Thursday, 17 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: සෙනසුරු මාරුවයි ධනු ලග්නයයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Thursday, 17 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: සෙනසුරු මාරුවයි ධනු ලග්නයයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
Ad imageAd image
අතිරේකනැකත

සෙනසුරු මාරුවයි ධනු ලග්නයයි

June 29, 2025
250 Views

ඉහළ ආකාශයේ බබළන ග්‍රහ වස්තු හෙවත් ග්‍රහ තාරකාවල බලය පෘථිවියට හා මෙහි ජීවත්වන ජීවීන්ට යම් යම් ආකාරයට බලපානු ලබති.

  • මෙම ග්‍රහයන්ගේ බලපෑම කොයි ආකාරයකට සිද්ධ වෙයිද කියලා ඔබට හිතාගන්නවත් බැහැ නේද?

රවි, සඳු, කුජ, ගුරු, සිකුරු, බුධ, සෙනසුරු සහ රාහු කේතු යන ග්‍රහයන් 09 දෙනාගේ බලපෑම අපට යම් යම් ආකාරයට බලපානු ලබනවා.

අපේ සිත්වලටත් මේ පිළිබඳව තදින්ම දැනෙන බව කිව යුතුව ඇත. ඒ වගේම අනිත් සියලුම ග්‍රහයන්ගේ බලපෑමට වඩා අපට තදින්ම දැනෙන්නේ මේ සෙනසුරු ග්‍රහයාගේ බලපෑමයි. මේ සෙනසුරු හෙවත් ශනි කියන ග්‍රහයා හැමවිටම අපට විපත් පමුණුවනු ලබන ග්‍රහයෙක් ලෙස බොහෝ දෙනෙක් විශ්වාස කරනු ලබනවා. මේ සෙනසුරුගේ ගෝචර ගමන ගැන හැමෝම දැඩි සැලකිල්ලක් යොමු කරන බව නම් පැහැදිලි කරුණක්.

  • 2025 වසරේ මාර්තු මස 29 වැනි දින සෙනසුරු හෙවත් ශනි ග්‍රහයා කුම්භ රාශියේ වසර දෙක හමාරක ගමන අවසන් කර මීන රාශියට පිවිසීමත් සමග බොහෝ දෙනකුගේ කුතුහලයක් වී තිබෙනවා තමන්ට මොන ආකාරයට මෙම ග්‍රහයාගේ බලපෑමක් තිබෙනවද කියලා දැනගැනීමට.
  • විශ්ව කේන්ද්‍රයේ 09 වන රාශිය වන ධනු රාශියට මේ සෙනසුරු හෙවත් ශනි ග්‍රහයා කුමන ආකාරයකට බලපායිද කියල අපි බලමු.
  • ධනු ලග්න හිමියන්ගේ 04 වැන්න මීන රාශියයි.

මෙම 04 වැන්න කියන්නේ ගෘහස්ථානය, මාතෘස්ථානය හෙවත් සුඛස්ථානයයි. මෙමගින් මව්පියන්ගෙන් ලැබෙන දේපළ , යාන වාහන, ඉඩකඩම්, ගෙවල් දොරවල්, මව සහ මවගේ නෑදෑයන් ගැනත් දැනගත හැකි වෙනවා.

  • මේ ආකාරයට ධනු ලග්න හිමි ඔබට ඔබගේ 04 වන භාවයට මෙම සෙනසුරුගේ ගෝචර ගමන බලපාන ආකාරය අපි විමසා බලමු.

ධනු ලග්න හිමි ඔබගේ 02 වැන්න සහ 03 වැන්න අයත් වන්නේ සෙනසුරු ග්‍රහයාටය.

මේ 02 වැන්න කියන්නේ ධනස්ථානය, කුටුම්බස්ථානය, ආදී නම්වලින් හැඳින්වෙන වැදගත් ස්ථානයකි. ඒ වගේම වාග් චාතුර්ය, ඇස් පෙනීම, පුරුෂයන්ගේ දකුණු ඇස, ස්ත්‍රීන්ගේ වම් ඇස, තම දියුණුව හා පිරිහීම, විවාහයෙන් පසු ගතවන කාලය සම්බන්ධ විස්තර, ගෘහ ජීවිතය හා මරණය ආදිය ගැනත් 02 වැන්නෙන් බැලිය හැකි වෙනවා.

ශරීරයේ ප්‍රධාන ස්ථාන වන මුහුණ, කට, බෙල්ල ආදිය පිළිබඳව ද විමසනුයේ 02 වැනි භාවයෙනි.

  • ධනු ලග්න හිමි ඔබගේ 03 වැන්න කියන්නේ සහෝදරස්ථානය, වික්‍රමස්ථානය ගැන කියැවෙන විශේෂ ස්ථානයක් වන අතර, බාල සහෝදරයෝ සහෝදරියෝ ගැනත්, පිය පක්ෂයේ නෑදෑයෝ

ගැනත්, තමාගේ සහජ කුසලතා, වික්‍රමය,ධෛර්යය, ලිවීම, කියවීම ගැනත් කියවෙන ප්‍රබල ස්ථානයක්.

  • ඒ වගේම සුළු සුළු ගමන් බිමන් ආදිය සම්බන්ධ තොරතුරු

ගැනත් ශරීරයේ බාහු දෙක සහ පපුවේ උඩ කොටස ද 03 වෙනි භාවයට අයිති ප්‍රධාන අවයව වෙයි.

මේ ආකාරයට බලනවිට ධනු ලග්න හිමියන්ගේ ධනස්ථානාධිපති හා වික්‍රමස්ථානාධිපති වන මෙම ශනි ග්‍රහයා සුඛස්ථානගතවීමක් ලෙස හඳුන්වන්න පුළුවන්.

  • මෙම ශනි ග්‍රහයා ධනු ලග්න හිමි ඔබගේ 04 වැන්නේ ගමන් කරන මේ කාලයේදී සුබ දෘෂ්ටි, සුබ සංයෝග සහිතව රාශියෙන් ද බලවත් වී සිටී නම් අලුත් බලාපොරොත්තුවලින් සිතේ ප්‍රීතියක් ඇතිවෙන කරුණු යෙදිය හැක.

ඒ වගේම තම දියුණුවට අදාළ වන කරුණු කිරීමට ද හැකි වේවි. තම වැඩිහිටියන්ගෙන් නිවාස, ඉඩකඩම්, දේපළ යාන වාහන වැනි දේවල් ලැබීමට ද බොහෝ ඉඩකඩ ඇත.

ඒ වගේම ඥාතීන් අතරත්, ඇසුරු කරන අය අතරත් ප්‍රධානත්වයක් ලැබීමට පුළුවන. තම සහෝදරයන් සමගත් නොවෙනස්ව කටයුතු කළ හැකි කාලයක් වනු ඇත. ගෙදර දොර කටයුතු ගැනත්, දේපළ ඉඩකඩම් ආදිය ගැනත් විශේෂ උනන්දුවක් ඇතිවන කාලයක් වෙයි.

  • මේ ආකාරයට ශනි ග්‍රහයා කෙනකුගේ ජන්ම පත්‍රයේ උච්චව, ස්වක්ෂේත්‍රව , බලවත්ව සිටී නම් ඉහත කී සුබ පලයන් ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වනු ඇත.

එසේ නොමැතිව ඔබගේ ජන්ම පත්‍රයේ ශනි ග්‍රහයා උපතින්ම නීචව, සතුරු ස්ථානගතව, පාප දෘෂ්ටි, පාප සංයෝග සහිතව පිහිටා ඇත්නම් ඉහත කී තත්ත්වය තරමක් දුරට වෙනස් වනු ඇත.

  • එසේ වුවහොත් තම දේපළ, ඉඩකඩම්, යානවාහනවලට යම්කිසි

ගැටලුකාරී තත්ත්ව පැන නඟිනු ඇත. ඒ වගේම තම පවුලේ මව් පාර්ශ්වයේ වැඩිහිටි අයකුට මාරක තත්ත්වයක්ද ඇතිවනු ඇත.

තම මවටද යම්කිසි අසනීප තත්ත්ව ඇති විය හැක.

ඒ වගේම තමාටද හෘදයාබාධ වැනි තත්ත්ව පහසුවෙන් වැලඳීමට ඉඩ ඇති නිසා ඒ ගැන ප්‍රවේසම් විය යුතුව ඇත. ඇතැම්විට නිශ්ඵල දේපළවලට නඩු හබ වැනි දේ ඇති වීමට පුළුවන. ස්ථාන මාරුවීම්, තනතුරුවලින් මාරුවීම් ද සිදුවිය හැක.

  • වෙළෙඳ ව්‍යාපාර කරන ඔබට ද මේ කාලයේ ඔබගේ ග්‍රහ පිහිටීමේ ස්වාභාවය අනුව පාඩු සිදුවිය හැකි කාලයකි.

හදිසියේ ඇතිවන අලාභ හානිද, සොර සතුරන්ගෙන් ඇතිවන පාඩුද මේ කාලයේදී සිදුවිය හැකියි.

  • ඒ වගේම ජල රාශියක් වන මීන රාශියේ මෙම ශනී ගමන් කරන කාලය තුළ තද වර්ෂාවට, ජල ගැලීම්වලට,චණ්ඩ මාරුතවලට හසුවීමෙන් තම ගෙවල් දොරවල් කැඩී විනාශ වී, වතුපිටි, ගොවිතැන් පාළු වී යෑමටද, තම ආදායම් තත්ත්වයද පිරිහීමට පත් වන්නටද පුළුවන.
  • අධ්‍යාපනය හදාරන දුවා දරුවන්ට ද මේ කාලය තුළ ඉගෙනීමේ කටයුතුවලින් තරමක් පහළ බැසීමක් සිදුවිය හැකි බැවින් මහන්සි වී තම පාඩම් වැඩ කටයුතු කළ යුතුව ඇත.
  • ඒ වගේම රාහු, කේතු, රවි යන ග්‍රහයන් සංයෝග වී හෝ ඔවුන්ගේ දෘෂ්ටියට ලක්වීමෙන් හෝ අයහපත් භාවය වැඩි කරයි. මේ කාලය තුළ හය , අට , දොළහ අධිපතින්ගේ මහ දශා, අතුරුදශා, පවතී නම් වඩාත් අයහපත් වනු ඇත.

ඒ වගේම සුබ ග්‍රහයන්ගේ මහ දශා, අන්තර් දශා ගත කරන කෙනෙක් නම් ඔබට මේ කාලය වඩාත් යහපත් වනු ඇත.

  • කෙසේ වෙතත් මෙම සෙනසුරු ග්‍රහයා අපව පාපයෙන් මුදාගෙන ආගම දහමට අපව යොමු කරන ග්‍රහයෙක්ද වෙනවා.

අපි පව් කරනකොට දඬුවමකට පාත්‍ර කොට ආගම ධර්මය කරා අපව ඇද බැඳ තබා ගැනීමට සෙනසුරු උත්සාහ කරයි.

  • සෙනසුරුගෙන් සිදුවන මේ යම් යම් අසුබකාරී තත්ත්වයන් මඟහරවා ගැනීමට සෙනසුරාදා දින 07 ක් හෝ 14ක් හෝ 21ක් බෝධි පූජා පැවැත්වීම ඉතා යෝග්‍ය වේ.
  • ගිතෙල් මිශ්‍ර කිරිබතක්, අලුයම් කාලයේ පිළියෙල කොට කපුටන්ට ලබා දීම ද ඉතා මහඟු පුණ්‍යකර්මයක් වෙනවා.
  • විෂ්ණු , කතරගම දෙවියන්ට පුද පූජා පැවැත්වීම, බාරහාර වීම, නිවැරදිව සෙත්කවි සාදවා කීම තුළින්ද මෙම අපලකාරී තත්ත්වයන් මඟහරවා ගැනීමට ඔබට හැකිවනු ඇත.

ඉහත සඳහන් වත් පිළිවෙත් ඉටුකරමින් යුක්ති ධර්මයට අනුකූලව ජීවත් වීමෙන් යහපත් වාතාවරණයක් ඇති කරගෙන සතුටින් ජීවත් විය හැකි වෙනවා.

  • ධනු ලග්නය හිමි ඔබට තිබෙන සියලු ග්‍රහ අපල දුරුවී නිදුක් නීරෝගීව සිටීමට සුදුසු වාතාවරණයක් ගොඩනැඟේවායි ප්‍රාර්ථනා කරනවා!

තෙරුවන් සරණයි!

ජ්‍යොතිෂ සහ වාස්තුවේදිනි
ජ්‍යොතිෂ්විද්‍යා කීර්ති ශ්‍රී විභූෂණ,
ජ්‍යොතිෂ විද්‍යා ශිරෝමණී,
ආචාර්ය මනෝරී ලෙවන්ගම
”ශ්‍රි ලක්ෂ්මී” ජ්‍යොතිෂ පර්යේෂණ ආයතනය,
බණ්ඩාරවත්ත ගම්පහ.
0718213150 -0705038978

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ලන්ඩනයේදී ගුවන් යානයක් කඩා වැටේ

July 14, 2025

අහමදාබාද් ගුවන් අනතුර ඉන්ධන වසා දැමුවේ කපිතාන් සුමිත්ද?

July 14, 2025

හිටපු ඇමැතිගේ මිනීමැරුම යළි එළියට

July 16, 2025

රවි කටකයට

July 13, 2025

සාපෙළ විෂයන් 07කට සීමා කෙරේ

July 15, 2025
Related News
අතිරේක විශේෂාංග

ජනශ්‍රැතියෙන් තොර සාහිත්‍යයක් ගැන කතා කරන්න බෑ – ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ සමාජ අධ්‍යයන අංශයේ මහාචාර්ය මධුභාෂිණී හේවගේ

අතිරේක විශේෂාංග

සරසවි කවි සරණිය

අතිරේක විශේෂාංග

ගවයන් සඟවා තබන මංගර දෙවියෝ

අතිරේක විශේෂාංග

බුද්ධදාස රජතුමාගේ කෝන්ගස්මංකඩ රෝහල සහ ගජමදාරා දිවතුරු වෘක්ෂය

අතිරේක විශේෂාංග

පොලොන්නරුව යුගයේ සිංහල සාහිත්‍යයට බලපෑ සංස්කෘත ආභාසය

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok