Thursday, 17 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: බලංගොඩ මිනිසාගේ පියා
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Thursday, 17 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: බලංගොඩ මිනිසාගේ පියා
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
Ad imageAd image
අතිරේකඉරිදා සංග්‍රහය විශේෂාංග

බලංගොඩ මිනිසාගේ පියා

July 6, 2025
120 Views

ඔබ සියලු දෙනාම වගේ අපේ රටේ ප්‍රාග් ඓතිහාසික “බලංගොඩ මිනිසා” ගැන අහලා ඇතිවාට සැකයක් නැහැ. නමුත් ඔහුගේ පියා, ඇත්තටම ඔහුගේ පියා යන යෙදුම මා මෙතැනදී යොදන්නේ මේ බලංගොඩ මිනිසා සොයාගත්තේ කවුද කියන අරුත විමසීම වෙනුවෙනුයි. පිළිතුර තමයි, ආචාර්ය පී.ඊ.පී. දැරණියගල නැත්නම් පෝල් එඩ්වර්ඩ් පීරිස් දැරණියගල කියන්නේ. අද අපේ හරිත පුරවැසි තීරුව වෙන් වන්නේ එතුමා වෙනුවෙනුයි.

මා එතුමා කවුදැයි නොදත් පාසල් කාලයේ දී අප ජීවත් වන කුරුවිට ප්‍රදේශයේ පතල්වලින් හමුවෙන පාෂාණිභූත අවශේෂවලින් සහ ගුහා කැණීම්වලින් අතීත ලංකාවේ සත්තු-මිනිස්සු පරිසරය ගැන මෙතුමාගේ සොයාගැනීම් යම් ප්‍රමාණයකින් අසා තිබූ මට ඒ දෑසින් නොදැකපු ලෝකය ගැන කුතුහලයක් තිබුණා. නමුත් එතුමාගේ සොයාගැනීම් ගැන දේවල් හරියාකාරව තේරුම්ගත්තේ විශ්වවිද්‍යාලයට ආවටත් පසුවයි.

ඒ කොහොම වෙතත්, දැන් අපි දන්න-දකින සත්තු, පරිසරය ගැන නොදන්න දේවල් රාශියක් පර්යේෂණ ගණනාවක් සිදු කර සොයාගත් දැරණියගල මහතා ඔබට හඳුන්වා දෙන එක නම් ලේසි-පහසු දෙයක් නොවෙයි. හේතුව, මෙතුමාගේ කාර්යයන් ඉතා පුළුල් පරාසයක විසිරී-පැතිරී තිබීම. සත්ව විද්‍යාඥයෙක්, මානව විද්‍යාඥයෙක්, පුරාවිද්‍යාඥයෙක්, ගවේෂකයෙක්, චිත්‍ර සහ කැටයම් ශිල්පියෙක්, කලාකරුවෙක්, කලා ඉතිහාසඥයෙක්, ඉහළම මට්ටමේ බොක්සින් හා ජූඩෝ ක්‍රීඩකයෙක් ආදී වශයෙන් මෙතුමා තමන්ගේ ජීවිත කාලය විවිධ ක්ෂේත්‍ර ඔස්සේ වර්ණවත් කොටගෙන තිබෙනවා. එපමණක් නොවෙයි, ඒ හරහා එතුමා අපේ රට ලෝකය ඉදිරියේ ඉහළට ඔසවා තබා තිබෙනවා.

මෙතුමාගේ කාර්යය සාඵල්‍යයෙන් අද ඔබේ සුවිශේෂී අවධානයට යොමු කරන්න උත්සාහ කරන්නේ අපේ රටේ අතීත මානවයා, සත්තු, ගහ-කොළ පරිසරය ගැන අනාවරණය වෙනුවෙන් ඔහු දැක් වූ දායකත්වයෙන් අංශූ මාත්‍රයක් පමණයි.

මෙතුමා උපත ලබන්නේ 1900 වසරේ මැයි මස 08 වැනි දිනයි. ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනය ලත් මෙතුමා, ශාස්ත්‍රවේදි හා ශාස්ත්‍රපති උපාධි කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ට්‍රිනිටි විද්‍යාලයෙනුත්, පසුව එක්සත් ජනපදයේ හාවර්ඩ් විශ්වවිද්‍යාලයෙනුත් උසස් අධ්‍යාපන සුදුසුකම් ලබා තිබෙනවා.

ශ්‍රී ලංකාවේ කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ පළමු ස්වදේශීය අධ්‍යක්ෂ වශයෙන් 1939 දී ස්ථිරව පත් වූ මෙතුමා එහි 1963 දක්වා එම තනතුරේ සේවය කරනවා. 1959 වසරේ සිට විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ මානව විද්‍යාව පිළිබඳ බාහිර මහාචාර්යවරයකු සහ 1961 සිට 1964 දක්වා කාලයේ එම සරසවියේ පීඨාධිපති වශයෙන් ද මෙතුමා සේවය කොට තිබෙනවා.

ඔහුගේ ආචාර්ය උපාධි පර්යේෂණයේ දී එතුමා අවධානය යොමුකර තිබෙන්නේ ශ්‍රී ලංකාවේ ප්ලයිස්ටොසීන යුගය ගැන. කෞතුකාගාර දෙපාර්තමේන්තුව මඟින් 1958 දී ‘The Pleistocene of Ceylon’ නමින් පළ කරල තියෙන්නේ ඒ පොත. ප්ලයිස්ටොසීන අවධියේ දී ලංකාව නම් මේ භූ ස්කන්ධයේ පරිසර තත්ත්වයත් ඒ කාලයේ ලංකාවේ ජීවත් වුණු සත්තු ගැන මේ පොතේ විස්තර කොට තියෙනවා. සිංහයා, අලි වර්ග කීපයක්, ගව විශේෂයක්, කිඹුල් විශේෂයක්, ඉබ්බන් විශේෂ දෙකක්, හිපපොටේමස්, රයිනොසිරස්, ගවරා වැනි සතුන් ලංකාවේ ජීවත් වුණා කියල සාධක සහිතව පෙන්නලා දුන්නේ මෙතුමා. ප්ලයිස්ටොසීනය ගැන පමණක් නොවෙයි, ලංකාවේ ජුරාසික සහ මයෝසීන භූ අවධිවල ජෛව විවිධත්වය ගැනත් මෙතුමා කරුණු ඉදිරිපත් කර තිබෙනවා. මේ සොයාගැනීම් දිවයිනේ ප්‍රාග් ඓතිහාසික ජෛව විවිධත්වයේ නව සහ විචිත්‍ර පරිච්ජේදයක් ආරම්භ කරනවා. ඒ විතරක් නොවෙයි මෙතුමා ඉන්දීය කලාපයේ සත්ත්ව විශේෂ පිළිබඳව විශේෂඥතාවක් දැරූවෙක්. මේ විෂයන් ගැන ඔහු දෙස්-විදෙස් ප්‍රකාශන 400කට වැඩි ප්‍රමාණයක් එළිදක්වා තිබෙනවා. ඔහු එතැනින් නොනැවතී මේ විෂයන් ඔස්සේ පර්යේෂණ කරන පරපුරකුත් නිර්මාණය කරනවා. මේ පරම්පරාවට එතුමාගේ පුත්‍රයකු වන ආචාර්ය සිරාන් දැරණියගල මහතාත් ඇතුළත්. අපි එතුමා ගැන වෙනත් දිනයක දී කතා කරමු.

ආයෙත් “බලංගොඩ මිනිසාගේ කතාවට” ගියොත්, මෙතුමා දිවයිනේ ආදී මානවයෝ ගැන සොයා බලන්න ලොකු උනන්දුවකින් වැඩ කරලා තිබෙනවා. රාවණා ඇල්ල කැණීමෙන් ඔහු මේ මානව අවශේෂ මුල්ම සාක්ෂි සොයාගෙන තිබුණා. 1956-61 කාලයේ අද උඩවලව ජාතික උද්‍යානය තුළ පිහිටි බෙල්ලන්බැඳිපැලැස්ස කියන ස්ථානය කැණීම් කර දිවයිනේ ප්‍රාග් ඓතිහාසික මිනිසුන්ගේ සම්පූර්ණ ඇටසැකිලි සොයා ගන්නවා. මේ අවශේෂ විශ්ලේෂණය කිරීමෙන් තමයි ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික මානවයා “බලංගොඩ මානවයා” (Balangoda Man) කියලා නම් කරනු ලැබ තිබෙන්නේ. දැරණියගල මහතා මෙයාට දුන්නු නම තමයි “Homo sapiens balangodensis” කියන්නේ. මේ නාමකරණයට සම්බන්ධ තවත් රසබර කතා තිබෙනවා. මේ ඉඟි ඔස්සේ ගොස් ඒවා සොයා කියවාගැනීම ඔබේ වැඩක්. කෙසේ වුවත් බලංගොඩ මානවයා කියන්නේ නූතන මානවයා (Homo sapiens) ම කියලා දැන් තහවුරු කරගෙන තිබෙනවා.

සත්ත්ව විද්‍යාඥයෙක් වශයෙන් මෙතුමාගේ පොත් සහ වෙනත් ප්‍රකාශන අදටත් ඒ විෂයන් පිළිබඳ උනන්දු අයගේ අවධානයට ලක්වෙනවා. එතුමා ලියලා තියෙන ලංකාවේ කොඳුඇට පෙළ සහිත සතුන් පිළිබඳ වර්ණ රූප අන්තර්ගත පොත් පෙළ (Some vertebrate animals of Ceylon) බෙහෙවින් ඇගයීමට ලක්වෙලා තියෙනවා. මේ ප්‍රකාශන වර්තමානයේ මේ විෂයන් පිළිබඳ උනන්දු වන කිසිම පර්යේෂකයෙකුට මගහැර යා නොහැකියි. ඒ වගේම ශ්‍රී ලංකාවේ දැන් ඉන්න හා පෙර සිට වඳ වී ගිය හස්තීන් පිළිබඳවත් (Some Extinct Elephants, Their Relatives and the Two Living Species) මෙතුමා ලියලා තියෙනවා. ශ්‍රී ලංකාවේ අලි වෙදකම, උන්ගේ කුල, කුරු අලි සහ විල් අලි ආදිය ගැනත් මෙතුමා කරුණු දක්වා තිබෙනවා. එමෙන්ම දිවයිනේ අප්‍රකටව පැවැති පැරණි ත්‍රාසජනක ජන ක්‍රීඩා (Some Sinhala combative, field and aquatic sports and games) පිළිබඳවත් රට පුරා ඇවිද ගොස් කරුණු ගවේශනය කර තොරතුරු ප්‍රකාශයට පත්කර තියෙනවා. දිවයිනේ තියෙන ප්‍රාථමික ශෛලියේ චිත්‍ර ගැනත් මෙතුමාගේ අවධානය යොමු වී තිබෙන අතර ප්‍රාග් ඉතිහාසය විෂය පරාසය තුළ ඉහළ ආකර්ෂණයක් තියෙන පුරා සත්ව විද්‍යාව කියන විෂයේ ආචාර්ය පී.ඊ.පී. දැරණියගල කියන්නේ පුරෝගාමියෙක්.

“ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත” කියන ගතානුගතික කියමන බොරු කරපු, සාකල්‍යය දැක්මක් තිබූ උගතෙක් සහ බුද්ධිමතෙක් විධියට ආචාර්ය පී.ඊ.පී. දැරණියගල මහතා අවිවාදයෙන් හැඳින්විය හැකියි. ඔහුගෙන් මානව විද්‍යා ක්ෂේත්‍රයට ඉටු වූ සේවයට ගෞරවයක් වශයෙන් 1960 දී විද්‍යෝදය විශ්වවිද්‍යාලය ඔහුට ගෞරව ආචාර්ය උපාධියක් ද පිරිනමනවා. ඒ එතුමාට විදේශවලින් ලැබුණු පිළිගැනීම් සහ ඇගයීම්වලට අතිරේකවයි.

බලංගොඩ මිනිසාට ජීවය දුන් සහ දිවයිනේ වැසී තිබූ පරිච්ජේද ගණනාවක් විවෘත කර, ඒවා තම කැපවීමෙන් හැඩකළ මේ විශිෂ්ට ශ්‍රී ලාංකිකයා 1976 දී තම දිවි සැරිය නිමා කරනවා. ආචාර්ය කැලුම් මනමේන්ද්‍ර ආරච්චි, මෙතුමා විසිවැනි සියවසේ ලංකාවේ පහළ වූ මහා විද්වතෙක් විදිහට හඳුන්වලා තියෙන්නේ ඔහු පුළුල් පාරාසයක සිදු කළ කැපවීම නිසාමයි.

මම ඔබට ආරාධනා කරනවා මේ විශිෂ්ට ලාංකිකයා ගැන ඔබේ අවබෝධය තවත් වැඩි කරගන්න කියලා. එවිට ඔබට තේරුම් යාවි සැබෑ උගතුන් සහ ශ්‍රේෂ්ඨයන් කියන්නේ හුදු උපාධි හෝ සිවිල් නාම දරන්නන්ට ඔබ්බෙන් වූ සුවිශේෂ චරිත වන වග. සැබැවින්ම අපේ රටට අවැසි වන්නේ එවන් මිනිසුන් බව වර්තමානයේ අප අත්විදින අර්ථ ශූන්‍යය අවකාශයන් විමසීමෙන් තේරුම් යනවා.

මේ ලිපිය සැකසීමේ දී මා මූලාශ්‍ර ලෙස ඇසුරු කළ චන්දිම අඹන්වල, කුසුම්සිරි විජේවර්ධන සහ ආචාර්ය කැලුම් මනමේන්ද්‍ර ආරච්චි මහත්වරුන්ගේ ප්‍රකාශිත ලිපිවලට සහ දේශනවලට ස්තුතිවන්ත වෙමි.

මංජුල කරුණාරත්න
සංරක්ෂණ භූගෝල විද්‍යාව පිළිබඳ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය,
රුහුණ විශ්වවිද්‍යාලය.

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ලන්ඩනයේදී ගුවන් යානයක් කඩා වැටේ

July 14, 2025

අහමදාබාද් ගුවන් අනතුර ඉන්ධන වසා දැමුවේ කපිතාන් සුමිත්ද?

July 14, 2025

හිටපු ඇමැතිගේ මිනීමැරුම යළි එළියට

July 16, 2025

සාපෙළ විෂයන් 07කට සීමා කෙරේ

July 15, 2025

රවි කටකයට

July 13, 2025
Related News
අතිරේක විශේෂාංග

ජනශ්‍රැතියෙන් තොර සාහිත්‍යයක් ගැන කතා කරන්න බෑ – ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ සමාජ අධ්‍යයන අංශයේ මහාචාර්ය මධුභාෂිණී හේවගේ

අතිරේක විශේෂාංග

සරසවි කවි සරණිය

අතිරේක විශේෂාංග

ගවයන් සඟවා තබන මංගර දෙවියෝ

අතිරේක විශේෂාංග

බුද්ධදාස රජතුමාගේ කෝන්ගස්මංකඩ රෝහල සහ ගජමදාරා දිවතුරු වෘක්ෂය

අතිරේක විශේෂාංග

පොලොන්නරුව යුගයේ සිංහල සාහිත්‍යයට බලපෑ සංස්කෘත ආභාසය

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok