ඉඩමක් මිලයට ගත් පසුව පසුදිනම ඉඩමට හිතුවක්කාර විදියට පැමිණීම, පිටස්තර අය කැඳවාගෙන ඒමට පෙර ඔබ කළ යුතු වන්නේ ශුභ හෝරාවක ශුභ දිශාවකින් ඉඩමට ඇතුල්වීම හෙවත් ප්‍රවේශවීමයි. ඉඩමකට ප්‍රවේශ විය හැකි ස්ථාන කීපයක් තිබුණත් ඉඩමට විශ්ව ශක්තිය ලැබෙන පිළිවෙළට ප්‍රවේශවීම සිදුකළ යුතුයි. එනම් තමා මිලයට ගත් ඉඩමට ප්‍රථම වරට පැමිණීමේදී එලෙස විශ්වශක්තිය ඇදී එන දිශාවන් වන්නේ ඊශාන හෝ නිරිත දිශාවයි. මෙම දිශා 02න් පහසු දිශාව තෝරාගෙන ශුභ දිනයකදී එනම් ඉරිදා හෝ අඟහරුවාදා නැතිව රාහු කාලය අතහැර ඉඩමට ප්‍රවේශවීම කළ යුතුයි.

මෙයට ශත වර්ෂ ගණනකට ඉහතදී මෙරට ජනගහනය සීමිත ප්‍රමාණයක් වූ අතර එයට සාපේක්ෂව භූමියේ ඉඩකඩ අසීමිත විය. නමුත් දිනෙන් දින ජනගහනය ඉහළ ගිය ද භූමියේ ඉඩ ප්‍රමාණයන් නම් ඉහළ ගියේ නැත. ගංගා, ඇළ දොළ පරිසර දූෂණයන් සමග භූමි ප්‍රමාණයන් අඩුවීමක් සිදුවීම හැරුන කොට වැඩිවීමක් නොමැත. එදා ගමේ ඉහළ ධනවතුන් යැයි කියන උදවිය පවා තම භූමි ප්‍රමාණයන් වැඩිකර ගත්තේ භූමියේ කොටස් ඒවායේ හිමිකරුවන්ගෙන් මිලයට ලබාගෙනය. මිලයට කීවාට ඒවාට නිසි මූල්‍යමය වටිනාකමක් නොගෙවූ බවට කතා පවතී. බත් පිඟානට, ආප්ප වට්ටියට, හිතවත්කමට ඉඩම්වල අයිතිය පවරා තිබෙනවා. එයට හේතුව වී තිබුණේ භූමියේ පැවැති අසීමිත ඉඩකඩ නිසා වැඩි මූල්‍ය වටිනාකමක් නොපැවතීමය. නමුත් කාලයෙන් කාලයට පවුල් ඒකකයට අයත්ව තිබූ අක්කර 05ක පමණ භූමිය දෙමාපියන් විසින් පවුලේ දරුවන් අතර බෙදීම තුළින් පවුලක 05 දෙනකු සිටියා නම් ඔහුට අයිති වුණේ අක්කරයක භූමි ප්‍රමාණයකි. එම අක්කරයේ හිමිකරු පසුකාලයකදී විවාහ වී දරුවන් ලැබ තම දරුවන් අතර බෙදාදුන්නේ තමන්ට පිය උරුමයෙන් ලද එම භූමි කොටසයි. එය දරුවන් හතරදෙනෙකු අතර බෙදීගියේ නම් දරුවකුට හිමි වුණේ අක්කරයකින් කාලක් පමණි. මෙලෙසින් බෙදී ගිය ඉඩම් ප්‍රමාණය වර්තමානය වනවිට පර්චස් ගණනකට සීමාවී ඉඩම්වල මිල ගණන් පර්චස් ප්‍රමාණය අනුව තීරණය වී ඇති අතර සාමාන්‍ය රැකියාවක් කරන අයකුට තමන්ටම කියා පර්චස් 05ක 06ක පොඩි ඉඩම් ප්‍රමාණයක් මිලයට ගැනීම හිතන තරම් පහසු නොමැත. වසර ගණනාවක් තුළ කීයක් හෝ ඉතිරි කරගෙන, තවත් මුදලක් ණයට අරගෙන ඉඩම් කැබැල්ලක් මිලයට ගන්නේ තමන්ටම කියා නිවසක් ඉදිකරගෙන තම පවුලේ උදවිය සමග සතුටින් ජීවත්වීම උදෙසාය. නමුත් එලෙස මිලයට ගත් ඉඩම්වල නිවසක් ඉදිකරගෙන ජීවිතය ගොඩදාගත් අය සිටින අතර තවත් සමහරු ඉඩම් කොටසක් මිලයට ගෙන නිවසක් ඉදිකරගැනීමට නොහැකිව ළතවෙමින් ද තවත් සමහර අය ඉදිකළ නිවසේ වැඩ අවසන් කර ගැනීමට නොහැකිව ද තවත් අය ඉඩමේ නිවසක් ඉදිකර පදිංචි වුවද නන්නත්තාර වී එදා වේල සොයාගැනීමට නොහැකිව ද සිටී. මෙයට බලපාන හේතූන් කොපමණ පැවතිය ද වාස්තු විද්‍යානුකූලව බලපාන හේතුව නම් තමන් මිලයට ගත් භූමි කොටස තමන්ට වගතුවක් නැතිකම හා තමන්ට නොගැළපීමයි. ඉඩමක් හෝ කුඩා භූමි කොටසක් වුවද එය මිලයට ගන්නේ තමන්ගේ ආර්ථික ශක්තිය මතයි. එම නිසා එය ලොකු ඉඩමක් පොඩි ඉඩමක් කියා වෙනසක් නොමැත.
මෙම මහපොළවේ පුංචිම කොටසක හෝ නීත්‍යානුකූල අයිතියක් හිමිකරගැනීමට හැකි නම් එය ද භාග්‍යයකි. නමුත් නීත්‍යනුකූල හිමිකාරිත්වය කඩදාසියක තිබූ පමණින් එය තමන්ගේම වන්නේ නැත. ඒ සඳහා ආධ්‍යාත්මික හිමිකාරිත්වය ද අවශ්‍ය වේ. මෙම ලිපියෙන් පෙන්වාදීමට අදහස් කරන්නේ මෙම මහ පොළවේ කුමන හෝ ප්‍රදේශයකින් තමන් නීත්‍යානුකූලව හිමිකාරිත්වය ලබාගත් භූමිය ආධ්‍යාත්මිකව තමන් සතු කරගන්නා ආකාරය පිළිබඳ පෙන්වා දීමටයි.
ඉඩමක් මිලයට ගත් පසුව පසුදිනම ඉඩමට හිතුවක්කාර විදියට පැමිණීම, පිටස්තර අය කැඳවාගෙන ඒමට පෙර ඔබ කළ යුතු වන්නේ ශුභ හෝරාවක ශුභ දිශාවකින් ඉඩමට ඇතුල්වීම හෙවත් ප්‍රවේශවීමයි. ඉඩමකට ප්‍රවේශ විය හැකි ස්ථාන කීපයක් තිබුණත් ඉඩමට විශ්ව ශක්තිය ලැබෙන පිළිවෙළට ප්‍රවේශවීම සිදුකළ යුතුයි. එනම් තමා මිලයට ගත් ඉඩමට ප්‍රථම වරට පැමිණීමේදී එලෙස විශ්වශක්තිය ඇදී එන දිශාවන් වන්නේ ඊශාන හෝ නිරිත දිශාවයි. මෙම දිශා 02න් පහසු දිශාව තෝරාගෙන ශුභ දිනයකදී එනම් ඉරිදා හෝ අඟහරුවාදා නැතිව රාහු කාලය අතහැර ඉඩමට ප්‍රවේශවීම කළ යුතුයි. මේ සඳහා පෙරවරු කාලය ශුභයි. ඉඩමකට ප්‍රථමයෙන් ඇතුල්වීම සිදුකළ යුතු වන්නේ ඉඩම මිලයට ගත් ගෘහ හිමියා විසිනි. ගෘහ හිමියා විසින් තමන්ගේ දකුණු පාදය ඉදිරියට ගෙන ප්‍රථමයෙන් භූමියේ පොළව ස්පර්ශ කළ යුතු අතර ඉන්පසුව බිරිඳ, දරුවන් එලෙස ඉඩමට ප්‍රවේශ විය යුතුයි.
මෙහිදී ඊශාන දිශාවම එම ඉඩමේ ප්‍රවේශය සඳහා තෝරාගත යුත්තේ ඊශාන දිශාවෙන් ඉඩමට විශ්වශක්තිය ගලාඑන හෙයිනි. ගෙදරක ගෘහමූලිකයා සතු දිශාව වන නිරිත දිශාව බලමින් ඊශාන විශ්වශක්තිය භූමියට ඇතුල්වන ලෙසින් මෙසේ ගෘහහිමියා ඇතුළු පවුලේ පිරිස ඇතුල්වීමේදී ගෘහ හිමියාගේ පයට පෑගෙන ස්ථානයෙන් පස් මිටක් ලබාගත යුතු අතර ඉඩම මිලට ගත් හිමිකරු අවිවාහක අයකු නම් සුදු රෙදි කැබැල්ලක් ද විවාහක අයකු නම් රතු රෙදි කැබැල්ලක් ද රැගෙන යායුතු අතර එම පස් කොටස එම රෙදි කැබැල්ලට දමාගත යුතුයි. ඉන් පසු ගෘහ හිමියා ඇතුළු පිරිස මෙම නව භූමියේ ගිනි කතුරට පැමිණ එම ස්ථානය කැලෑවී ඇති නම් පවිත්‍රකර පස් ටිකක් ලබාගැනීමට හැකි පරිදි සකසාගත යුතුයි. (සුළු කොටසක්) ඉන්පසුව කළයුතු කාර්යය නම් භූමි මහී කාන්තාවගෙන් අවසර හා ආශිර්වාද ලබාගැනීමයි. මෙහිදී ප්‍රථමයෙන් පෑගුන පස් ස්වල්පය භූමියේ ගිනිකතුර හෙවත් භූමියේ හරි මැදට දැමිය යුතුයි.
රූප සටහන බලන්න
භූමියේ බ්‍රහ්මපාදය මතට එම පස්දමා වාඩි වී දකුණු අතින් හත් වරක් එම පස් ටික දක්ෂිණා වෘතව ඉතාමත් භක්තියෙන් තමන් මෙම භූමියේ අනාගතයේ දිනයක නිවසක් ඉදිකරන බවත් ඒ සඳහා අවසරය හා ආශිර්වාදය ලබාදෙන ලෙස සිතමින් හත්වැනි වටය අවසන්වීමත් සමග අතින් එම ස්ථානයෙන් එක්වරම පස් මිටක් රැගෙන සුදු හෝ රතු රෙදි කඩට දමාගත යුතු අතර පස් දමාගත් පසුව එම රෙදි කඩට 03 වරක් ගැට 03ක් දමාගත යුතුයි. (එය පස් පොට්ටනියක් ආකාරයට සෑදීම)
ඉන්පසු මෙම පස් පොට්ටනිය අත මත තබාගෙන වම් අතින් වසාගෙන මෙම භූමියෙහි භූමි ඥාතින්ගෙන්, ගම්භාර දෙවියන්ගෙන්, එම ප්‍රදේශයට අරක් ගත් දෙවියන්ගෙන්, තමන්ගේ ඉෂ්ට දේවතාවන්ගෙන් ඊශාන දිශාව බලාගෙන අවසර ගත යුතුයි. මෙම මොහොතේ නිවසේ උදවිය සමගින් පංචශීලයේ පිහිටා පිරිත් සජ්ඣායනා කරමින් මොහොතක් භාවනාවේ යෙදෙමින් මෙම ප්‍රදේශය භාර දෙවියන්ට පින් අනුමෝදන් කරමින් මළගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරමින් ඉතා භක්තියෙන් පිරිසිදු සිතින් සියලුදෙනා (පවුලේ) සහභාගි කරවාගෙන මෙම කාර්යන් කළ යුතුය.
මෙසේ ආධ්‍යාත්මිකව කටයුතු කිරීමෙන් පසුව එම පස් පොට්ටනිය භූමියේ මුලු 04 තුළ තැබීම සිදුකර එදිනම එම පස් පොට්ටනිය රැගෙන ජලය ගසාගෙන යන ඇළකට හෝ ජලාශයකට බැස ඉඩමේ මුහුණත පවතින දිශාවට විරුද්ධ දිශාව බලා අර ජලය මතින් පස් පොට්ටනිය තබා එය දෙස ආපසු නොබලා පැමිණිය යුතු වනවා. මෙම පොට්ටනිය තබන අවස්ථාවේ සිතින් සිතාගන්න අවශ්‍යයි මෙම භූමියේ පවතින සියලුම දෝෂයන් මෙම ජලය සමග ගසාගෙන යත්වා. භූමියට යහපතක් ආශිර්වාදයක් වේවා කියා ප්‍රාර්ථනා කිරීම කළ යුතු වනවා. මෙය වාස්තු පූජාවක් වේ. මේ තුළ භූමිය නිසිලෙස සීහුම්වීම සිදුවන අතර විශ්වශක්තිය බලවත් වනවා. ඉක්මනින් භූමියේ නිවසක් ඉදිකර ගැනීමට හැකි වෙනවා. නිවසක් සාදා බහිරව පූජාවක් දෙන තුරු මෙය භූමියට ආශිර්වාදයක් වෙනවා.

දේශබන්ධු, දේශමාන්‍ය, විශ්වශක්ති
වාස්තු විද්‍යා විශාරද,
ඩබ්. කේ. ඒ. එම්. චන්ද්‍රසිරි,
සෙන්දිරියාමුල්ල – සඳලංකාව.
077 785 6649.