Monday, 14 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: සෙනසුරු මාරුවයි වෘශ්චික ලග්නයයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Monday, 14 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: සෙනසුරු මාරුවයි වෘශ්චික ලග්නයයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
අතිරේකනැකත

සෙනසුරු මාරුවයි වෘශ්චික ලග්නයයි

June 22, 2025
106 Views

ඈත ආකාශයේ බබලන ග්‍රහ වස්තු හෙවත් ග්‍රහ තාරකාවල බලය අප ජීවත් වන පෘථිවියට හා මෙහි ජීවත්වන මිනිසුන්ට යම් යම් ආකාරයට බලපෑම් එල්ල කරයි.

මෙම ග්‍රහයන්ගේ බලපෑම කොයි ආකාරයකට සිද්ධ වෙයිද කියලා ඔබට හිතාගන්නවත් බැහැ නේද?

රවි, සඳු, කුජ, ගුරු, සිකුරු, බුධ, සෙනසුරු සහ රාහු, කේතු යන 9 ග්‍රහයන්ගේ බලපෑම අපට යම් යම් ආකාරයට බලපානු ලබනවා. අපේ සිත්වලටත් මේ පිළිබඳව තදින්ම දැනෙන බව කිව යුතුව ඇත. අන් සියලුම ග්‍රහයන්ගේ බලපෑමට වඩා අපට තදින්ම දැනෙන්නේ සෙනසුරු ග්‍රහයාගේ බලපෑමයි.

මේ සෙනසුරු හෙවත් ශනී කියන ග්‍රහයා හැම විටම අපට විපත් පමුණුවනු ලබන ග්‍රහයෙක් ලෙස බොහෝ දෙනෙක් විශ්වාස කරනු ලබනවා.

එම නිසා මේ සෙනසුරුගේ ගෝචර ගමන ගැන හැමෝම දැඩි සැලකිල්ලක් යොමු කරනු ලබන බව නම් පැහැදිලි කරුණකි.

2025 වසරේ මාර්තු 29 වන දින සෙනසුරු හෙවත් ශනී ග්‍රහයා කුම්භ රාශියේ වසර දෙක හමාරක කාලයක ගමන අවසන් කර මීන රාශියට පිවිසියා. මේ පිවිසීමත් සමඟ බොහෝ දෙනෙකුගේ කුතුහලයක් වී තිබෙනවා තමන්ට මොන ආකාරයට මේ ග්‍රහයාගේ බලපෑමක් තිබෙයිද කියලා දැන ගැනීමට.

විශ්ව කේන්ද්‍රයේ 08 වන රාශිය වන වෘශ්චික රාශියට මෙම සෙනසුරු හෙවත් ශනී ග්‍රහයා මොන ආකාරයට බලපායි ද කියලා අපි බලමු.

වෘශ්චික ලග්න හිමියන්ගේ 05 වැන්න මීන රාශියයි. මෙම 05 වැන්න කියන්නේ පුත්‍රස්ථානය හෙවත් බුද්ධිස්ථානයයි. මේ මගින් දරුවන් ගැන ද, දරුවන්ගේ තත්ත්වය ගැන ද, අධ්‍යාපන කටයුතු ගැන ද, ප්‍රේමය, ප්‍රේමවන්තිය හෝ ප්‍රේමවන්තයා ගැන ද, වාසනාව අවාසනාව ගැන ද, පෙර ආත්මය ආදිය ගැන ද දැනගත හැකි වෙනවා.

මේ ආකාරයට වෘශ්චික ලග්න හිමි ඔබගේ 05 වන භාවයට මේ සෙනසුරුගේ ගෝචර ගමන බල බලපාන ආකාරය ගැන විමසා බලමු.

වෘශ්චික ලග්න හිමි ඔබගේ 03 වැන්න හා 04 වැන්න අයත් වන්නේ සෙනසුරුටය.

මේ 03 වැන්න කියන්නේ සහෝදරස්ථානය, වික්‍රමස්ථානය ගැන කියැවෙන විශේෂ ස්ථානයක් වන අතර බාල සහෝදරයෝ සහෝදරියෝ ගැනත් පිය පක්ෂයේ නෑදෑයෝ ගැනත්, තමාගේ සහජ කුසලතා, වික්‍රමය, ධෛර්යය, ලිවීම, කියවීම ගැනත් කියවෙන ස්ථානයක්.

ඒ වගේම සුළු ගමන් බිමන් ආදිය සම්බන්ධ තොරතුරු ගැනත්, ශරීරයේ බාහු දෙක සහ පපුවේ උඩ කොටස ද 03 වෙනි භාවයට අයිති ප්‍රධාන දේවල් වෙනවා.

වෘශ්චික ලග්න හිමි ඔබගේ 04 වැන්න කියන්නේ ගෘහස්ථානය, මාතෘස්ථානය හෙවත් සුඛස්ථානයයි. මේ මගින් මවුපියන්ගෙන් ලැබෙන දේපළ, යානවාහන ඉඩකඩම්, ගෙවල් දොරවල්, මව, මවගේ නෑදෑයන් ගැනත් පැවසෙනවා.

මේ ආකාරයට බලන කල වෘශ්චික ලග්න හිමියන්ගේ වික්‍රමස්ථානාධිපති හා සුඛස්ථානාධිපති වන මෙම සෙනසුරු ග්‍රහයා පුත්‍රස්ථාන ගතවීමක් ලෙස දකින්නට පුළුවන්.

මෙම සෙනසුරු ග්‍රහයා වෘශ්චික ලග්න හිමි ඔබගේ 05 වැන්නේ ගමන් කරන මේ කාලයේදී සිතට තරමක කනගාටුදායක කාලයක් වෙයි.

තම බලාපොරොත්තු, ඒ වගේම තමා කරගෙන ආ වැඩ කටයුතුවල යම් යම් බාධාකාරී තත්ත්වයක් මතුවීමට ඉඩ ඇත. සුළු සුළු ආරවුල් ලොකු එකක් දක්වා වර්ධනය වීමට හැකි බැවින් කිසිම අනවශ්‍ය දේකට මැදිහත් නොවී සිටීමට වග බලා ගත යුතු වන්නේය. තමාගේ සිත පාලනය කර ගත නොහැකිව ඉක්මන් වීමෙන් හා ක්ෂණික හදිසි තීරණ ගැනීමෙන් අමාරුවේ වැටීමට තිබෙන ඉඩකඩ බොහෝ වැඩිය. සුළු වරද නිසා ලොකු දඬුවම් ලැබෙන කාලයකි. තමාගේ හෝ තම පවුලේ අයෙකුට අසනීපවීම්, කරදරවීම් සිදුවිය හැකි කාලයකි.

අධිකව මුදල් වියදම් වෙන කාලයකි. කිසිම පලක් ප්‍රයෝජනයක් නැතිව නිකරුණේ තැන් තැන්වල ඇවිදීමට යෑමට සිදුවනු ඇත. තමා ආරම්භ කරන ලද වැඩ පිළිවෙළ ඉදිරියට ගෙන යෑමේදී යම් යම් බාධාකාරී තත්ත්ව පැන නැගීමට ඉඩ ඇත. ඒ සඳහා මේ කාලයේදී තද ලෙස උත්සාහ කර, මහන්සි වී , ඥාණාන්විතව ක්‍රියා කළ යුතුව ඇත.

ඒ වගේම සෙනසුරු ග්‍රහයා 05 වැන්නේ ගමන් කරන මේ කාලයේ ඔබගේ ජන්ම පත්‍රයේ චන්ද්‍රයාත් 05 වැන්නේ සිටී නම් මේ කාලය ඔබට ජන්ම ඒරාෂ්ටක කාලයක් වනු ඇත. එසේත් නොවේ නම් ඔබගේ ජන්ම පත්‍රයේ චන්ද්‍රයාගෙන් 08 වැන්නේ සෙනසුරු ගමන් කරයි නම් ඔබට මේ කාලයේ ජන්ම අෂ්ටම ඒරාෂ්ටකයක් පළ දෙනු ඇත. මෙම ඒරාෂ්ටක තත්ත්වය වසර දෙකහමාරක් පවතිනු ඇත.

ඒ වගේම ඔබ සෙනසුරුගේ මහ දශාවක්, අතුරු දශාවක් හෝ විදසාවක් ගත කරන අයෙක් නම් මෙම තත්ත්වය වඩාත් අසුබකාරී වනු ඇත.

තවද කුජ, රාහු, කේතු, රවි යන ග්‍රහයන් සංයෝග වී හෝ ඔවුන්ගේ දෘෂ්ටියට ලක්වීමෙන් හෝ අයහපත් භාවය වැඩි කරනු ඇත.

මේ කාලය තුළ 06/08/12 අධිපතියන්ගේ මහ දශා, අන්තර් දශා පවතී නම් මෙම තත්ත්වය වඩාත් අයහපත් වනු ඇත.

නමුත් මෙම සෙනසුරු ග්‍රහයා උච්චව හෝ ස්වක්ෂේත්‍රව යමකුගේ ජන්ම පත්‍රයේ බලවත්ව සිටී නම් ඉහත කී අසුබ ඵල ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක නොවෙන බව මතක තබා ගන්න. ඒ වෙනුවට යහපත උදා කරනු ඇත. මෙම සුබඵල වැඩි වශයෙන් ක්‍රියාත්මක වන්නේ රාශියෙන්ද ශනී බලවත් වූ විටය.

අධ්‍යාපනය හදාරන දුවා දරුවන්ටද තරමක වෙහෙස මහන්සි වී තම අධ්‍යාපන කටයුතුවල නිරතවීමට සිදුවනු ඇත. වෙනදාට වඩා තම අධ්‍යාපන කටයුතු ක්‍රමානුකූලව සිදුකිරීමට හැකි වුවහොත් සාර්ථකත්වයට පත්විය හැකිය.

කෙසේ වෙතත් මෙම සෙනසුරු ග්‍රහයා අපව පාපයෙන් මුදවාගෙන ආගම දහමට අපව යොමු කරවන ග්‍රහයෙක් වෙනවා. අපි පව් කරනකොට අපව දඬුවමට පාත්‍ර කොට ආගම ධර්මය කරා අපව ඇද බැඳ තබා

ගැනීමට සෙනසුරු උත්සාහ කරයි.

සෙනසුරුගෙන් සිදුවන මේ යම් යම් අසුබකාරී තත්ත්වයන් මගහරවා ගැනීමට සෙනසුරාදා දින 07ක්වත් බෝධි පූජා පැවැත්වීම වඩාත් යෝග්‍ය වේ.

ඒ වගේම ගිතෙල් මිශ්‍ර කිරිබතක් අළුයම් කාලයේ පිළියෙල කොට කපුටන්ට ලබාදීම ද ඉතා මහඟු පුණ්‍යකර්මයක් වෙයි.

විෂ්ණු කතරගම දෙවියන්ට පුද පූජා පැවැත්වීම , භාරහාර වීම, සෙත්කවි සාදවා කීම තුළින් ද මෙම අපලකාරී තත්ත්වයන් මගහරවා ගැනීමට හැකිවනු ඇත.

ඉහත සඳහන් වත් පිළිවෙත් ඉටු කරමින් යුක්ති ධර්මයට අනුකූලව ජීවත් වීමෙන් යහපත් වාතාවරණයක් ඇති කරගෙන සතුටින් ජීවත් විය හැකි වනු ඇත.

ඔබට තිබෙන සියලුම
ග්‍රහ අපල දුරුවී
නිදුක් නිරෝගීව සිටීමට සුදුසු වාතාවරණයක් ගොඩනැගේවා !

තෙරුවන් සරණයි !

ජ්‍යොතිෂ සහ වාස්තුවේදිනි
ජ්‍යොතිෂ්විද්‍යා කීර්ති ශ්‍රී විභූෂණ,
ජ්‍යොතිෂ විද්‍යා ශිරෝමණී,
ආචාර්ය මනෝරී ලෙවන්ගම
”ශ්‍රි ලක්ෂ්මී” ජ්‍යොතිෂ පර්යේෂණ ආයතනය,
බණ්ඩාරවත්ත ගම්පහ.
0718213150 -0705038978

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ඇහැලේපොළ වලව්වෙන් දිස්වන අතීත ශ්‍රී විභූතිය

July 9, 2025

ලන්ඩනයේදී ගුවන් යානයක් කඩා වැටේ

July 14, 2025

ඊළාම් යුද්ධයේ අවසන් පැය කිහිපය ඇසින් දුටු සාක්ෂිකරුවා ඉන්දියානු මාධ්‍යවේදී මුරලි රෙඩ්ඩි

July 9, 2025

රාජ නාගයකු බේරාගත් කේරළ වන නිලධාරිනිය සමාජ මාධ්‍ය කලඹයි

July 8, 2025

රවි කටකයට

July 13, 2025
Related News
අතිරේක විශේෂාංග

ජීවිතයේ දුක නුවණින් වටහා ගනිමු

අතිරේක විශේෂාංග

ආතරයිටිස් සහ රක්තවාතය හඳුනාගනිමු

අකුරු දි​ගේ අතිරේක

නොනැසෙන හඬ මහිමයක ආශ්චර්ය!

අකුරු දි​ගේ අතිරේක

ජීවිතයේ අඳුරු අහුමුළු විවර කරන මෙවලම

අකුරු දි​ගේ අතිරේක

වරදකාරි හෘදය සාක්ෂිය අබියස

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok