාව යැයි සඳහන් කොළය අපේ ජීවිතවලින් ගැලවී ගියත්, අපේ සක්කාය දිට්ඨියේ පාඩම් පොත නම්, දිලිසෙන සුදට සුදේ පිට කවරයක් දමලා හරිම අගේට තිබෙනවා. පරණ බවක් පේන්නම නැහැ. සක්කාය දිට්ඨිය පොතේ සුදෝ සුදු පිට කවරයේ නම, ලිපිනය, දුරකථන අංකය, ඊමේල් තව ගොඩාක් ජාති සටහන් කොට තිබෙනවා. අපේ අනන්‍යතාවය තලු මරමින්, පංචඋපාදානස්කන්ධයෝ දිරිමත් කරනවා. පින්වත, කාලය ගෙවිලා යනවා, අපි දුවනවා, අපි යම් දවසක නැවතුණොත්, අපි දකිනවා, කාලය නොවේ ගෙවිලා ගියේ, අපි නොවේ දිව්වේ, ඵස්සය හේතුවෙන් සකස් වන වේදනාවෝමයි කියලා. පින්වත, ඵස්ස නිරෝධා වේදනානිරෝධෝ. පින්වත, කාලයත්, ජීවිතයත් අතීත සංස්කාරයෝ මත නැවතිලා. පින්වත, අතීත, වර්තමාන, අනාගත කාලයට ඉඩ දීලා, කාලය කෙරෙහි විශ්වාසයෙන් බලාගෙන සිටින්න එපා. විවේකීව කාලය සමග සාකච්ඡා කරන්න. කවදා ද ඔබට භව නිරෝධය සාක්ෂාත්කොට දෙන්නේ කියලා. පින්වත, මෙය සටහන් තබන භික්ෂුවත්, අතීතයේ කාලය සමග විවේකීව සාකච්ඡා කළා, කවදා ද භික්ෂුවට භව නිරෝධය සාක්ෂාත් කොට දෙන්නේ කියලා. පින්වත, එවිට කාලය බොහෝම විශ්වාසයෙන් භික්ෂුවට කිව්වේ, “කාලය” ගැන නම් දශමයක්වත් විශ්වාසයක් තියා ගන්න එපා. කාලයවන “මමත්” අනිත්‍යවූ ධර්මතාවයක් පමණක්මයි කියලා. පින්වත, කරුණාකර මේ මොහොත සතර සතිපට්ඨාන ධර්මතාවයන් තුළ ජීවත් වෙන්න. එයමයි භව නිරෝධයේ අර්ථවත් කාලය වෙන්නේ.

පින්වත, ලෝකය යැයි කියන්නේ, රූප, වේදනා, සඤ්ඤා, සංස්කාර, විඤ්ඤාණ ධර්මයන්ට. පින්වත, ඇසට නොපෙනෙන අවිද්‍යා මුදුන් මුලෙන් විකසිත වන, ඇලීම්, ගැටීම්, උපේක්‍ෂා, විඳීම් ලෝකය පටිච්ච සමුප්පන්නව ජීවත් කරවන්න සංස්කාර ආයුෂ ලබාදෙනවා. පින්වත, ආධ්‍යාත්මික රූපය සතර මහා ධාතුවෙන් සෑදුණ රූකඩයක් වෙද්දී, එම රූකඩයට සංස්කාර හේතුවෙන් සකස් වන විඤ්ඤාණ පච්චයා නාමරූපං කියන ධර්මතාවය ආයුෂයෙන්, උණුසුමෙන්, පටිච්ච සමුප්පන්න විඤ්ඤාණයෙන් පණ දෙනවා. පින්වත, ඉන් ඉක්බිති සළායතන හේතුවෙන් සකස් වන ඵස්සයෙන්, ලෝකය පටිච්ච සමුප්පන්නව යළි යළිත් ලෝකයම ගොඩනඟනවා. පින්වත, උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයන්ගේ පහස නොලැබුණොත්, නැවතීමක් නැති ලෝකය, නොනැවතීම භව වන්දනාවේ යනවා. පින්වත, අපි මේ යන්නේ පටිච්ච සමුප්පන්න භව වන්දනාවක. මේ භව වන්දනාවේ ලාභ අලාභ, කීර්ති ප්‍රශංසා, නින්දා අපහාස, සැප දුක් මේ සියල්ලම තිබෙනවා. පින්වත, ලෝකය දුකට පමණක් සින්නක්කරව ලියා දීලා නැහැ. ලෝකය තුළ කුසල් ධර්මයන්ට නෑදෑකම් කියන රූපයේ සහ කාමයේ කෙටි ආස්වාදයකුත් තිබෙනවා. පින්වත, ඔබේ ලෝකයේ දුක වැඩිනම්, ලෝකයට අභියෝග කරන්න එපා. ලෝකයට අභියෝග කළොත්, සංස්කාර යුද්ධය වැඩි වේවි. පින්වත, අපි හැමෝම අවිද්‍යාවේ යුද විශේෂඥයෝ. සංස්කාර යුද පිටිය අපිට ආස්වාදයක්. යම් පින්වතෙක් කුසලයේ මෝටාර් එකක් විද්දොත්, ඊට එරෙහිව අකුසලයේ මෝටාර් දහස් ගණනක් එල්ල වේවි. පින්වත, මේ යුද්ධය, යුද්ධ කරලා ජය ගන්න බැහැ. යුද වදින ලෝකය ඉදිරියේ ඔබ මධ්‍යස්ථ වෙන්න. ඊට එකම මාර්ගය උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයයි.

පින්වත, ඵස්සය හේතුවෙන් සකස් වන ඇලීම් සහ ගැටීම් යැයි කියන්නේ, තෘෂ්ණාවේ නිවුන් දරුවන් දෙන්නා. තෘෂ්ණාවට උපේක්‍ෂාව කියලා තෙවැනි දරුවෙකුත් ඉන්නවා. එම තෙවැනි දරුවා භව සැපයට කීකරු දරුවෙක්. පින්වත, ඊයේ දවසේ ඔබ තුළ ගැටෙන සිතුවිලි කොතෙක් නම් ඇතිවුණා ද? ඊයේ දවසේ ඔබ තුළ ඇලෙන සිතුවිලි කොතෙක්නම් ඇති වුණා ද? ඊයේ ඇතිවුණ ඇලෙන සහ ගැටෙන සිතුවිලි හේතුවෙන් මොනතරම් නම් අකුසල් සංස්කාරයෝ ඔබ ජීවිතයට එකතු කොට ගත්තා ද? පින්වත, ලෝභ, ද්වේශ, මෝහයෝ, කාම රාග, පටිඝයෝ, බිඳුණු සිල්පද ඇලෙන සහ ගැටෙන සිතුවිලිවල නීරස අස් වැන්නයි. පින්වත, ඊයේ දවසේ අපේ සංස්කාර ගිණුමට එකතු වුණ නීරස අස්වැන්න ගැන, අද දවසේ අපිට නිච්චියක්වත් නැහැ. ඊයේ දවස අමතක කරලා, අද දවසේ අපි යළි ඇලෙනවා සහ ගැටෙනවා. පින්වත, කල්ප විනාශයකට ලෝකය සකස් වන කාලයේ දී, මහා සාගරය සිඳිලා යනවා. මහා සාගරය, ජලය වියළී ගිය එකම වැලි තලාවක් බවට පත්වෙනවාය කියලා ධර්මයේ සඳහන් වෙනවා. එදාට සීමා මායිම්, වැට කඩුළු, තාප්ප, දේශසීමා නැති කාෂ්ටක මහ පොළොවක් පමණයි ඉතිරි වෙන්නේ. පින්වත, සත්ත්වයාගේ ඇලෙන සහ ගැටෙන සිතුවිලිවලින් උපදින අකුසල් සංස්කාරයෝ, කල්ප විනාශයක දී මහා සාගරයත් වියළි වැලි කතරක් බවට පත්කොට දමනවා. පින්වත, මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශාසනය අතුරුදන්වීමෙන් පසුව ඇතිවන කල්ප විනාශය ගැන සිතන්න එපා, වර්තමානයේ ඔබ තුළ සකස් වන ඇලෙන හෝ ගැටෙන සිතුවිලි ගැන සිතන්න දක්‍ෂ වෙන්න. තවමත් අපි ඇලීම් සහ ගැටීම් අකුසල් සාගරයේ කිමිදෙමින්, අනාගතයේ මහා සාගරය සිඳ දැමීමට හේතු වන අකුසල් සංස්කාරයෝ අවිද්‍යාවට ප්‍රණීත ආහාර කොට දෙනවා. පින්වත, වර්තමානයේ ඔබ තුළ සකස් වන කුසලයට ගැටෙන සහ අකුසලයට ඇලෙන සිතුවිලි කල්ප විනාශයකටත් වඩා රුදුරු බව සිහිනුවණින් තේරුම් ගන්න. පින්වත, දෑස් පියාගෙන ජලය සිඳී ගිය මහා සාගරයේ ගිනියම්වූ වැලි තලාව සිහියට නඟාගන්න. පින්වත, සත්ත්වයාගේ අකුසල් කඳු හේතුවෙන් සකස් වන බාහිර සතරමහා ධාතු වේවිකෘතිය, ධාතු මනසිකාරයටම කමටහනක් කොට ගන්න.

පින්වත, අවිද්‍යාව යම් තැනක ද දුකේ ජාන එතැන තිබෙනවා. මෙය සටහන් තබන භික්ෂුවත් ජරා, ව්‍යාධි, මරණ දුක්කන්දක් හිස මත තබාගෙනයි වැඩසිටින්නේ. එම දුක්කන්ද භික්ෂුවට අබමල් රේණුවක තරම්වත් බරක් නැහැ. පින්වත, දුකේ බර දැනෙන්නේ දුක වින්දොත්. පින්වත, දුක ධම්මානුපස්සනාවට ආහාරයක් කොට දෙන්න. පින්වත, ධම්මානුපස්සනාව, ඥාන දර්ශනයන් තුළින්, අවිද්‍යාවෙන් වැසුණ ලෝකය විවෘත කොට පෙන්වනවා. පින්වත, ඔබේ කැමැත්ත සහ අකමැත්ත ඔබ මගේ කොට ගන්න එපා. එය ඔබට හරිම සංස්කාර හිසරදයක්. පින්වත, ඔබේ කැමැත්ත සහ අකමැත්ත ධම්මානුපස්සනාවට භාර දෙන්න. උතුම් ධම්මානුපස්සනාවට පුළුවන් ලෝකයේ බරෙන් ඔබව සැහැල්ලු කරන්න. කැමැත්ත සහ අකමැත්ත ධම්මානුපස්සනාවෙන් විනිවිද දකිද්දී, එතැන උපදින්නේ සියලු සංස්කාරයන්ගේ අනිත්‍ය දැක්මයි. දුක කියන්නේ භික්ෂුවට නම් කමටහනක් පමණක්මයි. පින්වත, පටිච්ච සමුප්පාද ධර්මයෝ අපේ වැරදි දැක්ම නිවැරදි කරද්දී, අපි තුළ උපදින දිට්ඨි විශුද්ධිය, ඉපදීමයි දුකට හේතුව කියලා, අපි අකමැති දුකේ, ලස්සන පාඩම අපිට කියලා දෙනවා. ඒ ලස්සන පාඩමේ දී, අපි ඉලක්ක කරන්නේ දුක නොවේ, ඉපදීමයි. පින්වත, ඉපදීමට මේ සුභ උපන්දිනේ යැයි ආස්වාදයෙන් උපන්දින කේක් කපලා, අපි දුකටයි අත්පොළසන් දෙන්නේ. පින්වත, උපත සැමරුවොත් යළි උපදිනවාමයි. පින්වත, ඔබේ උපත ධම්මානුපස්සනාවෙන් සමරන්න. උපන්දිනය දවසේ කේක් ගෙඩියක් කැපුවාට කමක් නැහැ, විඳීම් ගැන සිහිනුවණින් පසු වෙන්න. ඒ වගේමයි තම උපන්දිනය දවසේ අඩ හාමතේ ජීවත්වන දස දහස් ගණනක් පින්වතුන් සමාජයේ ජීවත් වෙනවාය කියන කාරණයත් සිහිපත්කොට ගන්න ඕනේ. පින්වත, මොහොතක් ඔබේ දෑස් පියාගෙන, ඔබේ පින්වන්ත උපත ධම්මානුපස්සනාවෙන් දකින්න. පින්වත, අවිද්‍යා පච්චයා සංඛාරා, සංඛාරපච්චයා විඤ්ඤාණං, ‘.. ජාති පච්චයා ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව යැයි පටිච්ච සමුප්පාද ධර්මයෝ සිහිපත්කොටගෙන මේ සියලු ධර්මතාවයෝ අනිත්‍ය යැයි නුවණින් දකින්න. එවිට ඔබ අවිද්‍යාවෙන් උපන් ඔබේ ජීවිතයෙන් ධම්මානුපස්සනාවයි දකින්නේ.

පින්වත, තෘෂ්ණාව මරා දමා දුකෙන් නිදහස් වෙන්න. පින්වත, ඔබ තෘෂ්ණාව ජීවත් කළොත්, දුකයි ජීවත් වෙන්නේ. පින්වත, දුකට එකම හේතුව තෘෂ්ණාව යැයි කියලා, මේ උතුම් සම්මාසම්බුද්ධ ශාසනයේ මුල්ම පාඩම පටන් ගත්තත්, අපි නොදන්නා භාවය නිසාම, සිතාගෙන සිටින්නේ, සැපයට එකම හේතුව තෘෂ්ණාව යැයි කියලා. පින්වත, වචනයක වෙනසකට මොනතරම් නම් විනාශයක් කරන්න පුළුවන් ද? එම පුංචි වචනය වෙනස් කරන්නේත් තෘෂ්ණාව විසින්මයි. පින්වත, අනුන්ගෙන් පරිස්සම් වෙන්න ඕනේ නැහැ, අනුනගේ තෘෂ්ණාවෙන් පරිස්සම් වෙන්න. තෘෂ්ණාව නම් හරිම අරූපී අමාරුකාරයෙක්. පින්වත් ඔබ මේ අමාරුකාරයාට බියවෙන්න එපා. වේදනානුපස්සනාවේ වේවැල අතට අරගෙන උපේක්‍ෂා සිතෙන් දමනය කොට ගන්න. පින්වත් ඔබ කලබලේට මේ අමාරුකාරයාට රිදෙන්න නම් ගහන්න යන්න එපා. ඔබ නොසන්සුන් වුණොත් තෘෂ්ණාවටමයි ආයුෂය, වර්ණය දුන්නා වෙන්නේ. පින්වත, ඔබේ හෘද සාක්‍ෂියට පොඩ්ඩක් තට්ටුකරලා අහන්නකෝ, තෘෂ්ණාව ගැන මොකද කියෙන්නේ කියලා. “අම්මෝ, තෘෂ්ණාව නැති ජීවිතේ රසයක් නැහැයි කියලා නේද කිව්වේ. පින්වත, අපි හැමෝම තෘෂ්ණාවට කැමතියි. පංචනීවරණ බොරදියේ දුකේ පතුල අපිට පෙනෙන්නේ නැහැ. පින්වත, දුකේ නිරෝධය උදෙසා, බරට බරේ පොත්මල්ල ඔසවාගෙන අපි පුණ්‍ය සිතින් සද්ධර්මයේ උපකාරක පන්ති ගියත්, නිවන් පාඩමේ මුල්ම පිටුව වන, ජාති, ජරා, ව්‍යාධි, මරණ සහ පංච උපාදානස්කන්ධ දුකට එකම හේතුව, තෘෂ්ණාව යන පාඩම් පිටුව ගැළවී ගිහින්නම්, උතුම් භව නිරෝධයේ සිහින, විඤ්ඤාණයේ තවත් මායාවක්ම වෙනවා නේද?

පින්වත, මේ දවස්වල දුක ලෝකය තුළ කඳවුරු බඳිනවා වැඩියි නේද? පින්වත, චතුරාර්ය සත්‍යය ධර්මයෝ කුණු කූඩයට දමද්දී, දුක රජවෙනවා. පින්වත, ලෝකය යැයි කියන්නේ කැඩෙන, බිඳෙන, විසිරෙන අර්ථයට. පින්වත, ලෝකය තුළ සිදුවන සංස්කාර කරණම් දැකලා පසුතැවෙන්න එපා. පින්වත, චතුරාර්ය සත්‍යයෝ පසුබසිද්දී, දුකයි ලහි ලහියේ කඳවුරු බඳින්නේ. පින්වත, අපි මේ දෑස්වලින්ද කින්නේ, අපි මේ කන්වලින් අසන්නේ, දෙවියෙක් හෝ මාරයෙක් දුන්න දෙයක් නොවේ, අපේම සංස්කාරයන්ගේ නිෂ්පාදනයක්. පින්වත, ලෝභ, ද්වේශ, මෝහ අකුසල් මූලයන් තිව්‍ර වෙනකොට, අකුසල් සංස්කාරයෝ හේතුවෙන් සකස් වන විඤ්ඤාණයේ මැජික් කරුවෝ හැසිරෙන්නේ, වම් අතේ සුදුකොඩියත්, දකුණු අතේ ගිනි අවියත් තබාගෙනයි. පින්වත, ලෝකය තුළ දුක් වැඩිවෙන්නේ අප්‍රමාදී පින්වතාට ලෝකයෙන් නිදහස් වෙලා යන්න. පින්වත, සත්පුරුෂ අප්‍රමාදී පින්වතාට ලෝකය අයිති නැහැ. ඔහුට අයිති ලෝකයෙන් නිවී යෑමයි. පින්වත, පිනේ හාස්කමින්, අපි මහා රැවටීමක් තුළයි සිටින්නේ. මේ රැවටීම විවෘත කොට පෙන්වන්න බැහැ. සමාජය තුළ ඒ තරමටම අවිද්‍යාව බලවත් වෙලා. උතුම් සම්මා දිට්ඨියෙන් පෝෂණය නොවූ පින නිසාම, අපි වර්ණය, සැපය, බලයේ සිරකරුවන් වෙලා. පින්වත, උතුම් තෙරුවන් හිස මත තබා ගත්තත්, චේතනාවෝ මාර ධර්මයන් නම්, බලාපොරොත්තු වෙන යහපත් අරමුණු ඉටුවෙන්නේ නැහැ. පින්වත, මාර චේතනාවෝ සඟවාගෙන, උතුම් තෙරුවන්ට අගෞරව කිරීමේ මහා පාප කර්මය, ඇතෙක් බරට විපාකයට පැමිණෙනවා. පින්වත, අවිද්‍යාව ප්‍රශ්න විසඳන්නේ නැහැ. අවිද්‍යාව ප්‍රශ්න අස්වද්දනවා.

පූජ්‍ය රාජගිරියේ
අරියඥාන ස්වාමින්වහන්සේ

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ඊශ්‍රායල් යුද හමුදාවට දිරියක් වූ ශ්‍රී ලාංකික දූ පුතුන්

July 6, 2025

හිටපු ඇමැතිට වලානෙන් දැල එළයි

July 3, 2025

යං යං ඇතුළට යං…

July 6, 2025

අවුරුදු 11කට පස්සේ

July 6, 2025

අයවැයෙන් වැඩි කළ විශ්‍රාම වැටුප් මෙම මස සිට

July 3, 2025
Related News
අතිරේක විශේෂාංග

ඇහැලේපොළ වලව්වෙන් දිස්වන අතීත ශ්‍රී විභූතිය

අතිරේක විශේෂාංග

භික්ෂු ආකල්ප ආරක්ෂා කළ පිරිවෙන් අධ්‍යාපනය

අතිරේක විශේෂාංග

කතරගම පුදබිමේ ඓතිහාසිකත්වය සහ වාර්ෂික පෙරහර මංගල්‍යය

අතිරේක විශේෂාංග

කැප්පෙටිපොලව පාවා දුන් අයුරු

අතිරේක විශේෂාංග

ඊළාම් යුද්ධයේ අවසන් පැය කිහිපය ඇසින් දුටු සාක්ෂිකරුවා ඉන්දියානු මාධ්‍යවේදී මුරලි රෙඩ්ඩි

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok