විවාහ වීමට පෙර තරුණයකුට හෝ තරුණියකට අනාගත තම සහකාරිය හෝ සහකරු පිළිබඳව දහසකුත් එකක් සිහින මැවෙනු ඇත. මංගල යෝජනා ඉදිරිපත් වුවත් විවිධ හේතූන් නිසා වෙනස් වෙන අවස්ථා එමටය. තම දුවට හෝ පුතාට සුදුසු සහකාරයෙක් හෝ සහකාරියක් සොයාදීම ඇතැම් දෙමව්පියන්ට කොතරම් දුෂ්කර ප්‍රශ්නයක්ද?
අප මෙහිදී සැලකිල්ලට සිත යොමු කරනුයේ එක් අයකුගේ කේන්දරය පමණක් බලා ඔහුට හෝ ඇයට දෛවයෙන් හිමි සහකාරිය හෝ සහකරු තෝරා දැන හැඳිනගත හැකි ක්‍රමයයි. ඔබේ ලග්නය කුමක් වුවත් එම ලග්නයෙන් හත්වැනි භාවය විවාහය පිළිබඳ තොරතුරු හෙළි කරයි. සහකරුගේ හෝ සහකාරියගේ තොරතුරු පරීක්ෂා කළ යුත්තේ හත්වැන්නේ සිටය. සඳුගෙන් හත්වැන්න හා සිකුරුගෙන් හත්වැන්න ද විවාහයට බලපාන නමුත් තම සහකරුගේ හෝ සහකාරියගේ තොරතුරු පරීක්ෂා කළ යුත්තේ තම කේන්දරයේ හත්වැන්න පරීක්ෂා කර බැලීමේදී ය. හත්වැන්න තම පෙම්වතාගේ හෝ පෙම්වතියගේ ලග්න ස්ථානයයි. ඔහුගේ හෝ ඇයගේ ශරීරයේ ස්වරූපය, පෞරුෂය හා අඟපසඟ ගැන හත්වැන්නෙන් බැලිය යුතුයි. ඔහුගේ හෝ ඇයගේ ගති ගුණ හා උසස් පහත් බව චපල හෝ ඍජු ගති ආදී කරුණු ද හත්වැන්නෙන් පරීක්ෂා කළ යුතුය. හත්වැන්නේ සඳු, සිකුරු ආදී සෞම්‍ය ග්‍රහයන් ආදියත් සුබ දෘෂ්ටි ආදියත් යහපත්ව සිටීමෙන් ලස්සන ප්‍රියංකර පෙනුමෙන් යුතු ස්වාමියෙක් හෝ භාර්යාවක් ලබන බවත් කුජ, ශනි ආදී කරදරකාරී ග්‍රහයෙක් සිටීමෙන් ඔහුගේ හෝ ඇයගේ ස්වරූපය හා ගතිගුණ ඊට සමානව සැලකිය යුතු බවත් තේරුම්ගත යුතුය. විසි දෙවැනි දෙර්කාණාධිපතියා වී හත්වැන්නේ කිසිම ග්‍රහයෙක් සිටීම හෝ හත් වැන්නාධිපතියාට විසිදෙවැනි දෙර්කාණාධිපතියාගේ අයිතිය තිබීම හෝ යහපත් නොවේ. එසේ වූ විට විවාහය සම්බන්ධයෙන් විවිධ ප්‍රශ්න ඇති කරන බැවිනි.
එක් මවක් තම දියණියගේ විවාහය ගැන කියා සිටියේ, කොතරම් යෝජනා පැමිණියත් එකක්වත් සාර්ථක නොවන බවය. මම එම දියණියගේ ග්‍රහ දෝෂයට ගැළපෙන යන්ත්‍රයක් සාදා දී තව ද සෙත් කවි දෙකක් ද ලියවා දින හතක් බෝධීන් වහන්සේ ළඟ එම සෙත් කවි මව විසින් කිය යුතු බවට උපදෙස් දුනිමි. එම මව එම සෙත් කවි දෙක තමාගේ ගමේ පන්සලේ දී නොකියවා අල්ලපු ගමේ පන්සලට ගොස් කියෙව්වා ය. එම පන්සලේ හාමුදුරුවන් පවසා ඇත්තේ උපාසක අම්මේ අපේ ලොකු හාමුදුරුවෝ සෙත් කවි කියෙව්වට අපටත් පුළුවන් උපාසක අම්මට උදව්වක් වශයෙන් ඔය සෙත් කවි කියවා දීමට. නමුත් එම උපාසක අම්මා හාමුදුරුවන්ට කියා ඇත්තේ මෙම සෙත් කවි සාදා දුන් මහතා ඒවා තමාට කියැවීමට කියපු බවය.
එක් දිනක් හාමුදුරු නමක් කැපකරුවෙක් සමග මා හමුවීමට පැමිණියේය. උන්වහන්සේ ළඟ ඉතා හොඳ රඹුටන් තොගයක් ද රැගෙන ආ අතර මල්වානේ පන්සලක වැඩසිටින බව කීවේය.
අපේ ගමට අල්ලපු ගමේ උපාසක අම්මා කෙනකුට මහත්මයාගෙන් සෙත් කවි දෙකක් හදලා දීලා තියෙනවා. ඒ උපාසක අම්මාමයි ඒ සෙත් කවි දෙක කියෙව්වේ. ඉතා ඉක්මනින් ඒ උපාසක අම්මා මගේ දුවට හොඳ විවාහයක් හරි ගියා. ඒ නිසා ඒ උපාසක අම්මා පන්සලට ගෙන්නලා ඇයට සෙත් කවි සාදා දුන් මහත්මයාගේ ලිපිනය අසාගෙන මෙසේ පැමිණි බවය.
උන්වහන්සේ උදේ වරුවේ පැමිණි නිසා පලාපල කියා දහවල් දානය ද පිළිගන්වා පිටත් කළෙමි. හත්වැන්නෙන් දෙවැන්න අට වැන්නය. ඔහුගේ හෝ ඇයගේ ධනය පිළිබඳව තම කේන්දරයේ අට වැන්න හා පස්වැන්න පරීක්ෂා කර බලන්න. නව වැන්නෙන් බාල සහෝදර සහෝදරියන් ගැන ද තොරතුරු පරීක්ෂා කළ හැකිය. අපි දැන් දසවැනි භාවය පරීක්ෂා කර බලමු. දසවැන්න සහකරුගේ හෝ සහකාරියගේ හෝ ගේ දොර ඉඩකඩම්, යාන වාහන හා සිත පිළිබඳව හා මව පිළිබඳව ද තොරතුරු පරීක්‍ෂා කර ගැනීමට උපයෝගී කරගත හැකිය. ඔහුට හෝ ඇයට දෙමව්පියන්ගෙන් ලැබෙන දේපළ ඉඩම් හා ගෙදර ස්වරූපය, මව සහ මවගේ ගති ගුණ, මව්බස ඥාතීන්ගේ තොරතුරු ද පරීක්ෂා කළ යුත්තේ ද දසවැන්නෙන. සෙත් කවිය මවටම කියවන්න කීවේ ඒ නිසාවෙනි. තම ස්වභාවය ආදී කරුණු ද දස වැන්නේම බැලිය යුතුය. මෙසේ තම කේන්දරය බලා තමාට ලැබෙන සහකරුගේ හෝ සහකාරියගේ සියලු විස්තර ද දැනගත හැකි වුවත් තවද තමාගේ විවාහය කවදා කෙසේ සිදුවේදැයි බැලිය යුත්තේ තම කේන්දරයේ දශාවන්ට හා ග්‍රහ ගෝචර තත්ත්වය සලකා බැලීමෙනි. එසේ විවාහයට බාධක කරුණු ග්‍රහචාරයක් ඇත්නම් උගත් ජ්‍යොතිෂ්‍ය ශාස්ත්‍රඥයකුගේ උපදෙස් පරිදි ක්‍රියා කළ යුතුය. ගෝචර වශයෙන් ගුරු කටකයේ උච්ච වන කාලවලදී බොහෝ තරුණ තරුණියන්ගේ විවාහ කටයුතු සාර්ථක වනු ඇත.
ස්වස්ති සිද්ධම්!

ජේ.ඒ.ඇස්. සහන් ජයකොඩි,
ජයකොඩි ජ්‍යොතිෂ්‍ය සේවය,
රද්දොළුගම.
දුරකථන 0114262367/076011960.